අයනික බන්ධන
From Wikipedia, the free encyclopedia
අයනික බන්ධනයක් යනු ස්ථිති විද්‍යුත් ආකර්ෂණ යටතේ කැටායන සහ ඇනායන අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි. එනම් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ආකර්ෂණයෙන් සෑදෙන බන්ධනයක් වේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a8/NaF.gif/320px-NaF.gif)
ලෝහ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් මුදාහරිමින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ධන ආරෝපිත අයන හෙවත් කැටායන සාදයි. මෙසේ ලෝහවලින් ඉවත් කරන ඉලෙක්ට්‍රෝන අලෝහවලට ඇතුළු වී ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත සෘණ ලෙස ආරෝපණය වූ අයනයන් අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ශන බල හේතුවෙන් මෙම අයන එක්වීමෙන් ද බන්ධන සාදනු ලැබේ.
උදාහරණයක් ලෙස සාමාන්‍ය මේසලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් සලකා බැලු විට, සෝඩියම් හා ක්ලෝරීන් එකතු වීමේදී සෑම සෝඩියම් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් ඉවත් කරමින් කැටායන () සාදන අතර සෑම ක්ලෝරීන් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ලබාගනිමින් ඇනායන (
) සාදයි. මෙසේ සෑදුණු අයන එකිනෙක සමග 1:1 අනුපාතයට ආකර්ෂණය වීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) සාදනු ලැබේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a9/Ionic_bonding.png/320px-Ionic_bonding.png)
පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම තාප අවශෝෂක ක්‍රියාවකි. මේ හේතුවෙන් අයන වැඩි ශක්තියක් ලබා ගනී. බන්ධන බිදීමේදීත් හෝ ඉලෙක්ට්‍රෝන එකකට වැඩි ප්‍රමාණයක් එක් කර ගනිමින් ඇනායන සෑදීමේදී ද ශක්ති විපර්යාස සිදුවිය හැකිය. කෙසේ වුවත් අයන එකිනෙකට ආකර්ෂණය වීමේදී ඒවා සතු ශක්තීන් මුක්ත කරයි.
නිදහස් පරමාණුවලට වඩා බැදුනු පරමාණුවල ශක්තිය අඩුවූ විට අයනික බන්ධන ඇති වනුයේ ප්‍රතික්‍රියාවේ සමස්ත ශක්ති විපර්යාසය වාසිදායක නම් පමණි. ශක්ති විපර්යාසය විශාලවත්ම සෑදෙන බන්ධනයේ ප්‍රබලතාවය ද වැඩිවේ. ලෝහවල විද්‍යුත් සෘණතාවය අඩුවීම හා අලෝහවල විද්‍යුත් සෘණතාව වැඩිවීම හේතුවෙන් ලෝහවලින් ඉලෙක්ට්‍රෝන පිටකරගන්නාවූ ද අලෝහ මගින් ඉලෙක්ට්‍රෝන ලබාගන්නා වූ ද ආකාරයේ ප්‍රතික්‍රියාවල ශක්ති වෙනස වඩාත් වාසිදායක වේ.
අයනික බන්ධන තනිව නොපවතී. සෑම අයනික බන්ධනයකම යම් ප්‍රමාණයක් සහසංයුජ හෝ ලෝහක බන්ධන පවතී. පරමාණු දෙක අතර විද්‍යුත් සෘණතා වෙනස විශාලවත්ම බන්ධනයේ අයනික ස්වභාවය ද වැඩිවේ. අයනික සංයෝග විලීන හෝ ද්‍රාවණ තත්වයන්හිදී විද්‍යුතය සන්නයනය කරයි. සාමාන්‍යයෙන් මෙවැනි සංයෝගවල ද්‍රවාංක ඉතා ඉහළ අතර ජලයේ ද්‍රාව්‍ය ලෙස පැවතීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි.