From Wikipedia, the free encyclopedia
කිසියම් අණුවක පවතින මූලද්‍රව්‍ය පරමාණුවක් ඒ වෙතට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව විද්‍යුත් සෘණතාවයයි.
විද්‍යුත් සෘණතාවය සෙවීමට අප බහුලව භාවිතා කරනු ලබන්නේ පෝලිං පරිමාණයයි. පරීක්නාත්මකව නිර්ණය කරන ලද බන්ධන ශක්ති මුල් කරගෙන විද්‍යුත් ඍණතා අගයන් ඉදිරිපත් කර ඇත.ඒ අනුව වැඩිම විද්‍යුත් සෘණතාවයක් ඇත්තේ F ටය.ඒ අගය 4 වේ. ආවර්ථයක් දිගේ පරමාණුක අරය අඩුවන විට බන්ධන ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර ඇති දුර අඩුවේ.එවිට ධන ආරෝපිත න්‍යෂ්ටිය මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ශණය කිරිම වැඩිවේ.ඒ අනුව ආවර්ථයක් දිගේ දකුණට අරය අඩුවන නිසා විද්‍යුත් සෘණතාවය වැඩිවේ. ආවර්ථයක් දිගේ වැඩිම විද්‍යුත් සෘණතාවයක් ඇත්තේ හත්වන කාණ්ඩයට අයත් හැලජන වලය.
කාණ්ඩවල පහළට පරමාණුක අරය විශාල වේ.එවිට බන්ධන ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර දුර වැඩිවන නිසා එම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය දෙසට ආකර්ශණය අඩුවීමෙන් විද්‍යුත් සෘණතාවය අඩුවේ.එම නිසා කාණ්ඩවල පහළට විද්‍යුත් සෘණතාවය අඩුවේ.
ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කිහිපයක විද්‍යුත් සෘණතාව ආසන්න වශයෙන් , H - 2.1 Li - 1 Na - 0.9 Mg - 1.2 K - 0.8 Ca - 1.1 F - 4
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.