දීපා මේහ්තාගේ 1996 චිත්‍රපටය From Wikipedia, the free encyclopedia
ෆයර් යනුවෙන් හැඳින්වෙන්නේ දීපා මේහ්තා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 1996 ඉන්දු-කැනේඩියානු ශෘංගාරාත්මක ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ශබානා ආස්මි සහ නන්දිතා දාස් විසිනි. මෙය මේහ්තාගේ එලිමන්ට්ස් ත්‍රිත්වයට අයත් පළමු චිත්‍රපටයයි; මෙම චිත්‍රපටයෙන් අනතුරුව අර්ත් (1998) සහ වෝටර් (2005) චිත්‍රපට නිර්මාණය විය.
ෆයර් | |
---|---|
අධ්‍යක්ෂණය | දීපා මේහ්තා |
රචනය | දීපා මේහ්තා |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | ගයිල්ස් නට්ජන්ස් |
සංස්කරණය | බැරී ෆැරල් |
සංගීතය | ඒ. ආර්. රහ්මාන් |
Production companies |
|
බෙදාහැරීම | සයිට්ගීස්ට් ෆිල්ම්ස් |
නිකුත්වූ දින |
|
තිර කාලය | 108 මිනිත්තු[1] |
රටවල් |
|
භාෂා |
|
ආදායම | $501,533[2] |
මෙම චිත්‍රපටය දළ වශයෙන් ඉස්මත් චුඝ්තායිගේ 1942 කථාවක් වූ, ලිහාෆ් ("ඇතිරිල්ල") ඇසුරෙන් නිර්මාණය වූවකි.[3] ෆයර් යනු ප්‍රබල වශයෙන් සමලිංගික සබඳතාවයක්, විශේෂයෙන්ම ස්ත්‍රී සමලිංගික සබඳතාවයක් නිරූපිත ප්‍රථම බොලිවුඩ් මුඛ්‍යධාරා චිත්‍රපට අතුරින් එකකි.[4][5] 1998 මෙය ඉන්දියාව තුළ මුදාහැරීමෙන් අනතුරුව, විවිධ ක්‍රියාකාරීන් විසින් මෙම චිත්‍රපටයට එරෙහි විරෝධතා ගණනාවක් සංවිධානය කළ අතර, එය සමලිංගිකත්වය සහ කථා කිරීමේ අයිතිය වැනි මාතෘකා පිළිබඳ මහජන සංවාදයක් ඇතිකිරීමට හේතු විය.[6][7][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.