![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9c/Hema_malini_bhungama1.jpg/640px-Hema_malini_bhungama1.jpg&w=640&q=50)
හේමා මාලිනී
From Wikipedia, the free encyclopedia
හේමා මාලිනී ("හේමා මාලිනී චක්‍රවර්ති") (උපත 16 ඔක්තෝබර් 1948, අම්මන්කුඩි, තමිල් නාඩු, ඉන්දියාව) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියානු නිළියක, අධ්යක්ෂකවරියක, නිෂ්පාදිකාවක, නර්තන ශිල්පිනියක සහ දේශපාලනඥවරියකි.[2] 1963දී ඇය සිය රංගන දිවිය ඇරඹූයේ දෙමළ චිත්‍රපටයක් වූ "ඉදු සතියම්" හි නර්තන ශිල්පිනියකගේ සහාය චරිතයක් නිරූපණය කරමිනි. මාලිනී පළමුවරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ සප්නෝ කා සෞදගර් (1968) තුළ වන අතර, ඇය බොලිවුඩ් චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉන් බොහෝ චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණේ ඇගේ සැමියා වූ ධර්මේන්ද්‍ර සමග හෝ රාජේෂ් ඛන්නා සහ දේව් ආනන්ද් යන නළුවන් සමග ය.[3] මුලින් මාලිනීව ප්‍රවර්ධනය කරන ලද්දේ "සිහින යුවතිය"ක ලෙස වන අතර, 1977දී, එම නාමයම ඇති චිත්‍රපටයක ඇය ප්‍රධාන චරිත නිරූපණය කළා ය.[3] නර්තන දායකත්වයන්ට අමතරව ඇය ප්රහසව මෙන්ම නාට්‍යමය චරිත ද නිරූපණය කොට තිබේ.[4][5][6][7] ඇය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක පෙනී සිට ඇත.[5]
පාම හේමා මාලිනී | |
---|---|
![]() | |
පාර්ලිමේන්තුවේ සාමාජික, ලෝක් සභා | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 16 මැයි 2014 | |
පූර්වප්‍රාප්තිකයා | ජයන්ත් චෞධරි |
පුද්ගලික තොරතුරු | |
උපත | හේමා මාලිනී ආර්. චක්‍රවර්තී 16 ඔක්තෝබර් 1948 (1948-10-16) (වයස 75)[1] අම්මන්කුඩි, තිරුචිරපල්ලි දිස්ත්‍රික්කය, මදුරාසි ජනපදය, ඉන්දියාව |
ජාතිය | ඉන්දියානු |
දේශපාලන පක්ෂය | භාරතීය ජනතා පක්ෂය |
කලත්‍රයා | ධර්මේන්ද්‍ර (වි. 1979) |
දරුවන් | ඊෂා දියොල් අහානා දියොල් |
රැකියාව |
|
Awards | පද්ම ශ්‍රී (2000) |
සිය රංගන දිවිය තුළ මාලිනී හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානයට එකොළොස් වරක් නිර්දේශ වූ අතර, 1972දී එම සම්මානය දිනා ගැනීමට සමත් වූවා ය. 2000දී මාලිනී විසින් දිවියේ එක්වරක් පමණක් පිදෙන ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගත් අතර, ඉන්දියානු රජය විසින් පිරිනමන සිව්වන ඉහළම ජනතා ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.[8] 2012දී, ඉන්දියානු සිනමාවට දැක්වූ දායකත්වය අගයනු වස් ඇයට ශ්‍රීමත් පාදම්පාත් සිංහානියා විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.[9] මාලිනී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය ද උසුලා ඇත. 2006දී, මාලිනීහට දිල්ලියේ භජන් සෝපොරි වෙතින් සංගීත සහ අභිවාහ්‍ය කලා පිළිබඳ සෝපොරි ඇකඩමියේ (සාමාපා) විතස්ත සම්මානය පිරිනැමුණේ ඉන්දියානු සංස්කෘතිය සහ නර්තනය වෙනුවෙන් ඇය සිදුකළ දායකත්ය වෙනුවෙනි. 2013දී, ඉන්දියානු සිනමාව වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය උදෙසා ආන්ධ්‍ර ප්‍රදේශ් රජය විසින් ඇයට NTR ජාතික සම්මානය පරිනමන ලදී.[10]
2003 සිට 2009 දක්වා, මාලිනී පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ රාජ්‍ය සභා සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස තරගවැදුණා ය.[11] 2014දී, මාලිනී ලෝක් සභා සඳහා තේරී පත්වූවා ය. මාලිනී පුණ්‍යාධාර සහ සමාජ සේවා කටයුතු සඳහා ද දායක වී ඇත. මේ වනවිට මාලිනී ක්‍රිෂ්ණා විඥානය සඳහා අන්තර්ජාතික සංගමයේ (ISKCON) ජීවිතාන්තය දක්වා සාමාජිකාවක ද වේ. ඇගේ රංගන දිවිය තුළ ඉහළම සහ සාර්ථකම නිළිය වූයේ ද ඇයයි. ඇගේ රංගන සහ නර්තන කුසලතාව විචාරක පැසසුමට ලක්ව ඇත.