From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයක් වන අතර, එහි දියමත ලිස්සා යෑමට , කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත.
හික්කඩුව Hikkaduwa | |
---|---|
හික්කඩුව වෙරළ තීරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
ජනගහණය | |
• මුළු | 101,342 |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
තැපැල් කේතය | 80240[1] |
වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින හික්කඩුව මහත් වූ සුනාමි ව්‍යසනයකට ගොදුරු විය. එය “2004 ඉන්දියානු සාගර භූ චලනය” නම් වූ, සැතපුම් දහස් ගණනක් එපිටින් ඉන්දුනීසියානු වෙරළ තීරයේ ඇති වූ භූ චලනයක් නිසා ඇති විය. මෙම සුනාමි ව්‍යසනය හේතුවෙන් ඡීවිත දහස් ගණනක් අහිමි විය.
සුනාමි ව්‍යසනයෙන් තමන් සතු සියලු දේ අහිමි වූ පවුල් වලට සහන සේවා යටතේ මහන මැෂින් ලැබුනි. මේ හේතුවෙන් නගරයේ විවිධාකාර වූ ඇඳුම් (කමිස, කලිසම්, ආදී...) මසන සන්නාලියන්(ඇඳුම් මසන්නන්) වර්ධනය විය. එනිසා හවායි කමිස (Hawaiian shirt) ප්‍රිය කරන්නන් ශ්‍රී ලංකාවේදී අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට හික්කඩුව පත්විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.