ෂයින් ඕ ගෝ ක්‍රේසි (කොරියානු: 빛나거나 미치거나; ප්‍රරෝ: බිනගෝනා මිචිගෝනා) යනුවෙන් හැඳින්වෙන්නේ 2015 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ හ්‍යුන් ගෝ-වූන් නැමැති කතුවරයා විසින් ඉහත නාමයෙන්ම ලියන ලද නවකථාවයි. මෙමගින් ගොර්යෝ කුමරකු සහ බල්හේ රාජ්‍යයේ කුමරියක අතර ඇතිවන පෙම් සබඳතාවය නිරූපණය වේ.[1] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජං හ්‍යුක්, ඕ යොන්-සෝ, ලී හා-නුයි සහ ලිම් ජු-හ්වන් යන නළු නිළි පිරිස විසිනි. දකුණු කොරියාවේ MBC නාළිකාව ඔස්සේ 2015 ජනවාරි 19 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව 2015 අප්‍රේල් 7වන දින දක්වා විකාශය කෙරිණි. සඳුදා සහ අඟහරුවාදා දිනවල එරට වේලාවෙන් 22:00ට විකාශය වූ මෙය කථාංග 24කින් සමන්විත විය.[2][3][4][5]

Quick Facts මෙලෙසද හැඳින්වේ, ප්‍රභේදය ...
Thumb
ෂයින් ඕ ගෝ ක්‍රේසි සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේShine or Be Mad
ප්‍රභේදය
  • ඓතිහාසික
  • ප්‍රේම කථා
  • ෆැන්ටසි
මත පදනම්වහ්‍යුන් ගෝ-වූන්ගේ Shine or Go Crazy ඇසුරෙන්
රචනය කලේ
  • ක්වොන් ඉන්-චන්
  • කිම් සුන්-මි
අධ්‍යක්ෂණය කලේ
  • සෝ හ්‍යුං-සුක්
  • යූන් ජි-හූන්
රඟපෑම
  • ජං හ්‍යුක්
  • ඕ යොන්-සෝ
  • ලී හා-නුයි
  • ලිම් ජු-හ්වන්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන24
විධායකනිෂ්පාදක(යෝ)
  • ලී කං-හූන්
  • කිම් ජින්-චුල්
ධාවන කාලයමිනිත්තු 70
නිෂ්පාදන සමාගමමේ ක්වීන් පික්චර්ස්
බෙදාහරින්නාමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනයජනවාරි 19, 2015 (2015-01-19) – අප්‍රේල් 7, 2015 (2015-04-07)
පූර්වගමනය වනුයේPride and Prejudice
අනුගමනය වනුයේSplendid Politics
වෙබ් අඩවිය
Close

ෂයින් ඕ බී මෑඩ් යනුවෙන් ද හඳුන්වනු ලබන මෙම කතාමාලාවේ තිර රචනය සිදු කරන ලද්දේ ක්වොන් ඉන්-චන් සහ කිම් සුන්-මි විසිනි. සෝ හ්‍යුං-සුක් සහ යූන් ජි-හූන් යන අධක්ෂවරු දෙපළ මේ සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වූහ. මිනිත්තු 70ක ධාවන කාලයකින් සමන්විත කථාංගවලින් යුතු මෙහි, විධායක නිෂ්පාදනය සිදු කරන ලද්දේ ලී කං-හූන් සහ කිම් ජින්-චුල් විසිනි. එය මේ ක්වීන් පික්චර්ස් නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් ලෙස සැලකේ‍. ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් රූපවාහිනී කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම කතාමාලාවෙන් පසුව ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් නැමැති ඓතිහාසික රූපවාහිනී කතාමාලාව විකාශය විණි.

කථාපුවත

වං සෝ උපත ලබන්නේ ගොර්යෝ රාජධානියේ කුමරකු ලෙසිනි. නමුත් අනාගත වාක්‍යයක් මගින් කියැවෙන්නේ ඔහු විසින් රාජ්‍යය රුධිර ගංගාවක් බවට පරිවර්තනය කරනු ලබන බව ය. මේ නිසා ඔහුව මාලිගයෙන් ‍පිටුවහල් කෙරෙන අතර, රාජකීය පවුලෙන් ඉවත් කර දැමෙනු ලැබෙයි. රාජ්‍යයේ සිහසුනට නීත්‍යානුකූල උරුමකරු වශයෙන් තමන්ට හිමි වීමට තිබූ තත්ත්වය මෙසේ අහිමි වීම නිසා ඔහු හුදකලා දිවියක් ගත කරයි. වං සෝ මාලිගයෙන් නෙරපා හැරීම හේතුවෙන් ඔහුගේ නීත්‍යානුකූල නොවන අර්ධ සොයුරා වන වං උක් රාජ්‍යයේ බලය සියතට අත් කරගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පෙළෙයි.

ෂින් යූල් යුනවෙන් හඳුන්වන්නේ බල්හේ රාජ්‍යයේ අවසාන කුමරියයි. අනාගත වැකියක් හේතුවෙන් කුඩා වියේ දී ඇය ඇගේම ජනයා අතින් මරණයට පත්වීමට නියමව සිටිය දී ඇය ඉන් මිදෙන්නේ ඉතා අපහසුවෙනි. එම අනාගත වාක්‍යය මගින් කියැවෙන්නේ ඇය "වෙනත් ජාතියක ආලෝකය වනු ඇති" බව ය. ඇය සහ වං සෝ මහත් වූ කැළඹීම් මත විවාහ දිවියට එළැඹේ. ස්වාමි පුරුෂයා සහ භාර්යාව වශයෙන් ක්‍රමයෙන් එකිනෙකාට සමීප වන ඔවුහු දෙදෙනා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නට වෙති.

චරිත නිරූපණය

ප්‍රධාන චරිත

  • ජං හ්‍යුක්, වං සෝ ලෙස (පසුව ග්වංජොං රජු)
  • ඕ යොන්-සෝ, ෂින් යූල් / ගේබොං ලෙස
  • ලී හා-නුයි, හ්වංබෝ යෝ-වොන් ලෙස (පසුව දේමොක් රැජින)
  • ලිම් ජු-හ්වන්, වං උක් ලෙස
  • ලී දොක්-හ්වා, වං සික්-ර්යොම් ලෙස
  • ර්යු ස්‍යුං-‍සූ, ජොංජොං රජු ලෙස
  • නා ජොං-චන්, සේ-වොන් ලෙස

සහායක චරිත

  • කිම් රොයි-හා, ඉයුන්-චුන් ලෙස
  • ෂින් ස්‍යුං-හ්වන්, ගිල්-බොක් ලෙස
  • ජි සූ-වොන්, යූ වැන්දඹු රැජින ලෙස
  • හෝ ජුං-මින්, යැං ග්‍යු-දල් ලෙස
  • කිම් සුන්-යොං, බෙක් ම්යෝ ලෙස
  • ආන් ගිල්-කං, කං-මියුං ලෙස
  • ජුං වූ-ෂික්, ක්‍යුං ලෙස
  • ලී ඉයුන්-සූ, චුන්-ආ ලෙස
  • ජුං ජේ-හ්‍යුං, නා-මූ ලෙස
  • කිම් යොං-සුන්, යොම්-ෂිල් ලෙස
  • කං කි-යොං, වං ෆූං ලෙස
  • පාක් හයුන්-වූ, පාක් සූල් ලෙස
  • කිම් බ්‍යුං-ඔක්, ජි-මොං ලෙස
  • වූ සං-ජොන්, හ්වංබෝ ජේ-ගොං ලෙස
  • සෝ බොම්-සොක්, වං ග්යේ ලෙස
  • කිම් ජින්-හෝ, පාක් සූ-ක්‍යුං ලෙස
  • ලී ජුං-හූන්, යූ ක්වොන්-වූල් ලෙස
  • සොං යොං-ජේ, යූ මොන්-වොන් ලෙස
  • ආන් සුක්-හ්වන්, කිම් ජොං-ෂික් ලෙස
  • චෝයි ජේ-හෝ, හ්වං ග්‍යු-උයි ලෙස
  • කිම් ක්වං-ෂික්, බෙක් චූං-හ්‍යුන් ලෙස
  • ජි ඉයුන්-සුං, වං වොන් ලෙස
  • --- , වං රිම් ලෙස
  • පාක් සොන්-හෝ, වං වි ලෙස
  • යෝ උයි-ජූ, වං ජොං ලෙස
  • ජින් සෝ-යොන්, ග්‍යුම් සුන් ලෙස
  • නා හ්යේ-ජින්, චුන්-ඔක් ලෙස
  • හ්වං ජි-නි, ර්යුං-හ්වා ලෙස
  • නම් ක්‍යුං-යුප්, වං කොන් ලෙස
  • කිම් බුබ්-රේ, ක්වක් සෙන්පති ලෙස

කථාංග ඇගයුම්

More information කථාංගය #, මුල් විකාශන දිනය ...
කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[6] AGB නීල්සන්[7]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
1 ජනවාරි 19, 2015 7.6% 10.1% 7.9% 8.7%
2 ජනවාරි 20, 2015 8.0% 10.4% 8.2% 8.8%
3 ජනවාරි 26, 2015 8.6% 11.9% 9.8% 11.4%
4 ජනවාරි 27, 2015 9.9% 12.7% 10.2% 11.7%
5 පෙබරවාරි 2, 2015 8.4% 11.0% 9.8% 11.8%
6 පෙබරවාරි 3, 2015 9.1% 12.2% 9.4% 10.8%
7 පෙබරවාරි 9, 2015 8.7% 12.2% 9.3% 10.8%
8 පෙබරවාරි 10, 2015 9.4% 12.7% 11.0% 12.3%
9 පෙබරවාරි 16, 2015 9.4% 12.9% 11.2% 13.1%
10 පෙබරවාරි 17, 2015 11.5% 15.7% 10.9% 11.9%
11 පෙබරවාරි 23, 2015 11.5% 15.5% 13.1% 15.1%
12 පෙබරවාරි 24, 2015 12.3% 16.1% 14.3% 16.4%
13 මාර්තු 2, 2015 9.9% 13.4% 11.9% 14.4%
14 මාර්තු 3, 2015 12.4% 16.7% 13.2% 15.4%
15 මාර්තු 9, 2015 10.2% 13.9% 11.6% 13.1%
16 මාර්තු 10, 2015 11.7% 15.6% 12.9% 14.9%
17 මාර්තු 16, 2015 11.3% 14.7% 11.7% 12.9%
18 මාර්තු 17, 2015 11.4% 15.2% 12.9% 14.2%
19 මාර්තු 23, 2015 10.7% 13.9% 11.4% 12.3%
20 මාර්තු 24, 2015 11.4% 14.4% 13.9% 15.3%
21 මාර්තු 30, 2015 11.2% 13.6% 12.1% 13.2%
22 මාර්තු 31, 2015 9.5% 12.2% 10.2% 11.4%
23 අප්‍රේල් 6, 2015 10.8% 13.5% 11.5% 13.1%
24 අප්‍රේල් 7, 2015 11.5% 14.2% 13.0% 14.4%
සාමාන්‍යය9.8%13.5%11.3%12.8%
Close

සම්මාන සහ නිර්දේශ

More information වර්ෂය, සම්මානය ...
වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
20154වන APAN ස්ටාර් සම්මානවිශිෂ්ටකම සම්මානය, මාලානාට්‍යයක නළුවාජං හ්‍යුක්නිර්දේශිත
හොඳම සහාය නිළියලී හා-නුයිනිර්දේශිත
Close

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.