![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/Gray241.png/640px-Gray241.png&w=640&q=50)
ශ්‍රෝණිය
උදරය සහ කලවා පෙදෙස අතර වූ මානව කඳෙහි පහළ කොටස / From Wikipedia, the free encyclopedia
ශ්‍රෝණිය (බහුවචනය ශ්‍රෝණි) යනුවෙන් හැඳින්වෙන්නේ මානව ශරීරයේ කඳෙහි පහළ කොටස හෝ[1] උදරය සහ කලවා අතර පිහිටි ප්‍රදේශය (ඇතැම් අවස්ථාවල කඳෙහි ශ්‍රෝණි පෙදෙස යනුවෙන් ද හඳුන්වයි) හෝ එහි අන්තර්ගත සැකිල්ල[2] (ඇතැම්විට අස්ථිමය ශ්‍රෝණිය, හෝ ශ්‍රෝණි සැකිල්ල ලෙස හඳුන්වයි) හැඳින්වීම පිණිස භාවිතා කරන යෙදුමයි.
Quick Facts ශ්‍රෝණි, තොරතුරු ...
ශ්‍රෝණි | |
---|---|
![]() පුරුෂ ශ්‍රෝණිය | |
![]() ස්ත්‍රී ශ්‍රෝණිය | |
තොරතුරු | |
ලතින් | Pelvic |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.236 |
TA | A01.1.00.017 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b7/Pelvis_RG_MR_CT3d_front_01.jpg/320px-Pelvis_RG_MR_CT3d_front_01.jpg)
කඳෙහි ශ්‍රෝණි ප්‍රදේශයට අස්ථිමය ශ්‍රෝණිය, ශ්‍රෝණි කුහරය (අස්ථිමය ශ්‍රෝණිය මඟින් සෑදෙන කුහරය), සහ එයට පහළින් වූ ශ්‍රෝණි පත්ල, ඊටත් පහළින් පිහිටි අද්‍යෝභගය (perineum) අයත් වේ.[1] ශ්‍රෝණි සැකිල්ල තැනී ඇත්තේ පෘෂ්ඨීයව ත්‍රිකාස්ථිය සහ අනුත්‍රිකාස්ථිය මඟින් අතර, පූර්වව සහ දෙපසින් ශ්‍රෝණි අස්ථි මඟින් එය සීමා වේ.