ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයකි From Wikipedia, the free encyclopedia
2022 ශ්‍රී ලාංකික ජනපතිවරණය යනු ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය සහ රට තුළ මෙතෙක් පැවැති 2 වැනි වක්‍ර ජනාධිපතිවරණයයි. මෙම ජනාධිපතිවරණය පැවැත්වුණේ 2022 ජූලි 20 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වැනිදා ඉල්ලා අස්වීමෙන් පසුවය.ශ්‍රී ලංකාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් එතෙක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ රහස් ඡන්දයකින් ඔහුගේ පූර්වගාමියාගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා තෝරා පත්කර ගන්නා ලදි.[1][2] පසුදින ජනාධිපතිවරණයට පෙර ජූලි 19 වැනි දින පාර්ලිමේන්තුවේදී අපේක්ෂකයන් නම් කරන ලදී.[3][4]
| |||||||||||||||||||||||||
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 99.11% | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
|
රනිල් වික්‍රමසිංහ ඡන්ද 134කින් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ නවවැනි ජනාධිපතිවරයා (අටවන විධායක ජනාධිපතිවරයා) ලෙස තේරී පත් වූණා.[5]දේශපාලන අර්බුදයක් මධ්‍යයේ පැවැත්වුණු ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු වූ අවස්ථාවයි.[a][6]
1981 ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතට අනුව,"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය මගින් සපයා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති ධූරය පුරප්පාඩු වූ විට, පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත යුතුය. ජනාධිපති ධූරයට තේරී පත් වීමටත්, ධූරයෙන් ඉවත් වන ජනාධිපතිවරයාගේ ධූර කාලය නොඉක්මවන කාල සීමාවක් සඳහා නිලතල දැරීමටත් සුදුසුකම් ලබයි."[7][8] එබැවින්, ජූලි 14 වන දින ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු, 2024 නොවැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ රාජපක්ෂගේ ඉතිරි ධූර කාලය සඳහා ආදේශකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට භාර දුන් විය.[9] මෙම ක්‍රියාවලිය මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසිනි. පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධනටද ජනාධිපතිවරණයේදී ඡන්දයක් තිබුණි.[8] ඡන්දය පැවැත්වුණේ රහස් ඡන්දයක් මගිනි.[10]
ජූලි 19 වන දින, පාර්ලිමේන්තුව ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා කැඳවන ලදී.[11]ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නායක දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ මහතා නම් කළ අතර අමාත්‍ය මනූෂ නානායක්කාර එය ස්ථිර කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනුර කුමාර දිසානායක නම් කරන ලදී, එය ස්ථිර කළේ හරිනි අමරසූරිය විසිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩලස් අලහප්පෙරුමගේ නම නම් කරන ලද අතර එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති ජී.එල්. පීරිස්.විසින් ඒ යෝජනාව ස්ථිර කරුණා.[12] පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කළේය.[13]
රහස් ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ජූලි 20 දින පෙරවරු 10:00ට (ශ්‍රී.ලං.ස.වේ.) රැස් විය. සෑම මන්ත්‍රීවරයෙකුටම හිමිවන්නේ එක් ඡන්දයක් පමණක් වන අතර අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිටින විට මනාප ලකුණු කිරීමේ විකල්පයක් සහිතව අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් ඇති කොටුවේ "1" අංකයෙන් ඡන්දය සලකුණු කළ යුතුය.[8]ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු, එක් එක් අපේක්ෂකයා සඳහා වාර්තා වූ ඡන්ද සංඛ්‍යාව ගණනය කරනු ලැබේ. ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අපේක්ෂකයෙකුට ලැබුණහොත්, පාර්ලිමේන්තු මහලේකම්වරයා, අපේක්ෂකයා ජනාධිපති ධුරයට තේරී පත් වූ බව වහාම ප්‍රකාශ කරයි.ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අපේක්ෂකයෙකු නොලැබුනේ නම්, අඩුම ඡන්ද සංඛ්‍යාව ඇති අපේක්ෂකයා තරඟයෙන් ඉවත් කරනු ලැබේ.තරඟයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් සෑම මන්ත්‍රීවරයෙකුටම ඔවුන්ගේ දෙවන මනාපය තිබේ නම්, ඔවුන් අදාළ අපේක්ෂකයාට එකතු කරනු ලැබේ.කිසිදු අපේක්ෂකයෙකු වලංගු ඡන්දවලින් අඩකට වඩා ලබාගෙන නොමැති වුවද, එක් එක් ගණනය කිරීම්වලදී අඩුම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයා තරඟයෙන් ඉවත් කර, ඉතිරි අපේක්ෂකයින්ට දෙවන, තෙවන, ආදියෙන් පසුවද ඡන්ද එකතු කරනු ලැබේ. එසේ කිරීමෙන්, කිසිදු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් ලබාගෙන නොමැති නම්, ඉහත පරිදි ගණන් කිරීම අවසානයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා ජනාධිපති ධූරයට තේරී පත් වූ බව මැතිවරණ නිලධාරියා විසින් ප්‍රකාශ කරනු ලැබේ. එසේම, අපේක්ෂකයින් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අතර ඡන්ද සමාන වන විට, තේරීම් භාර නිලධාරියාගේ තනි අභිමතය පරිදි දිනුම් ඇදීමක් සිදු කෙරේ.[14]
1981 ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතට අනුව,"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය මගින් සපයා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති ධූරය පුරප්පාඩු වූ විට, පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත යුතුය. ජනාධිපති ධූරයට තේරී පත් වීමටත්, ධූරයෙන් ඉවත් වන ජනාධිපතිවරයාගේ ධූර කාලය නොඉක්මවන කාල සීමාවක් සඳහා නිලතල දැරීමටත් සුදුසුකම් ලබයි."[7]ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුප්‍රාප්තිකයෙකු දින 30ක් ඇතුළත තෝරා පත් කර ගැනීම අවශ්‍ය වේ.[1]
දවස | සිදුවීම |
---|---|
14 ජූලි 2022, බ්‍රහස්පතින්දා | ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබී තිබේ. |
15 ජූලි 2022, සිකුරාදා | ගෝඨාභය රාසපක්ෂගේ ඉල්ලා අස්වීම කථානායකවරයා විසින් තහවුරු කරනු ලැබුවා. |
දින හතක් ඇතුළත පාර්ලිමේන්තුව හරහා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගන්නා බව කථානායකවරයා නිවේදනය කළේය. | |
16 ජූලි 2022, සෙනසුරාදා | පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ජනාධිපති ධුරය පුරප්පාඩු වූ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. |
17 ජූලි 2022, ඉරිදා | |
18 ජූලි 2022, සඳුදා | වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුළු රටටම හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. |
19 ජූලි 2022, අඟහරුවාදා | ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේදී නාමයෝජනා කැදවනු ලැබුවා. |
20 ජූලි 2022, බදාදා | පාර්ලිමේන්තුව රහස් ඡන්දයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා ලදී. |
21 ජූලි 2022, බ්‍රහස්පතින්දා | තේරීපත්වූ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දුන්නේය. |
අපේක්ෂකයා | දේශපාලන තනතුර සහ මැතිවරණ දිස්ත්‍රික්කය | ඉදිරිපත් කර දිනය | නම යෝජකයා/ නම ස්ථිර කරේ |
සටහන් | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
ඩලස් අලහප්පෙරුම (63) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
තනතුරක් දරන්නේ නැත ජනමාධ්‍ය අමාත්‍ය (2021–2022) මාතර |
15 ජූලි 2022 | සජිත් ප්‍රේමදාස ජී.එල්. පීරිස් |
සජිත් ප්‍රේමදාස මහතා සිය අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගනිමින් අලහප්පෙරුම මහතාට සහය පළ කළේය.[15] ශ්‍රී.ල.නි.ප., දෙ.ප්‍ර.ස., දෙ.ජා.ස., ස.ලං.මු.කොං., ශ්‍රී.ලං,මු,කොං. සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කොටසක් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට තීරණය කර ඇත. | [16][17][18][19][20] | |
රනිල් වික්‍රමසිංහ (73) එක්සත් ජාතික පක්ෂය |
වැඩබලන ජනාධිපති (15 ජූලි 2022–වර්තමානය) අග්‍රාමාත්‍ය (12 මැයි 2022-වර්තමානය) එක්සත් ජාතික පක්ෂයේ නායකයා (1994 සිට) ජාතික ලැයිස්තුව |
16 ජූලි 2022 | දිනේෂ් ගුණවර්ධන මනූෂ නානායක්කාර |
නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ අංශය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් වික්‍රමසිංහට තම සහයෝගය ප්‍රකාශ කළහ.[21][22][23] | [21] | |
අනුර කුමාර දිසානායක (53) ජනතා විමුක්ති පෙරමුණ |
තනතුරක් දරන්නේ නැත ජනතා විමුක්ති පෙරමුණේ නායක (2014 සිට) කොළඹ |
16 ජූලි 2022 | විජිත හේරත් හරිනි අමරසූරිය |
[24][25] |
අපේක්ෂකයා | දේශපාලන තනතුර සහ මැතිවරණ දිස්ත්‍රික්කය | ඉදිරිපත් කර දිනය | ඉල්ලා අස්කර දිනය | සටහන් | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
සජිත් ප්‍රේමදාස (55) සමගි ජන බලවේගය |
විපක්ෂ නායක (2020–වර්තමානය) සමගි ජන බලවේගයේ නායක(2020 සිට) කොළඹ |
15 ජූලි 2022 | 19 ජූලි 2022 | අලහප්පෙරුමට සහය දුන්නා | [26][15] |
අපේක්ෂක | පක්ෂය | ඡන්ද | % | |
---|---|---|---|---|
රනිල් වික්‍රමසිංහ | එක්සත් ජාතික පක්ෂය | 134 | 61.19% | |
ඩලස් අලහප්පෙරුම | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 82 | 37.44% | |
අනුර කුමාර දිසානායක | ජනතා විමුක්ති පෙරමුණ | 3 | 1.37% |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.