![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/46/Maithripala_Sirisena_%2528cropped%2529.jpg/640px-Maithripala_Sirisena_%2528cropped%2529.jpg&w=640&q=50)
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015
From Wikipedia, the free encyclopedia
ශ්රී ලාංකික ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙකකට පෙර 2015 ජනවාරි 8 වන දින පවත්වන ලදී.[1][2] තනතුරුධාරී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තුන්වන වරට තනතුරට පත්වීමේ බලපොරොත්තුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ ය.[3][4] එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකත්වයෙන් යුත් විපක්ෂ හවුල විසින් මහින්ද රාජපක්ෂගේ රජයේ හිටපු සෞඛ්යය ඇමති හා ශ්රී ලංකා නිදහස් පක්ෂ (ශ්රීලනිප) - එජනිස හි ප්රධාන සංයෝගී පක්ෂය - හිටපු මහලේකම් මෛත්රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ය.[5][6]
Quick Facts ඡන්දය ප්රකාශ කල ප්රමාණය, අපේත්ෂකයා ...
![]() | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ඡන්දය ප්රකාශ කල ප්රමාණය | 81.52% | ||||||||||||||||||
| |||||||||||||||||||
![]() මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්රාහකයෝ ■ – මෛත්රීපාල සිරිසේන ■ – මහින්ද රාජපක්ෂ | |||||||||||||||||||
|
Close
සිරිසේන මහතා මුළු ඡන්ද ප්රමාණයෙන් 51.28% ක් ද රාජපක්ෂ මහතා 47.58% ක් ද ලබා ගැනීමෙන් අනතුරු ව සිරිසේන මහතා ජයග්රාහකයා ලෙස ප්රකාශ කරන ලදී.[7]