![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/64/Red_Ribbon.svg/langsi-640px-Red_Ribbon.svg.png&w=640&q=50)
ලෝක ඒඩ්ස් දිනය
From Wikipedia, the free encyclopedia
සැම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ලෝක ඒඩ්ස් දිනය දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම නැංවීමට කැපකර ඇත. රාජ්‍ය හා සොඛ්‍ය නිලධාරින් විසින් බොහෝවිට ඒඩ්ස් ආශ්රිත මාතෘකා හා බැඳුනු කථා හෝ සමුළු හී සහභාගී වෙමින් මෙම දිනය සමරති. 1995 පටන්, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් ලෝක ඒඩ්ස් දිනයේදී නිල ප්‍රකාශයක් සිදු කෙරේ. අනෙකුත් ජාතීන්ගේ රජයයන් මෙය අනුගමනය කරමින් මේ හා සමාන ප්‍රකාශ නිකුත් කළහ.
ලෝක ඒඩ්ස් දිනය | |
---|---|
![]() HIV-ආසාදිත ජනයා හා ඒඩ්ස් වැලැඳී ජීවත් වන අයවලුන් වෙත සහයෝගිතාවය පළකිරීමේ ගෝලීය සංකේතය වන රතු පීත්තපටිය. | |
Observed by | සියළු එජා සාමාජීක රාජ්‍යයන් |
Date | 1 දෙසැම්බර් |
Frequency | වාර්ෂික |
1981 සහ 2007 අතරතුර මිලියන 25 කට අධික ජනකායක් ඒඩ්ස් රෝගයට ගොදුරු වී මිය ගොස් ඇති අතර,[1] 2007 වන විට ලොවපුරා ඇස්තමේන්තුගත මිලියන 33.2 ජනයා එච්.අයි.වී වැළැඳී ජිවත්වෙමින්,[2] එය ලේඛනගත ඉතිහාසයේ මහත් ව්‍යසනකාරී වසංගත අතුරින් එකක් බවට පත් කර ඇත. ප්රතිරෙට්රොවයිරස ප්‍රතිකාර සහ උවටැන් ලබා දීම සඳහා ලොව බොහෝ ප්‍රදේශයන්හී මෑතදී වැඩිදියුණු කල හැකියාවන් අභිමුඛයේ වුව, ඒඩ්ස් වසංගතය 2007 වසර තුලදී ඇස්තමේන්තුගත මිලියන 2 ක ගොදුරක් ගිල ගෙන ඇති අතර,[3] එයින් 270,000 පමණ කුඩා දරුවන් වෙති. [4]