From Wikipedia, the free encyclopedia
රෝයි යනු 2015 ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ආධුනික අධ්‍යක්ෂක වික්‍රම්ජිත් සිං විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ භූෂන් කුමාර්, ක්‍රිෂාන් කුමාර්, දිව්‍යා ඛෝස්ලා කුමාර් සහ අජේ කපූර් විසින් ෆ්රීවේ පික්චර්ස් යටතේ ය.[3] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අර්ජුන් රාම්පාල් සහ ජැකලීන් ෆර්නැන්ඩස් විසිනි. මෙහි තේමා චරිතය රන්බීර් කපූර් විසින් ද, සෙසු සහාය චරිත ෂේර්නාස් පටෙල්, රාජිත් කපූර් සහ ෂිබානි දණ්ඩේකාර් විසින් ද නිරූපණය කරනු පබයි. අනූපම් ඛේර් ද පසුබිම් රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ සොරකම් සහ මංකොල්ලකෑම් පිළිබඳ රචනය සහ චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදුකරන චිත්‍රපට නිර්මාණකරුවකු පිළිබඳවයි. චිත්‍රපටයේ මංගල දර්ශනය 2015 පෙබරවාරි 12 දින ඩුබායිහි දී ප්‍රදර්ශනය කෙරුණු අතර, 2015 පෙබරවාරි 13 සිට ලොව පුරා පදර්ශනයට මුදාහැරිණි.[4]
රෝයි | |
---|---|
අධ්‍යක්ෂණය | වික්‍රම්ජිත් සිං |
රචනය | වික්‍රම්ජිත් සිං |
නිශ්පාදනය | භූෂන් කුමාර් දිව්‍යා ඛෝස්ලා කුමාර් ක්‍රිෂාන් කුමාර් |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | හිම්මන් ධමීජා |
සංස්කරණය | දීපිකා කල්රා, රජත් අරෝරා |
සංගීතය | ගීත: අංකිත් තිවාරි අමාල් මලික් මීට් බ්‍රොස් අංජාන් පසුබිම් සංගීතය: සන්ජෝයි චෞධරි |
Production company | ටී-සීරීස් |
බෙදාහැරීම | AA ෆිල්ම්ස් වයිට් හිල් ප්‍රොඩක්ෂන්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 147 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | මිලියන 400[1] |
ආදායම | ඇස්ත. මිලියන 560[2] |
කබීර් ගරේවාල් (අර්ජුන් රාම්පාල්) යනු ප්‍රේම සබඳතා ගණනාවක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් චිත්‍රපට නිර්මාණකරුවකු සහ තිර රචකයකු වන අතර, ඔහු සොරුන්ගේ දිවිය සහ සොරකම් පාදක කරගනිමින් චිත්‍රපට ගණනාවක් (GUNS තුන් ඈඳුතු චිත්‍රපට) නිර්මාණයෙහි නියැළෙයි. ඔහුගේ සියලුම චිත්‍රපට අතිශයින් සාර්ථකත්වයට පත්වේ. චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය රූගත කිරීම සඳහා ඔහු මැලේසියාව වෙත යන අතර, එහි දී ඔහුට ලන්ඩන් මූලික කරගත් චිත්‍රපට නිර්මාණකාරිණියක වන අයේෂා (ජැකලීන් ෆර්නැන්ඩස්) මුණගැසෙයි. මිතුරන් බවට පත්වන කබීර් සහ අයේෂා නොබෝ කලකින්ම පෙම්වතුන් බවට පත්වෙති. නමුත් කබීර්ගේ පෙම් සබඳතා පිළිබඳ දැනගන්නා විට අයේෂා ඔහුව අත්හැර ලන්ඩන් වෙත පැමිණෙයි. මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් කම්පනයට පත්වන කබීර් නැවත මුම්බායි වෙත පැමිණෙන්නේ සිය චිත්‍රපටයේ කටයුතු අවසන් නොකරමිනි. ප්රයත්න කිහිපයකට පසු, චිත්‍රපටයට උච්චතම දර්ශනයක් සොයාගැනීමට කබීර් අපොහොසත් වේ. ඇගේ සහායිකා මීරාගේ (ෂර්නාස් පටෙල්) යෝජනාවක් අනුව, කබීර් චිත්‍රපට උළෙලකට සහභාගී වන්නේ ජූරි සභිකයකු ලෙසයිත එහි දී අයේෂාගේ චිත්‍රපට තිරගත වේ. කබීර් තමන් පසුපස පැමිණෙන්නේ යැයි සිතන අයේෂා ඔහුට සිය දිවියෙන් ඈත්ව සිටින ලෙස පවසයි. ඔහුගේ පියාගේ (අනූපම් ඛේර්) මරණින් පසු චිත්‍රපටයේ අනග්රාහකයින් විදික් ඔහුට නඩු පවරයි. මේ නිසා කබීර් සිය චිත්‍රපටය සම්පූර්ණ කිරීමට තීරණය කරයි.
කබීර්ගේ Guns 3 චිත්‍රපටයේ මනඃකල්පිත චරිත ඇතුළත් විකල්ප කථාපුවතක කුප්‍රකට රෝයි (රන්බීර් කපූර්) නම් අද්භූත ජාත්‍යන්තර කලා කෘති සොරකු ඇතුළත් ය. මෙ තැනැත්තාගෙන් මිදීමට කිසිදු රටක් අසමත් වන අතර, රහස් පරීක්ෂක වාඩියා (රාජිත් කපූර්) ද ඔහුව ඇල්ලා ගැනීමට අපොහොසත් වේ. සිය නව රාජකාරිය ලෙස රෝයි නොදන්නා ස්ථානය්ක වෙත යන්නේ එහි වූ අගනා සිතුවමක් සොරකම් කිරීමටයි. එහි දී ඔහුට එහි හිමිකාරිණිය රූමත් ටියා (මෙම චරිතය නිරූපණය කරන්නේ ද ජැකලීන් ෆර්නැන්ඩස් විසිනි) බව දැනගන්නට ලැබෙයි. ටියා දිවිගෙවන විශාල මන්දිරය තුළ සිතුවම තැන්පත් කොට ඇත. මේ නිසා රෝයි ටියා සමග මිතුරු වීමට සිතා කලා වෙන්දේසියකට සහභාගී වන අතර, එහි දී ඇය විමතියට පත්වෙයි. ඔවුන් දෙදෙනා එක්ව කාලය ගතකරන අතර, රෝයි හට මන්දිරයට පිවිසීමට අවස්ථාව හිමි වේ. නියම අවස්ථාව එළඹෙන තෙක් බලා සිටි රෝයි එක් රාත්‍රියක සිතුවම ද රැගෙන පලා යයි. ටියා ඉමහත් දොම්නසට පත්ව සිටියි. පසුව රෝයි පසුතැවිලි වන්නේ තම්න පැබැවින්ම ටියාට පෙම්කරන බව වටහා ගැනීමෙනි. මේ නිසා සිතුවම ඇයට නැවත භාරදීමට ඔහු තීරණය කරයි. චිත්රයේ නව හිමිකරු සමග කුඩා ගැටුමකින් පසුව, රෝයි එය නැවත ලබාගැනීමට සමත් වේ. සිතුවම ලබාගැනීමෙන් පසුව, රෝයි වෙනස් වී ඇති බව වටහා ගන්නා ටියා ඔහුට සමාව ලබා දෙයි.
මේ අතර, කබීර්ගේ චිත්‍රපටය වන Guns 3 මුදාහැරෙන අතර, එය අතිශයින් සාර්ථකත්වයට පත්වේ. අවසානයේ කබීර් අයේෂාට විවාහ යෝජනාවක් ගෙන එන අතර, ඔවුන් දෙදෙනා යළි එක් වන්නේ කබීර්ගේ චිත්‍රපටයේ රෝයි සහ ටියා සේ ය. චිත්‍රපටය අවසන් වන්නේ රෝයි සහ ටියා සොරකම් කෙරුණු සිතුවමට සමාන පාලමක් මත ඇවිද යන දර්ශනයෙනි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ 40 කෝටි (US$6.2 මිලියන) අයවැයක් සහිතව වන අතර, මෙයට 30 කෝටි (US$4.7 මිලියන)ක නිෂ්පාදන සහ 10 කෝටි (US$1.6 මිලියන)ක P&A වියදමක් ඇතුළත් විය. චන්ද්‍රිකා අයිතීන් මගින් චිත්‍රපටය 25 කෝටි (US$3.9 මිලියන)ක ආදායමක් උපයාගත් අතර, සංගීත අයිතීන් මගින් 6 කෝටි (US$940,000) සහ විදෙස් ප්‍රදර්ශන අයිතීන් මගින් 6 කෝටි (US$940,000)කඅආදායමක් ද උපයාගෙන ඇත.[5]
චිත්‍රපටයේ ට්‍රේලරය 2014 දෙසැම්බර් 17 දින මුදාහැරිණි. මෙය පැය 24ක් ඇතුළත යූටියුබ් ඔස්සේ මිලියන 1කට අධික පිරිසක් විසින් නරඹා තිබිණි. බිග් බොස් සහ කොමඩි නයිට්ස් විත් කපිල් වැනි සුප්‍රකට රියැලිටි වැඩසටහන්වල දී චිත්‍රපටය ප්‍රවර්ධනය කෙරිණි.
ඉන්ඩියන් එක්ස්ප්‍රස් චිත්‍රපට විචාරකයා විසින් චිත්‍රපටයට ලබාදුන්නේ තරු පහෙන් 0.5ක් පමණක් වන අතර, ඔහු ප්‍රශ්න නැගූයේ "මෙවැනි චිත්‍රපටයක රන්බීර් කපූර් සිදු කරන්නේ කුමක් ද?" යනුවෙනි.[6] ibnliveහි රජීව් මසාන්ද් මෙයට තරු එකක් පමණක් ලබාදෙමින් පැවසූයේ "චිත්‍රපටය අලස අයුරින් කොර ගසමින් යන අතර, අනුමාන කළ හැකි වෙළුණු අවසානයක් සහිතව එය ඇද වැටේ."[7]
රෝයි | |
---|---|
ධ්වනිපථ ඇල්බමය ,
| |
මුදාහැරුණේ | 9 ජනවාරි 2015 |
ගණය | වෘත්තාන්ත චිත්‍රපට ධ්වනිපථය |
දිග | 34:48 |
ලේබලය | ටී-සීරීස් |
රෝයිහි ගීත නිර්මාණය සිදුකොට ඇත්තේ අංකිත් තිවාරි, මීට් බ්‍රොස් අංජාන් සහ අමාල් මලික් විසිනි. එහි පද රචනය සිදු කරන ලද්දේ, කුමාර්, සංදීප් නාත් සහ අභේන්ද්ර කුමාර් උපධ්‍යායි විසිනි. චිත්‍රපටයේ සංගීත අයිතීන් ටී-සීරීස් විසින් අත් කරගන්නා ලදී. සන්ජෝයි චෞධරි විසින් චිත්‍රපට ස්වර ලිපි නිර්මාණය සිදුකළේ ය.
පළමු කේවලය වූ, අරිජිත් සිං, ආදිති සිං ෂර්මා විසින් ගයන සහ අමාල් මලික් විසින් සංගීත නිර්මාණය කළ "සූරජ් දූබා හේන්" ගීතය 2014 දෙසැම්බර් 22 දින මුදාහැරිණි. සම්පූර්ණ ඇල්බමයම ඩිජිටලීකෘත අයුරින් මුදාහරුණේ 2015 ජනවාරි 9 දින ය.[8] මෙහි අමතර Remix EP එකක් 2015 ජනවාරි 27 දින මුදාහැරිණි.[9]
රෝයි (නියම සල රූ ධ්වනිපථය) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ගායක(යින්) | කාලය | ||||
1. | "සූරජ් දූබා හේන්" | කුමාර් | අමාල් මලික් | අරිජිත් සිං, ආදිති සිං ෂර්මා | 4:24 | ||||
2. | "තු හේ කි නහී" | අභේන්ද්ර කුමාර් උපධ්‍යායි | අංකිත් තිවාරි | අංකිත් තිවාරි | 5:33 | ||||
3. | "චිටියාන් කලයියාන්" | කුමාර් | මීට් බ්‍රොස් අංජාන් | කණිකා කපූර්, මීට් බ්‍රොස් අංජාන් | 4:05 | ||||
4. | "යාරා රේ" | සංදීප් නාත් | අංකිත් තිවාරි | කේකේ | 4:57 | ||||
5. | "බූන්ඩ් බූන්ඩ්" | අභේන්ද්ර කුමාර් උපධ්‍යායි | අංකිත් තිවාරි | අංකිත් තිවාරි | 5:21 | ||||
6. | "තු හේ කි නහී (Unplugged)" | අභේන්ද්ර කුමාර් උපධ්‍යායි | අංකිත් තිවාරි | තුල්සි කුමාර් | 5:34 | ||||
7. | "සූරජ් දූබා හේන් (ප්‍රභේදය 2)" | කුමාර් | අමාල් මලික් | ආදිති සිං ෂර්මා, අරිජිත් සිං | 4:24 | ||||
සම්පූර්ණ දිග: |
34:48 |
රෝයි Remix - EP | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ගායක(යින්) | කාලය | ||||
1. | "සූරජ් දූබා හේන් (Remix)" | කුමාර් | අමාල් මලික් | අරිජිත් සිං, ආදිති සිං ෂර්මා | 4:35 | ||||
2. | "තූ හේ කි නහී (Remix)" | අභේන්ද්ර කුමාර් උපධ්‍යායි | අංකිත් තිවාරි | අංකිත් තිවාරි | 3:25 | ||||
3. | "චිටියාන් කලයියාන් (MBA Swag)" | කුමාර් | මීට් බ්‍රොස් අංජාන් | කණිකා කපූර්, මීට් බ්‍රොස් අංජාන් | 3:31 | ||||
4. | "බූන්ඩ් බූන්ඩ් (Remix)" | අභේන්ද්ර කුමාර් උපධ්‍යායි | අංකිත් තිවාරි | අංකිත් තිවාරි | 4:19 | ||||
5. | "යාරා රේ (Remix)" | සංදීප් නාත් | අංකිත් තිවාරි | කේකේ | 5:19 | ||||
6. | "චිටියාන් කලයියාන් (Electro Mix)" | කුමාර් | මීට් බ්‍රොස් අංජාන් | කණිකා කපූර්, මීට් බ්‍රොස් අංජාන් | 4:39 |
රෝයිහි ගීත විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. Rediff විසින් මෙහි ඇල්බමයට තරු 5න් 4ක් ලබාදෙමින් පවසා ඇත්තේ එය "හැම අතින්ම ජයග්‍රාහකයකු" බවයි.[10] කොයිමොයි විසින් ප්‍රකාශයට පත්කොට තිබුණේ, "සැබැවින්ම දීර්ඝ කාලයකට පසුව, ඔබගේ දුකථනයෙන් සැනසිල්ලේ ඇසීමට තරම් වටිනා ගීත සහිත ඇල්බමයක් නිකුත් වී ඇත. මෙම ඇල්බමය නිසැකවම ඔබගේ ගීත දර්ශකයට ඇතුළත් වේවි."[11]
චිත්‍රපටය ලොව පුරා 58 කෝටි (US$9.0 මිලියන) ක දළ ආදායමක් උපයා ගැනීමට සමත් විය.[12]
සම්මානය | උත්සවයේ දිනය[lower-alpha 1] | ප්‍රවර්ගය | ලාභීන් සහ යෝජිතයින් | නිර්දිෂ්ට කෘතිය | ප්‍රතිඵලය | ආශ්‍රේ. |
---|---|---|---|---|---|---|
ෆිල්ම්ෆෙයාර් සම්මාන | 15 ජනවාරි 2016 | හොඳම සංගීත අධ්‍යක්ෂක | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | දිනාගති | [13] |
හොඳම පද රචකයා | කුමාර් | "සූරජ් දූබා හේන්" | නිර්දේශිත | |||
හොඳම පිළිවැයුම් ගායකයා | අරිජිත් සිං | දිනාගති | ||||
අංකිත් තිවාරි | "තූ හේ කි නහී" | නිර්දේශිත | ||||
GiMA සම්මාන | 6 අප්‍රේල් 2016 | හොඳම චිත්‍රපට ඇල්බමය | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | නිර්දේශිත | [14] |
හොඳම චිත්‍රපට ගීතය | අමාල් මලික්, කුමාර්, අරිජිත් සිං සහ ආදිති සිං ෂර්මා | "සූරජ් දූබා හේන්" | නිර්දේශිත | |||
හොඳම සංගීත අධ්‍යක්ෂක | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | දිනාගති | |||
හොඳම පද රචකයා | කුමාර් | "සූරජ් දූබා හේන්" | නිර්දේශිත | |||
හොඳම පිළිවැයුම් ගායකයා | අරිජිත් සිං | නිර්දේශිත | ||||
හොඳම පිළිවැයුම් ගායිකාව | කණිකා කපූර් | "චිටියාන් කලයියාන්" | නිර්දේශිත | |||
අයිෆා සම්මාන | 26 ජූනි 2016 | හොඳම සංගීත අධ්‍යක්ෂණය | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | දිනාගති | [15] |
හොඳම පිළිවැයුම් ගායිකාව | කණිකා කපූර් | "චිටියාන් කලයියාන්" | නිර්දේශිත | |||
හොඳම පිළිවැයුම් ගායකයා | අරිජිත් සිං | "සූර්ජ් දූබා හේන්" | නිර්දේශිත | |||
මිර්චි සංගීත සම්මාන | 29 පෙබරවාරි 2016 | වසරේ ගීතය | අමාල් මලික්, කුමාර්, අරිජිත් සිං සහ ආදිති සිං ෂර්මා | නිර්දේශිත | [16][17] | |
වසරේ ඇල්බමය | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | නිර්දේශිත | |||
වසරේ ගායකයා | අරිජිත් සිං | "සූරජ් දූබා හේන්" | නිර්දේශිත | |||
වසරේ සංගීත නිර්මාණකරුවා | අමාල් මලික් | නිර්දේශිත | ||||
ශ්‍රාවකයන්ගේ තේරීම වසරේ ඇල්බමය | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | දිනාගති | |||
වසරේ නැගී එන සංගීත නිර්මාණකරු | අමාල් මලික් | "සූරජ් දූබා හේන්" | දිනාගති | |||
වසරේ නැගී එන පද රචකයා | අභේන්ද්ර කුමාර් උපධ්‍යායි | "බූන්ඩ් බූන්ඩ්" | දිනාගති | |||
"තු හේ කි නහී" | නිර්දේශිත | |||||
ස්ක්‍රීන් සම්මාන | 8 ජනවාරි 2016 | හොඳම සංගීත අධ්‍යක්ෂක | අමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන් | රෝයි | දිනාගති | [18] |
ස්ටාර් ගිල්ඩ් සම්මාන | 1 ජනවාරි 2016 | හොඳම සංගීත අධ්‍යක්ෂක | දිනාගති | [19] | ||
හොඳම පද රචක | කුමාර් | "සූරජ් දූබා හේන්" | නිර්දේශිත | |||
හොඳම පිළිවැයුම් ගායකයා | අරිජිත් සිං | නිර්දේශිත | ||||
අංකිත් තිවාරි | "තු හේ කි නහී" | නිර්දේශිත | ||||
හොඳම පිළිවැයුම් ගායිකාව | කණිකා කපූර් | "චිටියාන් කලයියාන්" | නිර්දේශිත | |||
සී සිනේ සම්මාන | 20 පෙබරවාරි 2016 | හොඳම සංගීතය | අමාල් මලික් | "සූරජ් දූබා හේන්" | නිර්දේශිත | [20] |
හොඳම පිළිවැයුම් ගායකයා | අරිජිත් සිං | දිනාගති | ||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.