රුද්‍රමාදේවි (චිත්‍රපටය)
From Wikipedia, the free encyclopedia
රුද්‍රමාදේවි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී මුදාහරුණු ඉන්දියානු තෙලිඟු 3D වීරකථා ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මේ සඳහා පාදක වී ඇත්තේ ඩෙකෑනයේ කාකතීය රාජවංශයේ විසූ ප්රමුඛ රැජිනියක වූ රුද්‍රමා දේවියගේ ජීවන පුවතයි. ඇය ඉන්දියානු ඉතිහාසයේ විසූ අතලොස්සක් වූ රාජ්‍ය කරන රැජිනියන් අතුරින් අයෙකි.[2][3] මෙම චිත්‍රපටය රචනාකරණය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ ගුණසේඛර් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන රුද්‍රමා දේවීගේ චරිතය අනුෂ්කා ෂෙට්ටි විසින් නිරූපණය කරනු ලබයි.[4] මෙහි සෙසු චරිත අල්ලු අර්ජුන්, රානා දග්ගුබාති, වික්‍රම්ජීත් විර්ක්, ක්‍රිෂ්ණම් රාජු, ප්‍රකාශ් රාජ්, සුමන්, නිත්‍යා මෙනන්, බාබා සේගාල් සහ කැතරින් ට්රේසා විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටයේ කථානය සිදුකරන්නේ චිරන්ජීවි විසිනි.[5] චිත්‍රපටයේ නාදපථය සහ පසුබිම් සංගීතය ඉලෛයරාජා විසින් නිර්මාණය කරන ලදී.[6]
රුද්‍රමාදේවි | |
---|---|
![]() මුදාහැරීමේ ප්රවර්ධනයක් | |
අධ්‍යක්ෂණය | ගුණසේඛර් |
රචනය | ගුණසේඛර් |
නිශ්පාදනය | ගුණසේඛර් රාගිනී ගුණා නීලිමා ගුණා යුක්තමුඛී |
රංගන ශිල්පීන් | අනුෂ්කා ෂෙට්ටි අල්ලු අර්ජුන් රානා දග්ගුබාති වික්‍රම්ජීත් විර්ක් ක්‍රිෂ්ණම් රාජු ප්‍රකාශ් රාජ් |
කථනය | චිරන්ජීවි |
සිනෙමාරූපණය | අජයන් වින්සන්ට් |
සංස්කරණය | ශ්‍රීකර් ප්‍රසාද් |
සංගීතය | ඉලෛයරාජා |
Production company | ගුණා ටීම් වර්ක්ස් |
බෙදාහැරීම | ගුණා ටීම් වර්ක්ස් (තෙලිඟු) ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස් (දෙමළ) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 157 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | ![]() |
ආදායම | ඇස්ත. ![]() |
රුද්‍රමාදේවී චිත්‍රපටය ලොව පුරා මුදාහැරුණේ 2015 ඔක්තෝබර් 9 වන දින ය. ඒ හා සමගාමීව චිත්‍රපටයේ හින්දි සහ මලයාලම් බසින් හඬකැවූ ප්‍රභේද ද ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ බසින් හඬකැවූ ප්‍රභේදය[7] මුදාහරින ලද්දේ ඔක්තෝබර් 16 දින ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස් ආයතනය විසිනි.[8] මුදාහැරීමෙන් පසු, මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර හිමිකරගත් අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, කථන ශෛලිය, පසුබිම් සංගීතය සහ අනුෂ්කාගේ රංගන ප්‍රතිභාව විචාරක පැසසුමට ලක් විය. මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ මුල්ම ප්‍රදර්ශන දිනයේ පස්වන වැඩිම ආදායම හිමි කරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය.[9][10][11] මුල් ප්‍රදර්ශන සතිය තුළ එය ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමිකරගත්තේ ය.[12][13][14]