රජත් ටෝකස් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වූයේ රූපවාහිනී ඓතිහාසික නාට්‍ය සඳහා ඔහු දැක්වූ රංගන දායකත්වය හේතුවෙනි. පළමුව ඔහු ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් රූපවාහිනී කතාමාලාවේ පෘථිවිරාජ් චෞහාන්ගේ චරිතය නිරූපණය කළේ ය. අනතුරුව ජෝධා අක්බර් කතාමාලාවේ අක්බර් අධිරාජයාගේ චරිතය නිරූපණය කළේ ය. වඩාත් මෑතක දී ඔහු විසින් චන්ද්‍ර නන්දිනී රූපවාහිනී කතාමාලාවේ චන්ද්‍රගුප්ත මෞර්ය චරිතය නිරූපණය කොට තිබේ.[1]

Quick Facts රජත් ‍ටෝකස්, උපත ...
රජත් ‍ටෝකස්
Thumb
උපත
රජත්‍ ටෝකස්

නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
පුරවැසිබවඉන්දියාව
රැකියාවඉන්දියානු රූපවාහිනී නළුවකු
සක්‍රීය වසර2006 - වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේ
උපන් නගරයමුනිර්කා, නව දිල්ලි, ඉන්දියාව
කලත්‍රයා(යන්)ශ්‍රීස්ති නායියර්
දෙමව්පියන්(s)රාම්වීර් ටෝකස්, ප්‍රමිලා ටෝකස්
Close

මුල්කාලීන දිවිය

රජත් ටෝකස් දිල්ලියේ ආර්. කේ. පුරම්හි හෝප් හෝල් පදනමේ පාසලෙහි අධ්‍යාපනය හදාරා ඇත.[2]

2015 ජනවාරි මස, රජත් වේදිකා රංගන ශිල්පිනියක වන ශ්‍රීස්ති නායියර් සමග විවාහ විය.[3][4]

වෘත්තිය

රජත් සිය රූපවාහිනී රංගන වෘත්තිය ආරම්භ කළේ ඩීඩී නැෂනල් නාළිකාවේ බොංගෝ නම් වැඩස‍ටහනෙනි. ඔහු විසින් එහි දී අශූ නැමැති චරිතය නිරූපණය කරන ලදී. මීට අමතරව ඔහු විසින් ලයිට්හවුස් ෆෝ චිල්ඩ්‍රන්, ජාදුයි චිරාග්, තරංග්, යේ හවායාන් වැනි වැඩසටහන් ගණනාවකට රංගන දායකත්වය සපයා ඇත. අනතුරුව 2005දී සිය පියා සමග මුම්බායි වෙත පැමිණි ටෝකස් හට ඔහුගේ පළමු චරිතය හිමි විය. මෙහි දී ඔහු විසින් සායි බාබා රූපවාහිනී කතාමාලවේ සායි බාබාගේ සොහොයුරා වූ තන්ත්‍යාගේ චරිතය නිරූපණය කරන ලදී.

2006දී සාගර් ආට්ස් ආයතනය විසින් ඔහුව ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් රූපවාහිනී කතාමාලාවේ ලාබාල පෘථිවිරාජ් චෞහාන්ගේ චරිතය සඳහා තෝරාගන්නා ලදී.[5] මෙය රජත්ගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය විය. මෙම චරිතය නිරූපණය වෙනුවෙන් ඔහු සම්මාන කිහිපයක් හිමි කරග්තතේ ය. එහි දී 2007 ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූ අතර, ඔහුට සහ මුග්ධා චපේකාර්හට 2007 ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ දී හොඳම යෝග්‍ය ජෝඩි සම්මානය හිමි විය. මුලින් ඔහුගේ චරිතය කථාංග 3-5 දක්වා පමණක් යොදා ගැනීමට තීරණය වී තිබුණත්, ඔහුගේ රංගන ප්‍රතිභාව සහ ලද ජනප්‍රියත්වය හේතුවෙන් කථාංග 200ක පමණ චරිත නිරූපණයට ඔහුට සිදු විය.

2008දී ඔහු තවත් දැවැන්ත නිර්මාණයක් වූ ධරම් වීර් සමග සම්බන්ධ විය. මෙහි දී ඔහු වීර් නම් චරිතය නිරූපණය කළේ ය. මෙම කතාමාලාවේ ද ඔහුගේ රංගනය ජනාදරයට පාත්‍ර විය.

2010දී, ඒක්තා කපූර් විසින් ඇගේ තේරේ ලියේ කතාමාලාවේ සමාන්තර ප්‍රධාන චරිතයක් සඳහා ටෝකස්ව තෝරාගන්නා ලදී.[6] මෙහි දී ඔහු රොබින්දෝ ගංගුලි නම් චරිතය නිරූපණය කළේ ය. පසුව ඔහු බන්දිනි සහ ‍ෆියර් ෆයිල්ස්: දාර් කි සච්චි තස්විරේන් යන කතාමාලාවල කථාංගික චරිත නිරූපණය කළේ ය.

2012දී, කපුර් විසින් නැවත වරක් ටෝකස්ව ඇගේ ජෝධා අක්බර් සෝප් ඔපෙරාවේ අක්බර් අධිරාජයාගේ චරිතය නිරූපණයට යොදාගන්නා ලදී.[7][8] fමෙම චරිතය නිරූපණය වෙනුවෙන් ඔහු හිමි සම්මානයත්,[9] මාලා නාට්‍යයක හොඳම නළුවා සඳහා ස්ටාර් ගිල්ඩ් සම්මානය,[10] ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා බොරෝප්ලස් ස්වර්ණ සම්මානය (විචාරක),[11] සහ ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය[12] යන සම්මාන හිමි කරගන්නට සමත් විය. මෑතක දී ඔහු විසින් කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ නාගින්ට කතාමාලාවේ කබීර් (ඉච්ඡාධාරී මුගටියා) නම් චරිතය නිරූපණය කරන ලදී.

නිර්මාණ දායකත්වය

More information වර්ෂය, වැඩසටහන ...
වර්ෂය වැඩසටහන චරිතය
2005 සායි බාබා තන්ත්‍යා
2006-2007 ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් ලාබාල පෘථිවිරාජ් චෞහාන්
2008 ධරම් වීර් වීර්
2010 කේෂව් පණ්ඩිත් ලාබාල කේෂව්, මාධව් ශාස්ත්‍රි
2010-2011 තේරේ ලියේ රොබින්දෝ ගංගුලි
2011 බන්දිනි ක්‍රිෂ්ණා (කථාංග 2ක)
2012 ෆියර් ෆයිල්ස්: දාර් කි සච්චි තාස්විරේන් අංකුශ් (කථාංග 1ක)
2013–2015 ජෝධා අක්බර් ජලාලුද්දීන් මොහම්මද් අක්බර්/ අක්බර්
2016 නාගින් කබීර්/ෂබ්බීර් ඔබරෝයි (නේව්ලා)
2016 චන්ද්‍ර නන්දිනි චන්ද්‍රගුප්ත මෞර්ය
Close

සම්මාන

More information වර්ෂය, සම්මානය ...
වර්ෂය සම්මානය ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2007 7වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා (ජනප්‍රිය) ධාර්ති කා වීර් යෝධ පෘථිවිරාජ් චෞහාන් දිනාගති[13]
7වන ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම ළමා නළුවා දිනාගති[14]
ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම චෝටා බච්චා දිනාගති[15]
ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම යෝග්‍ය ජෝඩි දිනාගති[16]
2013 බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා ජෝධා අක්බර් දිනාගති[9]
සී රිෂ්තේ සම්මාන වඩාත් ජනප්‍රිය මුහුණ පිරිමි දිනාගති[17]
සී රිෂ්තේ සම්මාන ප්‍රියතම නායි ජෝඩි දිනාගති[17]
2014 7වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා (විචාරක) දිනාගති[11]
13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා දිනාගති[12]
9වන රෙනෝල්ට් ස්ටාර් ගිල්ඩ් සම්මාන මාලා නාට්‍යයක හොඳම නළුවා දිනාගති[10]
සී රිෂ්තේ සම්මාන ප්‍රියතම ජෝඩි දිනාගති[17]
Close

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.