![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d2/UCLA_School_of_Theater%252C_Film_and_Television_logo.svg/langsi-640px-UCLA_School_of_Theater%252C_Film_and_Television_logo.svg.png&w=640&q=50)
රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය
From Wikipedia, the free encyclopedia
රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය (යූසීඑල්ඒ ටීඑෆ්ටී) යනු, කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (යූසීඑල්ඒ) තුල පිහිටි ශාස්ත්රාල 11 අතරින් එකකි. පෙරමුණෙහි පවතින විශ්වවිද්‍යාලයක් විසින් අදාල ක්ෂේත්‍ර තුන (රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය) එක් පරිපාලනයක් යටතට ගෙන සුසංයෝජනය කල පළමු අවස්ථා වූ බැවින්ම මෙම ශාස්ත්‍රාලයෙහි ඇරඹුම අතිශයින් මූලස්ථම්භන අවස්ථාවක් විය. [1]උපාධි අපේක්ෂක පාඨමාලා බොහෝවිට නාට්‍ය පිළිබඳ ලෝකයේ ඉහළ මට්ටමෙහි පවතින අධ්‍යයනාංශ අතර අනුස්ථිතිය ලබයි.[2]එ.ජ. පුවත් හා ලෝක වාර්තාව අනුව උපාධිධාරී පාඨමාලා සාමාන්‍යයෙන් ජාතික වශයෙන් ඉහළ ස්ථාන තුන අතර අනුස්ථිතිය ලබයි. [උපහරණ ඇවැසිය] ශාස්ත්‍රාලය සතුව ඇති විශිෂ්ඨතම සම්පත් අතර, ගෙෆ්න් නෘත්‍යශාලාව සහ, 2015 වසරෙහිදී එහි 50වන සංවත්සරය සමරණ ලෝකයේ විශ්වවිද්‍යාලයක් සතුව ඇති එවැනි ගණයේ විශාලතම සංරක්ෂිතය වන යූසීඑල්ඒ චිත්‍රපට හා රූපවාහිනී සංරක්ෂිතය වෙති.එක්සත් ජනපදයෙහි මාධ්‍ය කරුණු එකතු අතරින් විශාලතමයන්ගෙන් එකක් මෙම සංරක්ෂිතය තුල වන අතර, එය දෙවන වන්නේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි ලයිබ්‍රරි ඔෆ් කොංග්රස් තුල පිහිටි සංරක්ෂිතයට පමණි. එහි තැන්පත් ගර්භයන් තුල චලන චිත්‍රපට හා රූපවාහිනී කෘති 220,000 කට වඩා ප්‍රමාණයක් සහ ප්රවෘත්ති සේයා පට අඩියාවන් අඩි මිලියන 27 කට වඩා තැන්පත් කර ඇත.
රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය | |
---|---|
![]() | |
සංස්ථාපනය | 1947 |
වර්ගය | පොදු විශ්වවිද්‍යාලය |
පීතෘ ආයතනය | කැලිෆෝනියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස් |
පිහිටුම | ලොස් ඇන්ජලීස් 34.076°N 118.440°W / 34.076; -118.440 |
පීඨාධිපතිවරයා | ටෙරී ස්වෝෂ්ට්ස් |
ශාස්ත්‍රීය කාර්යමණ්ඩලය | 140 |
ශිෂ්‍යයෝ | 315 උපාධිධාරී, 328 උපාධි අපේක්ෂක |
වෙබ්අඩවිය | tft.ucla.edu |
2014 වසරෙහිදී ශාස්ත්‍රාලය සඳහා ඇතුළත් කර ගැනීම, ශිෂ්‍යයන් 631 විය. 2014 ශරත් සෘතුවෙහිදී , ශාස්ත්රාලයට අයැදුම්පත් 4,442 ලැබුණු අතර ඒ අතරින් අයදුම්කරුවන් 346 වෙත (7.8%) ඇතුළත් වීමට අවකාශ ලැබිණි.
පීඨ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් 140 දෙනෙකු විසින් උපාධි අපේක්ෂකයන් 335 සහ උපාධිධාරි ශිෂ්‍යයන් 296 වෙත උගැන්වීම කරන අතර, ගුරුවර ශිෂ්‍ය අනුපාතය 1:5 පමණ වෙයි.