From Wikipedia, the free encyclopedia
මෙරි ආෂිකි තුම් සේ හි (සිංහල: මා ආදරේ ඔබට පමණයි) යනුවෙන් හැඳින්වෙන්නේ 2014 ජූලි 24 දින විකාශය ඇරඹි ඉන්දියානු සෝප් ඔපෙරාවකි. මෙය සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සෑම දිනකම ප.ව. 10:00ට කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බාලාජි ටෙලිෆිල්ම්ස්හි ඒක්තා කපූර් විසිනි. ශක්ති අරෝරා සහ රාධිකා මදන් විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. පොලිමර් ටීවී නාළිකාව ඔස්සේ මෙහි දෙමළ හඬකවන ලද සංසර්කණරය උරවේ උයිරේ ලෙස විකාශය වේ. එසේම ඕදියා බසින් මෝ මානා තෝරි පේන් නම්වූ මෙය කලර්ස් ඕදියා නාළිකාවෙන් විකාශය වේ. ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවුණු මෙම කතාමාලාව සදහටම ඔබ මගේ යන නාමයෙන් විකාශය ඇරඹියේ ටීවී දෙරණ නාළිකාව ඔස්සේ ය.[4] මෙහි අවසන් කථාංගය 2016 පෙබරවාරි 19 දින විකාශය විය.[5]
ප්‍රභේදය | ඉන්දියානු සෝප් ඔපෙරා නාට්‍ය |
---|---|
තැනුවේ | බාලාජි ටෙලිෆිල්ම්ස් |
රචනය කලේ | කථාව සොනාලි ජෆාර් තිරරචනය රිතු ගොයෙල් දෙබස් ධීරාජ් සර්නා සහකාර රචකයින් ප්රියාලි සක්සේනා අරුන්දතී |
අධ්‍යක්ෂණය කලේ | අනිල් වී. කුමාර් රිෂි ත්‍යාගි |
රඟපෑම | ශක්ති අරෝරා රාධිකා මදන් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 446[1] |
නිෂ්පාදක(යෝ) | ඒක්තා කපූර් ශෝභා කපූර්[2] |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
සිනෙමාරූපණය | අශිෂ් ෂර්මා |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 30 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | 576i(SDTV) 1080i(HDTV) |
මුල් ධාවනය | 24 ජුනි 2014 පෙබරවාරි 2016[3] | – 19
වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
ඉෂානි ධනවත් ව්‍යාපාරිකයකුගේ සුළු දියණියයි. ඉෂානිගේ සුළුපියාගේ පවුලේ සේවකයකු වන රන්වීර්, ඉෂානිට ප්‍රේම කරයි. නමුත් ඔහු ඇගෙන් මිත්‍රත්වයකට වැඩි යමක් බලාපොරොත්තු නොවේ. මේ නිසා ඔහු ඇයව චිරාග් හා මිත්‍ර කරවයි. ඉෂානිගේ සොයුරිය වන දිශා රන්වීර්ව වරදට පොළඹවා ගැනීමට තැත් කළ ද, රන්වීර් ඇයව ප්‍රතික්ෂේප කරයි. මේ නිසා සිය මිත්තණියගේ උපදෙස් පරිදි ඇය රන්වීර් තමන්ට අතවර කළේ යැයි චෝදනා නගයි. ඉන් පසුව, හෙළිවන්නේ රන්වීර් ඉෂානිට පෙම් කරන බවයි. නමුත් ඔහු තමන්ට ආලය කරන්නේ තණ්හාව නිසා යැයි වරදවා වටහාගන්නා ඉෂානි ඔහුට වෛර කරයි. ඔහුව සිරභාරයට පත්වේ.
වර්ෂ දෙකකට පසු, රන්වීර් සිරෙන් නිදහස් වන අතර ඔහු සාර්ථක ධනවත් ව්‍යාපාරිකයකු වන RV බවට පත්වේ. මේ අතර ඉෂානිගේ සුළු පියාගේ මරණින් පසු ඇගේ පවුල මුදල් අතින් දුෂ්කර තත්ත්වයකට පත්ව සිටියි. ඔවුනට වෙන්දේසියට යොමුවී ඇති සිය බංගලාව බේරාගැනීමට ද සටනක නිරත වීමට සිදුවේ. විවාහ දිනයේ චිරාග් ඉෂානිව අත්හැරීමෙන් පසු ඇගේ පවුල නඩුව පරාද වන විට රන්වීර් එම මන්දිරය මිලයට ගනියි. රන්වීර් සමග විවාහ ගිවිසගත් රිතිකාගේ විවාහය ද එදිනටම යෙදී ඇත. රිතිකා තමන් වෙනුවට ඉෂානිව විවාහ කරගන්නා මෙන් රන්වීර්ට පවසයි. විවාහයෙන් පසු ඉෂානි රන්වීර් වෙත ළං වන අතර, රන්වීර් ඇයව සතුටින් තබන්නට උත්සාහ ගනියි. අවාසනාවට, චිරාග් යළි පැමිණ විවාහක යුවළ අතර වැරදි වැටහීම් ඇති කරවයි. නමුත් පසුව ඉෂානි රන්වීර්ගේ ප්‍රේමය නැවත දිනාගන්නට සමත් වෙයි. රිතිකා සහ ඉෂානිගේ මස්සිනා වන ෂාමන් අතර විවාහය තීන්දු වේ. නමුත් රිතිකාගේ පියාගේ මරණයත් සමග ෂාමන් විවාහය අවලංගු කරන්නේ රිතිකා ගැබිනියක වීම නිසාවෙනි. හුදකලා පෙදෙසක චිරාග් සහ රන්වීර් අතර සටනක් ඇතිවෙයි. ඉෂානි එතැනට පැමිණෙන විට චිරාග්ගේ නිසල දේහය රන්වීර්ගේ දෙපාමුළ තිබෙනු ඉෂානි දකියි. මිනීමරුවා රන්වීර් යැයි සිතන ඉෂානි එහි වරද තමන් හට පවරා ගනියි. ඇයව සිරභාරයට ගැනෙන අතර, මරණ දඬුවම නියම වේ.
මාස හයකට පසු, ඉෂානි මියගොස් ඇති බවට සැවොම විශ්වාස කරති. නමුත් රිතිකා සහ රන්වීර්ගේ මිතුරා වන නීතිඥ ෂිඛර් මෙහ්රා ඉෂානිගේ දිවි බේරයි. රිතිකා රන්වීර්ගේ භාර්යාව ලෙස වඝේලා පවුලේ දිවිගෙවයි. ඉෂානි තමන්ට පෙම් කරන ෂිඛර් සමග ජීවත් වේ. මඳ කලෙකින්, ඉෂානි ජීවත්ව සිටින බව සැවොම දැනගනිති. රන්වීර් ෂිඛර්හට පවසන්නේ ඉෂානි සිය භාර්යාව බවයි. නමුත් ඉෂානි ෂිඛර්ට පවසන්නේ තමන් රන්වීර්ව හැර ආ බවයි. ඇය තවමත් රන්වීර්ට පෙම්කළත්, රිතිකාගේ දරුවාගේ පියා රන්වීර් යැයි විශ්වාස කරන හෙයින්, රන්වීර් තමන් වෙත පැමිණීම වැළැක්වීමට ඇය ෂිඛර් සමග විවාහ වීමට තීරණය කරයි. රන්වීර් ෂිඛර්හට ඉෂානි සමග විවාහ නොවන ලෙස පවසන්නේ ඇය වෛශ්‍යාවකැයි සිතමිනි. නමුත් ඉෂානි මෙම විවාහයට සැබෑ හේතුව ෂිඛර්ට සැලකරයි. මේ අතර ඉෂානිගේ මව වන ෆල්ගුනි මියයන අතර, එම නිසා ඇගේ පවුල ෂිඛර්ගේ නිවසට පැමිණෙයි. එහිදී හෙළිවන්නේ රිතිකාගේ දරුවාගේ පියා ෂාමන් නොව චිරාග් වන බවයි. රිතිකා විසින් චිරාග්ව මරාදමා ඇත්තේ ඔහු ඇයව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කොට දරුවාට ඔහුගේ නාමය ලබා දීමට අකමැති වූ හෙයිනි. මේ බව ඉෂානි දැනගනියි. රිතිකාගේ සත්‍යය හෙළිකිරීමේ අරමුණින් ඇය වඝේලා පවුල වෙතට පැමිණෙන්නේ ඇගේ මතකය නැතිව ගොස් ඇති බව අඟවමිනි. රිතිකා සහ රන්වීර්ගේ විවාහය අවලංගු කිරීමට සිදුවන්නේ ෂිඛර් විසින්, රන්වීර්ගේ සහ ඉෂානිගේ විවාහය තවමත් කටුගා නොමැති බව පැවසීම නිසායි. පොරොන්දු වූ පරිදි ෂිඛර් වෙත නොයන ඉෂානි සිය විවාහ දිවිය ගතකරයි. රිතිකා ඉෂානිව ඝාතනය කරවීමට ඝාතකයකු යොදවයි. නමුත් අනතුරකින් ඉෂානි වෙනුවට රිතිකාම ඝාතකයාගේ වෙඩිපහරට ලක්වීමෙන් ඇගේ දරුගැබ ගබ්සා වේ. ඇය තමන්ව මරාදැමීමට තැත් කළ බව පවසමින් ඉෂානිව හසු කරන්නට උත්සාහ දරයි. නමුත් ඉෂානිව ඝාතනයට තැත් කිරීම වෙනුවෙන් ඉෂානිගේ ඥාති සොහොයුරා වන දේවාර්ශ් හසු වේ. රන්වීර් හැඟීම්බර අයුරින් ඉෂානිව දික්කසාද කරන්නේ රිතිකාව විවාහ කරගනු පිණිසයි. රන්වීර් රිතිකා සමග විවාහ වේ. නමුත් අවසානයේ, රිතිකාගේ සත්‍යය ඔහු විසින්ම අනාවරණය කරගැනීමත් සමග ඉෂානි පිළිබඳ විශ්වාසය යළි ගොඩනැගේ. රිතිකා ද්විත්ව ඝාතනයක් වෙනුවෙන් සිරභාරයට පත්වේ. චිරාග් මෙන්ම ෆල්ගුනිව ද ඝාතනය කර තිබුණේ ඇය විසිනි. රන්වීර් වෙත යාම පිණිස ඉෂානි ෂිඛර් හැර යයි. නමුත් ඔවුන්ගේ දික්කසාදය තවමත් පවතියි.
තවත් මාස හයකට පසු රන්වීර් සහ ඉෂානි විවාහ වේ. නමුත් වසර ගණනාවක සිට නොදැන සිටි තිබූ රන්වීර්ගේ නිවුන් සොයුරා වන මිලන් යළි පැමිණෙන්නේ සිය පවුලෙන් පලිගැනීමටයි. මිලන්ගේ දෙමව්පියන් ඔහුව කුඩාකල ධනවත් පවුලකට අලෙවි කොට තිබුණේ රන්වීර්ගේ රෝගය සුවකරගැනීමටයි. චිරාග්ගේ සොයුරිය වන නිමිෂා මිලන් පිළිබඳ හෙළිකරන්නට උත්සාහ ගනියි. නමුත් සියදිවි හානි කරගැනීමට පෙර මිලන්, නිමිෂා සහ ෂාමන්ව මරාදමන්නේ එම වරදට රන්වීර්ව හසු කරමිනි.
මාස හයකට පසු, ඉෂානි රිතිකාගේ මිතුරකු වන නිර්භයි සිං අහ්ලාවත් සමග ව්‍යාජ විවාහයක් අරඹයි. නිර්භයි හර්යානාහි සාර්ථක ව්‍යාපාරිකයෙකි. නිර්භයි රන්වීර්ට වෛර කරන්නේ ඔහුගේ පළමු භාර්යාව ඔහු විසින් මරාදැමූයේ යැයි සිතමිනි. ඔහු ඉෂානිට ද බැනවදියි. රන්වීර් නිර්භයිගේ සොයුරිය වන නෛනා සමග විවාහ ගිවිස ගනියි. නමුත් නිර්භායිගේ නිවසේ ප්රේමාලිගංනයේ යෙදෙමින් සිටිය දී ඉෂානි සහ රන්වීර් හසුවේ. අනතුරුව නිර්භයිගේ වැරදි වැටහීම නැතිව යන අතර, ඔහු ඉෂානි සහ රන්වීර්ව යළි එකතු කරයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.