From Wikipedia, the free encyclopedia
බාලාජි ටෙලිෆිල්ම්ස් යනු නළු ජීතේන්ද්‍ර හිමිකාරීත්වය දරන ඉන්දියානු සමාගමකි. මෙමගින් විවිධ ඉන්දියානු භාෂාවලින් ඉන්දියානු සෝප් ඔපෙරා, රියැලිටි ටීවී, ප්‍රහසන, ක්‍රීඩා වැඩසටහන්, විනෝදාස්වාද සහ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි. 1997 සිට 2006 දක්වා බාලාජි සහ වයිට් ලීෆ් ප්‍රොඩක්ෂන්ස් අතර හවුල්කාරීත්වයක් පැවතිණි.
වර්ගය | මහජන |
---|---|
ප්‍රභේදය | විනෝදාස්වාදය |
ස්ථාපිතය | 1994 |
ප්රාරම්භක | ජීතේන්ද්‍ර |
මූලස්ථානය | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
සේවා සරිය | ඉන්දියාව |
ප්‍රධාන පුද්ගලයන් | ඒක්තා කපූර් ශෝභා කපූර් තුෂාර් කපූර් |
කර්මාන්තය | විනෝදාස්වාදය |
නිෂ්පාදිතයන් | රූපවාහිනී වැඩසටහන්, සල රූ |
ආදායම | 4.2544 බිලියන (US$66 මිලියන) (2014) |
මෙහෙයුම් ආදායම | 4.0746 බිලියන (US$64 මිලියන) (2014) |
ශුද්ධ ආදායම | 0.10 බිලියන (US$1.6 මිලියන) (2014) |
කොටඨාශ | 3 |
උපාංගයන් | බාලාජි මෝෂන් පික්චර්ස් ALT ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් BOLT මීඩියා ලිමිටඩ් |
වෙබ්අඩවිය | balajitelefilms.com |
විකුණනු ලබන්නේ | සැකිල්ල:BSEසැකිල්ල:NSE BSE SENSEX Constituent CNX Nifty Constituent |
බාලාජි ටෙලිෆිල්ම්ස් ප්‍රවර්ධනය කරනු ලබන්නේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් වන අතර එය බොම්බේ කොටස් වෙළඳපොල සහ ඉන්දියාවේ ජාතික කොටස් වෙළඳපොල තුළ ලැයිස්තුගත මහජන සමාගමකි. එහි නිර්මාණ අතරට[1][2][3][4][5] ක්‍යුන්කි සාස් භි කබි බාහු ති, කහානි ඝාර් ඝාර් කී, කසෞතී සින්දගී කේ, කාහින් කිසී රොස්, කහීන් තෝ හෝගා, කොහි අප්නා සා, කුසුම්, කුටුම්බ්, කසම් සේ, පවිත්‍ර රිෂ්තා[6][7][8], බඩේ අඡේ ලග්තේ හේන්[9][10][11], ඉත්නා කරෝ නා මුජේ ප්යාර්[12], ප්යාර් කී යේ ඒක් කහානි, මෙරි ආෂිකි තුම් සේ හි, පවිත්‍ර බන්ධන්, යේ හේ මොහබ්බතයින්[13][14][15] , කුංකුම් භාග්‍යා[16][17], නාගින්, බ්රහ්මරාක්ෂස්, කසම් තේරේ ප්යාර් කි, චන්ද්‍ර නන්දිනී[18][19] සහ පර්දේස් මේන් හේ මේරා දිල් වැනි කතාමාලා අයත් වේ.
1994 නොවැම්බර් 11 දින මුම්බායිහි දී ඒක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් 'බාලාජි ටෙලිෆිල්ම්ස් ප්‍රයිවට් ලිමිටඩ්' ලෙස ලියාපදිංචි කෙරුණු මෙම සමාගමේ පරමාර්ථය කතාමාලා සහ විනෝදාස්වාද අංග වැනි රූපවාහිනී මෘදුකාංග නිර්මණය කිරීමයි. ආකෘතික වැඩසටහන්කරණය සඳහා ප්‍රවීණයන් වන මෙම සමාගමේ නිර්මාණ ලොව පුරා විවිධ භාෂාවලට ද අනුවර්තනය වේ. මෙහි වැදගත් සන්ධිස්ථානයක් වන ක්‍යුන්කි සාස් භි කභි බාහු ති කතාමාලාව සියලු ඉන්දියානු සෝප් ඔපෙරා සඳහා මූලාදර්ශයක් වෙමින් ඉන්දියානු රූපවාහිනිය සඳහා ස්වර්ණමය යුගයක් උදාකළේ ය. සෙසු නිදසුන් අතරට කහානි ඝාර් ඝාර් කී, කසෞතී සින්දගී කේ, කාහින් කිසී රොස්, කහීන් තෝ හෝගා, කුසුම්, කුටුම්බ්, කොහි අප්නා සා, කසම් සේ, පවිත්‍ර රිෂ්තා, පරිචේ, යේ හේ මොහබ්බතයින් (මෙය ඉන්දියාව පුරා විවිධ භාෂාවලින් හඬකැවීම සහ ප්‍රතිනිර්මාණය සිදු විය), බඩේ අඡේ ලග්තේ හේන්, ක්යා හුවා තෙරා වාඩා, සහ ජෝධා අක්බර් අයත් වේ. මෑතක දී මෙම සමාගම සෝනි ටීවීහි බොක්ස් ක්‍රිකට් ලීගය වැනි රියැලිටි වැඩසටහන් නිර්මාණය කෙරෙහි උනන්දු වී ඇත.
2000 පෙබරවාරි 29 දින බාලාජි මහජන සමාගමක් ලෙස නීතිගත කෙරිණි. 2000 අප්‍රේල් 19 දින එහි නම 'බාලාජි ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්' ලෙස වෙනස් කෙරිණි.[20] මෙම සමාගම 10 සම කොටස් 28,00,000ක් 120ක අධි මිලට නිකුත් කිරීමෙන් කෝටි 36.40ක් රැස් කොටගෙන ඇත.[20] එම වර්ෂයේම, නයින් බ්‍රෝඩ්කාස්ටිං ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ් අතිරේකී පූර්ණ හිමිකාරීත්වය දරන 'නයින් නෙට්වර්ක් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ්' සමාගම බාලාජි ටෙලිෆිල්ම්ස් ලිමිටඩ් සමග සම්බන්ධ විය.[20] 2000-2004 කාලයේ කොටස් වෙළඳපොල ප්රාග්ධනායනය දහසය ගුණයකින් වර්ධනය වී කෝටි 571ක අගයයක් වාර්තා කළ අතර, 'ස්ටාර් ඉන්ඩියා' ව්‍යාපාරයේ 21%ක් අවස්ථා තැන්පතු කොට තිබිණි.
2007ද, මෙම සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත බාලාජි මෝෂන් පික්චර්ස් අතිරේක සමාගම නීතිගත කළේ ය. එමගින් බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය සිදුවේ. 2010දී මෙම සමාගම විසින් ALT එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ් නීතිගත කරන ලදී. එය චිත්‍රපට සහ රූපවාහිනියේ යොවුන් තේමා නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුකළ බැනරයකි.
2012දී බාලාජි ටෙලිෆිල්ම්ස් විසින් සිය පූර්ණ හිමිකාරීත්වය යටතේ ඇති BOLT මීඩියා ලිමිටඩ් නීතිගත කරන ලදී. මෙමගින් ලව් බයි චාන්ස්, යේ ජවානි තා රා රි රි සහ ධර්මක්ෂේත්ර යන වැඩසටහන් සහ දැන්වීම් නිපදවන ලදී.
2014 නොවැම්බරයේ දී, මෙය පූර්ණ හිමිකාරීත්වය දරන අනු-සමාගමක් වන බාලාජි මෝෂන් පික්චර්ස් බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන B4U සමග සම්බන්ධ වූයේ බොලිවුඩ් චිත්‍රපට සම-නිෂ්පාදනය කිරීම සඳහායි.
2014දී, මෙම සමාගම සහ ඒක්තා කපූර් ජයිපූර්හි දී ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා (SRKS) නම් හින්දුත්ව කණ්ඩායම විසින් මෙහෙයවූ විරෝධතාවන්ට මුහුණපෑවේ ය. එයට හේතුව ඇගේ ජෝධා අක්බර් රූපවාහිනී කතාමාලාවේ අන්තර්ගත වූ ඇතැම් වර්ගවාදී කරුණු ය.[21][22] 2015දී මෙම බැනරය විසින් සීමිත කතාමාලාවක් වූ නාගින් නිෂ්පාදනය කරන ලදී. මෙය එහි ආරම්භයේ සිටම ඉන්දියානු රූපවාහිනී වඩාත්ම නැරඹූ වැඩසටහන බවට පත් විය. අතිශයින් ජනප්‍රිය වූ මෙම වැඩසටහන සම්මාන ඝනනාවක් දිනාගත් අතර, එහි දෙවන කථාවාරය දැවැන්ත ජනමෝදකයක් විය. 2017 නොවැම්බරයේ දී එහි තෙවන කථාවාරය දියත් කිරීමට සමාගම සැලසුම් කොට ඇත.[23][24][25][26]
2017දී රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය විසින් බාලාජි ටෙලිෆිල්ම්ස්හි 25%ක තැන්පතු තමන් සතු කරගත්තේ රුපියල් කෝටි 413ක මුදලකටයි. මෙම ගනුදෙනුව හේතුවෙන් RIL වෙත බාලාජි ටෙලිෆිල්ම්ස්හි අන්තර්ගතයනට ටෙලිකොම් ඒකකය වූ රිලයන්ස් ජියෝහි භාවිතයට ගතහැකි විය.[27]
සී ටීවී
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.