පෞරාණික මානවයෝ
From Wikipedia, the free encyclopedia
ka වසර 200 කට පෙර කාලයක සිදුවූ, ආදිතම දේහවිෂයක නව්‍ය හෝමෝ සැපියානුවන්ගේ නිර්ගමනයට පෙර සහ එයට සමකාලීන කාල පරිච්ඡේදයෙහි සිටි, හෝමෝ ගණයෙහි ප්‍රභේද කිහිපයක්, පෞරාණික මානවයන් නමැති පුළුල් කාණ්ඩයකට වර්ග ගත කර ඇත. දැනට දන්නා පැරණිතම දේහවිෂයක නව්‍ය හෝමෝ සැපියානු ඇටසැකිල්ල (196 ± 5 ka) වනුයේ, දකුණු දිග ඉතියෝපියාවෙන් සොයා ගත් ඕමෝ-කිබිෂ් I (ඕමෝ I) වෙයි. . [1] මෙම පදයෙන් දැක්වෙන කාණ්ඩයට සාමාන්‍යයෙන් අයත් වන්නේ හෝමෝ නියැන්ඩතොලන්සිස් (430+–25 ka),[2] ඩෙනීසවනුවෝ, හෝමෝ රොඩීසියෙන්සිස් (300–125 ka), හෝමෝ හයිඩ්ල්බගෙන්සිස් (600–200 ka), සහ හෝමෝ ඇන්ටිසෙසර් වෙති.
මෙම නාමකරණය පිළිබඳව සාර්වත්‍ර සම්මුතියක් නොමැති අතර, සමහරක් කතෘවරුන් විසින් "පෞරාණික මානවයන්" විවිධ ගණනක් හෝමෝ සැපියන් හෝ හෝමෝ ඉරෙක්ටස් යන ද්විපද නාම යටතේ අඩංගු කර ඇත.
පෞරාණික මානව මොළයෙහි විශාලත්වය ඝන සෙන්ටිමීටර 1,200 සිට 1,400 දක්වා සාමාන්‍ය ප්‍රමාණයක පැවති අතර, නූතන මානවයන්ගේ මොළයෙහි විශාලත්ව පරාසය හා අතිව්‍යාප්ත බවක් පෙන්නුම් කරයි. දේහවිෂයක නව්‍ය මානවයන් වෙතින් පෞරාණික මානවයන් වෙනස් වන්නේ ඝන හිස් කබොළක් සහිත වීම, නෙරා තිබෙන අධ්‍යක්ෂිකූප මියර (බැම වැටි) සහිත වීම සහ ප්රමුඛ නිකටක් නොමැති වීම යන්නෙනි. [3][4]
දේහවිෂයක නව්‍ය මානවයෝ වසර 200,000 පමණ පෙර [1] අප්‍රිකාවෙහි අඟ ප්‍රදේශයෙහි පැන නගින අතර, වසර 70,000 පෙර ( ටෝබා ව්‍යසන සිද්ධාන්තය බලන්න), ක්‍රමයෙන් "පෞරාණික" මානව ප්‍රභේද අභිබවා යයි. හෝමෝ ගණයෙහි නව්‍ය-නොවන ප්‍රභේද වසර 30,000 ගණනකට පෙර කාලය පසුවන තුරු හෝ සමහර විට වසර 12,000 ගණනකට පෙර තරම් මෑත කාලයක් දක්වා නිසැකයෙන්ම නොනැසී පැවති ඇත. මේවා අතුරින්, කිසිවක් "පෞරාණික මානවයෝ" වන පදය තුල ගැබ් කලේ නම්, එයින් කවරක් එසේ අඩංගු කලේද යන්න, අර්ථදැක්වීම අනුව වෙනස් වන්නක් වන අතර විවිධ කතෘන් අතර විවිධත්වයක් ගනියි. කෙසේවෙතත්, මෑත ප්රවේණි විද්‍යාත්මක අධ්‍යයන අනුව, නූතන මානවයෝ, "අවම වශයෙන් පුරාතන මානව කණ්ඩායම් දෙකක්" හා සමග එක්ව ඇති දැඩි වී ඇති බව පෙනී ගොස් ඇත: නියැන්ඩර්තාල් සහ ඩෙනීසවන්. [5] පෞරාණික සහ නූතන මානවයන් අතර සමානතාවයක් දක්වන ප්රවේණි විද්‍යාත්මක ලක්ෂණ වලට හේතුව ඔවුන් අතර සම්මිශ්‍රණය වීමක් නොව, වසර 500,000–800,000 ගණනකට පෙර සම්භවය වූ පරම්පරාගත ගති ලක්ෂණ බවට සැකයක් අනෙකුත් අධ්‍යයන වලින් දක්වයි.