ජානමය කේත
From Wikipedia, the free encyclopedia
ජානමය කේත හෙවත් ප්‍රවේණික කේත) ( genetic code ) යනු ජීවී සෛල මගින් ප්‍රවේණික ද්‍රව්‍යවල (ඩී.එන්.ඒ හෝ mRNA අනුපිළිවෙල) අඩංගු ප්‍රවේණික තොරතුරු, ප්‍රෝටීන (ඇමයිනො අම්ල අනුපිළිවෙල) බවට පත් කිරීමේ නීතී මාලාවකි.
ප්‍රෝටීන සංස්ලේශණ දී ඊළඟට එකතු වන්නේ කුමන ඇමයිනො අම්ලයදැයි නිශ්චිතව දක්වන කෝඩෝන නමැති නියුක්ලියෝටයිඩ තුනේ අනුපිළිවෙලවල්, මෙම කේතය මගින් නිර්ණය කෙරෙයි. අවස්ථා කිහිපයක දී හැරෙන්නට,[1] නියුක්ලික් අම්ලයක ඇති නියුක්ලියෝටයිඩ තුනේ කෝඩෝනයක් එක් නිශ්චිත ඇමයිනො අම්ලයක් නිරූපණය කරයි. ඇතැම් විචල්‍ය කේත විකාශනය වී පැවතුන ද, ජාන වල අති බහුතරය කේතනය වී ඇත්තේ මෙම කේතයෙන්ම (ආර්.එන්.ඒ කෝඩෝන වගුව බලන්න) වන නිසා මෙම සුවිශේෂී කේතය සම්මත ප්රවේණි කේතය හෝ සරළව, ප්රවේණි කේතය ලෙස ව්‍යවහාර කෙරෙයි. උදාහරණ ලෙස, මිනිස් මයිටකොන්ඩ්‍රියාවල ප්‍රෝටීන සංස්ලේශණය සම්මත ප්රවේණි කේතයෙන් වෙනස් ප්රවේණි කේතයක් මගින් තීරණය වෙයි.
සියළුම ප්‍රවේණික තොරතුරු ගබඩා වන්නේ ප්රවේණි කේතය ඇසුරින් නොවේ. සියළුම ජීවීන්ගේ ඩී.එන්.ඒ තුළ යාමක අනුපිළිවෙලවල්, ජාන අතර කොටස්, ක්‍රොමසෝමික ව්‍යුහමය කලාප සහ වෙනත් කේතනය නොකරන ඩී.එන්.ඒ (වැඩිපුරම රූපානුදර්ශය සඳහා දායක වන) අඩංගු වේ. මෙකී අංග කෙරේ බලපැවැත්වෙන්නේ ප්රවේණි කේතය යටතේ ඇති කෝඩෝන-ඇමයිනෝ අම්ල බවට පෙරළීමේ ක්‍රියාවලියෙන් වෙනස් වූ නීති සමුදායකි.