![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/20/BernoullisLawDerivationDiagram.svg/langsi-640px-BernoullisLawDerivationDiagram.svg.png&w=640&q=50)
ප්‍රත්‍යාස්ථතාව
From Wikipedia, the free encyclopedia
ද්‍රව්‍යයක් විරූපණයට ලක් කිරීම සඳහා යොදා ඇති ප්‍රත්‍යා බලය (උදා: බාහිර බල) ඉවත් කළ විට එය නැවත ප්රතෘති හැඩයට පත් වීමේ භෞතික ගුණය භෞතික විද්‍යාවේ දී ප්‍රත්‍යාස්ථතාව ලෙස හඳුන්වයි. මෙහි, සාපේක්ෂ විරූපණය, වික්‍රියාව ලෙස හැඳින්වේ.
මෙම ප්‍රත්‍යාස්ථ හැසිරුම ප්‍රත්‍යා බලය සහ වික්‍රියාව අතර රේඛීය සම්බන්ධතාවකින් නිරූපණය කරන අතර එය රේඛීය ප්‍රත්‍යාස්ථතාවය ලෙස හඳුන්වයි. ලෝහ දුන්න මේ සඳහා පැහැදිලි උදාහරණයක් වේ. මෙම අදහස 1675 දී රොබට් හූක් විසින් පළමු වරට ඉදිරිපත් කරන ලදී. [1] එහිදී හූක්, "ceiiinossssttuv"[2] ලෙසින් ලතින් ඇනග්රෑමයක් (anagram යනු වචන ආශ්රයෙන් සිදු කරන ක්‍රීඩාවක් වන අතර එහි දී, දී ඇති චවනයක හෝ වැකිකඩක අකුරු මාරු කිරීමෙන් නව වචනයක් සෑදීම සිදු කරනු ලබයි.) ඉදිරිපත් කර ඇත. එහි පිළිතුර ලෙස ඔහු 1678 වසරේ දී ඉදිරිපත් කර ඇත්තේ "Ut tensio, sic vis" යන්නයි. එහි අර්ථය "විස්තීරණයට හේතු වන බලය" වේ.
මෙම රේඛීය සම්බන්ධතාව හූක් ගේ නියමය ලෙස ප්‍රචලිත ය. රේඛීය ප්‍රත්‍යාස්ථතාව විදහා දැක්වීම සඳහා වූ ශාස්ත්‍රීය ආදර්ශකය පරිපූර්ණ දුන්න යි. සාමාන්‍යයෙන් ත්‍රිමාණයේ දී ප්‍රත්‍යා බලය සහ වික්‍රියාව අතර සමානුපාත නියතය සිව් වන මාත්‍රයේ ආතානකයක් (tensor) වුව ද, ඒක මාන භාරයන් ක්‍රියාත්මක වන දණ්ඩක් වැනි ඉහළ සමමිතියක් ඇති සරළ අවස්ථා සලකා බැලීමේ දී හූක් ගේ නියමය යෙදිය හැකි ලෙස සම්බන්ධතාවය ඌණනය කළ හැක.
බොහෝ ද්‍රව්‍ය ප්‍රත්‍යාස්ථ ලක්ෂණ පෙන්වනුයේ සාපේක්ෂ ව කුඩා විරූපණයන්ට පමණක් වන නිසා, සිද්ධාන්තය රේඛීය කිරීම සඳහා උපකල්පන කිහිපයක් කිරීමට සිදු වේ. ඉතා කුඩා විරූපණයන් වන්නේ යැයි උපකල්පනය කිරීමෙන් ඉහළ මාත්‍රවල පද නොසලකා හැරීම ඉතා වැදගත් වේ. රබර් වලින් සාදන ද්‍රව්‍යයන් වැනි, යම් යම් විශේෂ අවස්ථාවල දී, මෙම උපකල්පන කිරීම වලංගු නොවේ. කෙසේ වුවද, සාමාන්‍යයෙන්, සන්තති ප්‍රත්‍යාබල සහ වික්‍රියා අතර රේඛීයකරණයට ලක් වූ සිද්ධාන්තය ප්‍රත්‍යාස්ථතාව ලෙස නිරූපණය වේ.