නාරිද්වේෂය
From Wikipedia, the free encyclopedia
නාරිද්වේෂය යනු කාන්තාවන්ට හෝ ගැහැණු ළමුන්ට එරෙහිව පවතින වෛරය, අවඥාව හෝ ඔවුන්ව අගතියට පත් කිරීම යි. නාරිද්වේෂය යන්න සමාජීය නිෂේධනය, ලිංගික විවේචනය, විරෝධය, පුරුෂාධිපත්‍යය, පීතෘමූලිකත්වය, කාන්තාවන් නොසළකා හැරීම, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය, සහ ලිංගික වෛෂයීකරණය ඇතුළු බොහෝ මාර්ග වලින් ප්‍රකාශ වේ.[1][2] නාරිද්වේෂය බොහෝවිට ආගම්වල පූජනීය ග්රන්ථ සහ පුරාණෝක්ති වල ද හමුවන අතර විවධ වැදගත් බටහිර දාර්ශනිකයන් සහ චින්තකයන් නාරිද්වේෂියන් ලෙස හදුන්වා ඇත.[1][3]