දේව දයාවේ මංගල්‍යය ඉරුදිනය
From Wikipedia, the free encyclopedia
දේව දයාවේ මංගල්‍යය ඉරුදින යනු පාස්කුවට පසු ඉරුදිනයෙහි, පාස්කු අෂ්ටකයෙහිදී, රෝමානු කතෝලිකයන් මෙන්ම, සමහරක් ඇංග්ලිකානුවන් විසින් පවත්වනු ලබන සුවිශේෂ මංගල්‍යයකි.[3] ජේසුස් වහන්සේ සමගින් එතුමියගේ සමාසදයෙහි කොටසක් ලෙසින් ශුද්ධවූ ෆවුස්තීනා කොවල්ස්කා විසින් වාර්තා කරන ලද්දාවූ සහ ජේසුස් වහන්සේ වෙතින් වූ විශේෂ පොරොන්දු සහ සභාව විසින් ප්‍රකාශිත අනුග්රහයන් වෙතින් සමන්විත දේව දයාව වෙත කතෝලික ඇදහීම මත එය මූලික වශයෙන් පදනම්ව ඇත.
ශුද්ධවූ ෆවුස්තීනා මුනිවරියගේ දිනපොතෙහි සඳහන් වන ආකාරයට, දේව දයාවේ මංගල්‍යය විසින්, ජේසුස් වහන්සේ වෙතින්, දේව දයාවේ ඇදහීම හා සම්බන්ධ, විශාලතම අනුග්‍රහ පොරොන්දු ලබා දෙයි. විශේෂිත වශයෙන්, ජේසුස් වහන්සේ විසින් ප්‍රකාශිත යයි ප්‍රකට වන්නේ, යම් තැනැත්තෙකු පාපෝච්චාරණ ප්රසාදනිධානය (පාපෝච්චාරණය දින කිහිපයකට පෙර ලබා ගත හැක) ලබා ගෙන එම දිනයෙහිදී දිව්‍ය සත්පුසාද වහන්සේ ලබා ගන්නේ නම්, සියළු පාපයන්ගෙන් සහ දඞුවම් වලින් සමාව ලබයි. මෙයින් අදහස් වන්නේ මේ පුද්ගලයන් මරණයෙන් පසුව මරණය සිදුවීමෙන් ඉක්බිතිව එසැණින් ස්වර්ගය වෙත පත්වන්නේ ශුද්ධකාග්නිස්ථානය (හෝ නිරය) තුල දුක් විඳීමෙන් තොරවය.