![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Sri_Lanka_Southern_Province_locator_map.svg/langsi-640px-Sri_Lanka_Southern_Province_locator_map.svg.png&w=640&q=50)
දකුණු පළාත, ශ්‍රී ලංකාව
From Wikipedia, the free encyclopedia
ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ මනරම් ප්රදේශයකි. ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය ඉතාමත්ම සුළු පසුගාමීත්වයක් පමණක් පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත දකුණු පළාත තුල දැකිය හැක.එමෙන්ම අධ්‍යාපනය හා සාක්ෂරතාවය අතින් ලංකාවේ ප්රමුඛ තැනක් ගන්නා දිස්ත්‍රික්ක ලෙස දකුණු පළාතේ ගාල්ල සහ මාතර පෙන්වා දිය හැකිය..වාර්ෂික වර්ෂාපතනය ඉහල අගයක් ගන්නා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තෙත් කලාපයට අයත් වේ.ගාල්ල සහ මාතර සෞම්‍ය දේශගුණයකින් හා ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් වියළි කලාපයට අයත්වේ.එමෙන්ම දකුණු පළාතේ උසස් අධ්‍යාපනය ලබන්නාවූ බහුතරයක් දෙනා කොළඹ නගරයට සම්ප්‍රාප්ත විම ඇත අතීතයේ සිටම සිදුවන්නා දෙයකි.කොළඹ දිස්ත්‍රික්කයට වඩා ආර්ථිකය අතින් යම් පසුගාමිත්වයක් පෙන්නුම් කිරිමට ප්‍රභලම හේතුවක් ලෙස කොළඹ අගනගරයේ උගතුන් හා ව්‍යවසායකයින් බහුතරයක්ම දකුණු පලාතෙන් කොළඹට සම්ප්‍රාප්තවූ අයවලුන් වීම පෙන්වා දිය හැක.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7e/Southern_Sri_Lanka_districts.png/640px-Southern_Sri_Lanka_districts.png)
දකුණු පළාත Southern Province தென் மாகாணம் | |
---|---|
පළාත | |
![]() ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
ඛණ්ඩාංක: 6°10′N 80°45′E | |
රට | ශ්‍රී ලංකාව |
තැණිනි | 1833 |
ඇතුළත් කෙරිණි | 14 නොවැම්බර් 1987 |
අගනගරය | ගාල්ල |
විශාලතම නගරය | ගාල්ල |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාරවරයා | මාර්ෂල් පෙරේරා |
• ප්‍රධාන අමාත්‍යවරයා | ෂාන් විජයලාල් ද සිල්වා |
සරිය | |
• මුළු | 5,444 කිමී2 (2,102 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 7වන (මුළු සරියෙන් 8.46%) |
ජනගහණය(2011 ජන සංගණනය) | |
• මුළු | 2,464,732[1] |
• අනුස්ථිතිය | 3වන (මුළු ජනගහණයෙන් 12.18%) |
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[2] | |
• මුළු ගණන | රු බිලියන 492 |
• අනුස්ථිතිය | 3වන (මුළු ගණනින් 10.2%) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-3 |
වාහන ලියාපදිංචිය | SP |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | sp.gov.lk |
දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ:
- මාතර දිස්ත්‍රික්කය - ව.කි.මී.1,246
- ගාල්ල දිස්ත්‍රික්කය - ව.කි.මී.1,652
- හම්බන්තොට දිස්ත්‍රික්කය - ව.කි.මී.2,609