තායිපේ
From Wikipedia, the free encyclopedia
තායිපේ, (/ˌtaɪˈpeɪ/, වචනාර්ථයෙන් අදහස් වන්නේ "තායිවානයේ උතුර" යන්නයි) නිල වශයෙන් තායිපේ නගරය ලෙස හඳුන්වනු ලබන අතර (චීන: 臺北市හෝ台北市; පින්යින්: Táiběi Shì; Pe̍h-ōe-jī: Tâi-pak Chhī), තායිවානයේ අගනුවර හා විශේෂ මහ නගර සභාවක් වේ. තායිවානයේ උතුරු කෙළවරෙහි පිහිටා ඇත.
තායිපේ 臺北市 | |
---|---|
විශේෂ මහ නගර සභා | |
තායිපේ නුවර | |
ඉහළ සිට දක්ෂිණාවර්තව: තායිපේ ස්කයිලයින්, ග්‍රෑන්ඩ් හෝටලය, ෆා ඊස්ටන් ප්ලාසා, නැෂනල් පැලස් කෞතුකාගාරය, චියැං කායි-ෂෙක් අනුස්මරණ ශාලාව, ජයන්ටන් ස්ටේෂන් | |
අපනාමය(න්): අසාලියා නගරය | |
තායිවානයේ තායිපේ දූපත් තුළ පිහිටීම | |
තායිපේ නගරයේ චන්දිකා ඡායාරූපයක් | |
රට | චීන සමූහාණ්ඩුව (තායිවානය) |
කලාපය | උතුරු තායිවානය |
පදිංචි | 1709 |
නගර ආසන | සිනයි දිස්ත්‍රික්කය |
දිස්ත්‍රික්ක-කොට්ඨාශ | දිස්ත්‍රික්ක 12 |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | තායිපේ නගරාණ්ඩුව |
• නගරාධිපති | කෝ වෙන්-ජේ |
සරිය | |
• විශේෂ මහ නගර සභා | 271.7997 කිමී2 (104.9425 සතරැස් සැත) |
• ජලය | 2.7 කිමී2 (1.0 සතරැස් සැත) 1.0% |
ජනගහණය(දෙසැම්බර් 2014) | |
• විශේෂ මහ නගර සභා | 2,702,315 (22 කින් 4 වෙනි) |
• නාගරික | 7,438,000 (ජනවාරි '15)[1] |
• පුරවර | 7,021,482 |
(නාගරික කලාපය) | |
වේලා කලාප | ජාතික සම්මත වේලාව (UTC+8) |
තැපැල් කේතය | 100–116 |
දුරකථන කේතය(න්) | (0)2 |
දිස්ත්‍රික්ක | 12 |
පක්ශියා | ෆෝමොසාන් බ්ලූ මැග්පයි (Urocissa caerulea) |
පුශ්පය | අසාලියා (Rhododendron nudiflorum) |
ගස | නුග (Ficus microcarpa) |
වෙබ් අඩවිය | english.gov.taipei (ඉංග්‍රීසි) |
වර්ෂ 2009 වන විට 2,693,672ක ජනගණයක්[2] වාර්ථා වී ඇති අතර නව තායිපේ හා කීලන්ග් වැනි ආසන්න නගර වල ජනගහණයද ඇතුළත්ව 6,900,273[3] පිරිසක් එහි ජීවත් වේ. එය ලෝකයේ 40 වැනි වැඩිම ජනාකීර්ණ නාගරික ප්‍රදේශය වේ.
තායිපේ යනු තායිවානයේ ඇති දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, චීන භාෂාව කතා කරන ලෝකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන අතරින් එකකි. තායිපේ නගරය ගෝලීය නගරයක් ලෙස සලකන අතර[4], ප්‍රධාන අධි-තාක්ෂණික කාර්මික ප්රදේශයකි.[5] දුම්රිය මාර්ග, අධිවේගී දුම්රිය, මහාමාර්ග, ගුවන් තොටුපළ, හා බස් රථ මාර්ග ආදිය දිවයිනේ සියලු කොටස් සමග තායිපේ නගරය සම්බන්ධ කරනු ලබයි. නගර තුළ ගුවන් තොටුපලවල් දෙකක් පිහිටා ඇත. ඒවා නම් තායිපේ සෝන්ග්ශන් ගුවන් තොටුපල හා තායිවාන් ටඕයුආන් ගුවන් තොටුපලයි. තායිපේ 101, චියැං කායි-ෂෙක් අනුස්මරණ ශාලාව, ඩාලොන්ග්ඩොං බැඔආන් විහාරය, හසිං ටියාං කොං, මෙංග්ජියා ලෝන්ග්ශන් පන්සල, නැශනල් පැලස් කෞතුකාගාරය, ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ල, තායිපේ ගෙස්ට් හවුස්, සිමෙන්ඩිංග් ඇතුළු නගරය පුරා විසිරි රාත්‍රී වෙළෙඳපොළ ඇතුළත්ව විවිධ ලෝක ප්‍රකට වාස්තු විද්‍යා හෝ සංස්කෘතික ස්ථාන සඳහා නිවහනක් වී ඇත.