තත්පරය (SI සංකේතය: s) යනු අන්තර්ජාතික ඒකක පද්ධතිය (SI) අනුව කාලයෙහි පාදක ඒකකය සහ [1] අනෙකුත් මිනුම් පද්ධති වල කාලය සඳහා ඒකකයක්ද වන අතර (කෙටි කර දැක්වීම s හෝ sec;[2]) පැයක් හැටෙන් බෙදීම දෙවරක් සිදු කළ විටද, විනාඩියක් හැටෙන් බෙදීම එක්වරක් සිදු කළ විටද ලැබෙන්න වෙයි. [3] 1000 (අල්-බිරුනි විසින් තත්පරය භාවිතා කළ කාලයේදී) සහ 1960 අතරතුර, තත්පරය අර්ථදැක්වුනේ මධ්‍යන්‍යය සූර්ය දවසකින් 1/86,400 ලෙසින් විය (මෙම අර්ථදැක්වීම, සමහරක් තාරකාවිද්‍යාත්මක සහ නීතිමය සන්දර්භයන්හී තවමත් භාවිතා වෙයි). [4][5] 1960 සහ 1967 අතරතුර, එය අර්ථදැක්වුනේ, 1900 දී සූර්යයා වටා පෘථිවියෙහි කක්ෂ කාලාවර්තය අනුසාරයෙන් වන අතර,[6] වර්තමානයේ එය වඩාත් නිරවද්‍ය ලෙසින් අර්ථදැක්වෙන්නේ පරමාණුක කරුණු ඇසුරෙනි. යාන්ත්‍රික, විදුලි හෝ පරමාණුක ඔරලෝසු භාවිතයෙන් තත්පර මැන ගත හැක.

තත්පරයකට එක් වතාවක් බබළන ආලෝකයක්

මධ්‍යන්‍යය සූර්ය දවස සෙමින් නමුත් මිනිය හැකි ප්‍රමාණ වලින් දිගු වන බවත්, ඒ අතරම නිවර්තන වසරක දිග පිළිබඳ කිසිසේත් අනාවැකි කිව නොහැකි බවද 19වන සහ 20වන සියවස්හී තාරතාවිද්‍යාත්මක නිරික්ෂණ තුලින් එළිදරවු වී ඇත; එබැවින්, අර්ථ දැක්වීම සඳහා සුදුසු පදනමක් ලෙසින් සූර්ය–පෘථිවි චලනය තව දුරටත් නොසැලකෙයි.


මූලාශ්‍ර

ආශ්‍රිත ලිපි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.