![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/56/Donald_Trump_official_portrait.jpg/640px-Donald_Trump_official_portrait.jpg&w=640&q=50)
ඩොනල්ඩ් ට්‍රම්ප්
From Wikipedia, the free encyclopedia
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් (උපත: 1946 ජූනි 14) යනු අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධකයෙක්, රූපවාහිනී ඉදිරිපත්කරන්නෙක්, කතෘවරයෙක් සහ එක්සත් ජනපදයේ හිටපු 45 වන ජනාධිපතිවරයාද වේ.
![]() ට්‍රම්ප් 2017 දී | |
එක්සත් ජනපදයෙහි 45වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් ජනවාරි 20, 2017 – ජනවාරි 20, 2021 | |
උප ජනාධිපතිවරයා | මයික් පෙන්ස් |
පූර්වප්‍රාප්තිකයා | බරාක් ඔබාමා |
අනුප්‍රාප්තිකයා | ජෝ බයිඩන් |
පුද්ගලික තොරතුරු | |
උපත | ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ජුනි 14, 1946 (1946-06-14) (වයස 78) නිව්යෝර්ක් නගරය |
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් (2012–වර්තමානය) |
වෙනත් දේශපාලන සබැඳියා |
|
කලත්‍රයා | ඉවානා සෙල්නිච්කෝවා
(m. 1977; div. 1990)මාර්ලා මේප්ල්ස්
(m. 1993; div. 1999)මලානියා ට්‍රම්ප්
(m. 2005) |
දරුවන් |
|
ඥාතීන් | ට්‍රම්ප් පවුල |
වාසස්ථාන | |
අධ්‍යාපනය |
|
රැකියාව |
|
අත්සන | ![]() |
වෙබ් අඩවිය | |
ඔහු 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදී ඩෙමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ව පරාජය කරමින් ජනාධිපති ලෙස තේරීපත්වූ අතර 2017 ජනවාරි 20 වන දින ඔහු විසින් වැඩ භාරගන්නා ලදි. ඔහු ට්‍රම්ප් සංවිධානය හෙවත් 'ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්' හි සභාපතිවරයා වන අතර දැන් කාල් අයිකාන් නම් ව්‍යාපාරිකයාට අයත් ට්‍රම්ප් එන්ටටේන්මන්ට් රිසොර්ට්ස් නමැති සූදු හා හෝටල් ව්‍යාපාරයෙහි නිර්මාතෘවරයාද වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී දෙවන ධූර කාලයක් බලාපොරොත්තුවෙන් ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් ට එරෙහිව තරඟ වැදුණු අතර, ඉන් පරාජයට පත්විය.
ට්‍රම්ප්, නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර ඔහු තම උසස් අධ්‍යාපනය හදාරන අවදියේදී එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයා නම් සිය පියාගේ ව්‍යාපාර සමාගමට සේවය කළේ ය. 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව ඔහු එම සමාගමට එක්වූ අතර 1971 දී එහි පාලනය හිමිවූ ඔහු පසු කාලීනව ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන් (ට්‍රම්ප් සංවිධානය) ලෙස එහි නම වෙනස් කළේ ය. එතැන් පටන් ඔහු කැසිනෝ සූදුපළවල්, ගොල්ෆ් පිට්ටනි, හෝටල්, නිව්යෝක් නුවර ජනාවාසයක්, සහ වෙනත් දේපළ ඉඩකඩම් ඉදි කර සංවර්ධනය කර ඇති අතර ඉන් බොහොමයක් ඔහුගේ නම දරයි. ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරයන්ද, ඔහුගේ විවාහයන් තුනද, ප්‍රසිද්ධ මාධ්‍ය නිරාවරණය ට ලක්වී ඇත. ඔහු එන්.බී.සී. රුපවාහිනියේ දි අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙය විය.
2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කල ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිසුන් විසින් ඡන්දය දීමට පෙර එයින් ඉවත් වුවද රිෆෝම් පක්ෂ ඡන්ද විමසීම් දෙකකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2015 ජූනි 16 වැනිදා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.
ඔහු විසින් අසාධාරණ යයි සලකන NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, NAFTA සහ එක්සත් ජනපද - චීන වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස යලි ගිවිස ගැනීම, එක්සත් ජනපද - මෙක්සිකෝ මායිම දිගේ ප්රාකාරයක් ඉදිකිරීම වැනි දෑ මගින් ආගමනය බලාත්මක කිරීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, PPACA නමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒවෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම, සහ බදු කප්පාදු කිරීම් වැනි දෑ ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ඇතුළත්ය. ට්‍රම්ප් නීතිය හා සාමය පිළිබඳ ප්‍රබල යෝජකයෙක් වෙයි. විභව ත්රස්තවාදීන් හඳුනාගැනීමේ වඩාත් නිවැරදිව ශිල්පක්රමයන් ගොඩනගාගෙන ඒවා උපයෝගී කරගන්නා තුරු එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ ප්රත්යක්ෂ වූ ඉතිහාසයක් ඇති රට වලින් ආගමනය තාවකාලිකව අත්හිටුවීමට ඔහු විසින් යෝජනා කර ඇත. ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බවද ඔහු විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය පුළුල් මාධ්‍ය ආවරණයකට හා අන්තර්ජාතික අවධානයකට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡා හා මැතිවරණ රැළි වලදී ඔහු විසින් කර ඇති ප්‍රකාශ බොහෝවිට මතභේදයට තුඩුදීමට හේතු වී ඇති අතර සමහර රැළි වල විරෝධය පලකිරීම් හා කෝලාහල කිරීම් ඇති වී ඇත.