From Wikipedia, the free encyclopedia
ජොසොන්හි යේජොං (12 පෙබරවාරි 1450 – 31 දෙසැම්බර් 1469) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 8වන රජුයි. ඔහු සිය පියා වූ සේජෝ රජුගෙන් පසු 1468දී සිහසුනට පත්වන විට වයස අවුරුදු 18කි. (කොරියානු ක්‍රමය අනුව 19) නමුත් රාජ්‍ය පාලනය සිදු කිරීමට තරම් ශාරීරික සුවතාවකින් නොවූ ඔහු වසරකට පසු මියගියේය.
යි ග්වං | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 1468–1469 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | සේජෝ (යි යු) | ||||||||
අනුප්‍රාප්තිකයා | සොංජොං (යි හ්යොල්) | ||||||||
උපත | 12 පෙබරවාරි 1450 | ||||||||
මරණය | 31 දෙසැම්බර් 1469 (19 වියැති) | ||||||||
භූමදානය | ගෝයැං, චංර්යුං (창릉, 昌陵)[1] | ||||||||
බිසව | ජංසුන් අගබිසව අන්සුන් අගබිසව | ||||||||
දරුවන් | යි බුන්, ඉන්සොංහි ප්‍රධාන කුමරු යි ම්යොන්, ජේ-අන් ප්‍රධාන කුමරු යි හ්යොල්, ජල්සන් කුමරු හ්යොන්සුක්, කුමරිය හ්යේසුන්, කුමරිය | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | සේජෝ (යි යු) | ||||||||
මව | ජොංහුයි, ජොසොන්හි අගබිසව |
ජෝසුන්හි යේජොං රජ | |
හංගුල් | 예종 |
---|---|
හන්ජා | 睿宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | යේජොං |
මැකූන්–රයිෂවර් | යේජොං |
උපන් නාමය | |
හංගුල් | 이광 |
හන්ජා | 李晄 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ ග්වං |
මැකූන්–රයිෂවර් | ඉ ක්වං |
යේජොංගේ සමයේ සිදු වූ ප්රමුඛ සිදුවීමක් ලෙස නම් ඉ (남이 장군, 南怡) සෙන්පතියාගේ නඩු තීන්දුව සහ මරණය දැක්විය හැක.[2] නම්-ඉ ප්‍රකට වූයේ ගං-සුන් සෙන්පති සහ සෙස්සන් සමග එක් වී යි සි-ඒ කැරැල්ල මැඬලීම හේතුවෙනි. 28වන වියේදී, ඔහුව යුධ අමාත්‍ය ලෙස පත් කෙරිණි. කෙසේනමුත්, යේජොං රජු වූ පසු, නම්-ඉ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වූ යු ජග්වං (유자광, 柳子光) නැමැති අමාත්‍යවරයා නම් ඉව රාජද්‍රෝහී චෝදනාවන්ට හසුකළේ ය. මෙයට ගං සුන් (강순, 康純) අමාත්‍යවරයාවද හසු කළ යු, රජු ඉදිරියේ ඔවුනට නඩු පැවරීය. ඔවුනව වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලද අතර, යු ජා-ග්වංව උසස් නිලයකට පත්කොට ඔහුට කුමාර තනතුරක් ලබා දිණි. මෙම සිදුවීමෙන් පසු, යු විසින් තමන්ට වඩා උසස් බොහෝ අමාත්‍යවරුනට එරෙහිව මෙසේ වරද පැටවීම සිදු කරන ලදී.
1450දී ජොසොන්හි සේජෝ රජුගේ දෙවන පුත්‍රයා ලෙස උපන්නේය. ඔහුගේ චාරිත්‍රානුකූල නාමය හේයැං කුමරු නම් විය. නමුත් ඔහුගේ වැඩිමහල් සොයුරා වූ කිරුළහිමි උයිග්යොං කුමරුගේ හදිසි වියෝවත් සමග 8වන වියේ පසු වූ ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කෙරිණි.
සේජෝ රජුගෙන් පසු 1468දී සිහසුනට පත්වන විට ඔහුගේ වයස 19කි. නමුත් ඔහුට එවිට වයස 20ක් නොවූ හෙයින් සහ ළමාවියේ සිටම රෝගීව දුබලතාවයන්ගෙන් පෙළෙමින් සිටි හෙයින්, යේජොංගේ මව වූ ජොංහී අගබිසව ඔහු වෙනුවෙන් රාජ්‍ය පාලනය සිදුකළාය. මේ යුගයේ වාර්තා අනුව, මෙකල දේශපාලන තීරණ ගන්නා ලද්දේ අගබිසව සහ සේජෝ රජු විසින් පත්කොට තිබූ නිලධාරීන් තිදෙනකු විසිනුයි.
මේ රජුගේ සම්පූර්ණ රාජ්‍ය කාලය මාස 14ක් පමණක් වුවද, මෙම කාලය තුළ සිදුවීම් ගණනාවක්ම සිදු විය. 1468දී, නම් ඉට එරෙහි රාජද්‍රෝහී චෝදනා එල්ලවීම හේතුවෙන් ජොසොන් රාජ්‍යයේ දේශපාලනය කෙරෙහි සුවිශාල බලපෑමක් ඇති විය. රජුගේ මරණයට මඳ කලකට පෙර 1469දී, ජොසොන් රාජ්‍යය ජපානය සමග සියලු වෙළඳාම් තහනම් කළේය. එසේම යේජොං විසින් සාමාන්‍ය ගොවීන්ට හමුදාවට අයත්ව තිබූ ඉඩම්වල වගාකිරීමේ අයිතිය ලබා දෙන ලදී.
20වන වියේ දී යේජොං රජු මියගියේය. ඔහුගේ සොහොන්ගැබ දකුණු කොරියාවේ ග්යොංගිඩෝහි ගොයැං ප්‍රදේශයේ පිහිටා ඇත. එම ස්ථානයේ තවත් රජවරුන් සහ අගබිසෝවරුන්ගේ සොහොන්ද පවතී.[1] ඔහුගේ මරණින් පසු, සිහසුන යේජොංගේ පුත්‍රයාට හිමිනොවීය. එය ඔහුගේ සොහොයුරාගේ පුත්‍රයා වූ සියොංජොංට හිමි විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.