From Wikipedia, the free encyclopedia
සංක්ෂේපිත සුබ අස්නයන් තුනෙහි දක්නට ලැබෙන, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමා, ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් හි සුවිශේෂි වූ ස්ථානයක් දරන්නේ, උන්වහන්සේගේ ලේඛනගත උගැන්වීම් අතුරින් දළ වශයෙන් තුනෙන් පංගුවකට හිමි කම් කියමිනි. ක්‍රිස්තු භක්තිකයන් මෙම උපමා වලට මහත් අවධාරණයක් යොමු කරන්නේ, මේවා ජේසුස් වහන්සේ ගේ වචන බැවින්, ජොහන් 8:28 සහ 14:10 විසින් පෙන්නුම් කරන පරිදී, පියාණන් වහන්සේ ගේ උගැන්වීම් බවට විශ්වාස කෙරෙන නිසාය.[1][2]
ජේසුස් වහන්සේගේ උපමා, පෙනෙන ලෙසට ඉතා සරල, මතකයෙහි රැඳෙන-සුලු හා බොහෝ විට මනසේ චිත්ත රූප මවන කථාන්තර වන අතර සැමෙකක්ම පණිවුඩයක් සහිත වෙයි. ප්‍රාඥයන් අර්ථ නිරූපනය කරන පරිදී, මෙම උපමා සරල ලෙසට පෙනී ගියද, ඒවා විසින් ගෙන එන පණිවුඩ ඉතා ගැඹුරු සහ ජේසුස් වහන්සේගේ උගැන්වීම් හා කේන්ද්‍රගත ඒවා වෙති. ක්‍රිස්තියානු ලේඛකයන් මේවා දකින්නේ හුදු පැහැදිලි කිරීමේ පහසුව සඳහා භාවිත කල සාම්‍යයන් ලෙසින් නොව, අධ්‍යාත්මික ධර්මතා සඳහා සොබාදහම වෙතින් සාක්ෂ්‍ය සපයන අභ්‍යන්තර සාදෘෂ්‍යයන් ලෙසිනි.[3][4]
නිදසුනක් ලෙස ගතහොත්, ජේසුස් වහන්සේ විසින් දේව රාජ්‍යය සමාන කරන ලද්දේ, කුඩා වුවද, වැඩී පක්ෂීන්ට කූඩු තැනීමට පවා හැකි මහත්වූ ගසක් වීමට හැකියාව ඇති අබ ඇටයකට වෙයි. මේ අතර උන්වහන්සේ එය නැවතත් සමාන කලේ මුහුන් වලට වන අතර, එහි අභිප්‍රාය වූයේ, මනුෂ්‍යයන් එය සමග සම්මිශ්‍රණය වීමේදී දූෂණය හිස එසවීමට ඉඩ ඇති බව පෙන්නුම් කිරීමටය.
බටහිර සභ්‍යත්වයෙහි, මෙම උපමා විසින්, උපමාව යන වදනට මූලාකෘතිය සැපයූ අතර, නූතන යුගයෙහිදී, බයිබලය පිළිබඳ වැඩි අවබෝධයක් නොමැත්තන් අතර පවා, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමා ලොව ඉතාමත් ජනප්‍රිය කථාන්තර බවට පිළිගැනුමක් පවතියි.[5]
පිළිබඳ ලිපි මාලා වකි | ||
---|---|---|
| ||
| ||
| ||
| ||
|
මෂාල් යන හීබ්රෑ වදනෙහි පරිවර්තනය ලෙසින් ගත් කල, උපමාව යන වදනට ප්‍රහේලිකාව යන අරුතද දිය හැකිය. ඔවුන්ගේ ඉතිහාසය පුරාවටම, යුදෙව්වෝ, උපමා මගින් සිදු කල උගැන්වීම් වලට හුරු වී සිටි අතර, පුරාණ ගිවිසුම තුලද උපමා කිහිප සංඛ්‍යාවක් දක්නට ඇත. එමනිසා, ජේසුස් වහන්සේ විසින් උපමා භාවිතා කිරීම, උන්වහන්සේගේ කාලයෙහි පැවැති සම්ප්රදාය අනුව ගිය, ස්වභාවික උගැන්වුම් ක්‍රමවේදයක් විය.[6][7]කිතුදහමෙහි ප්රාරම්භයෙහි සිටම, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමා, ගෙන හැර දැක්වීම, උගැන්වීම සහ සාකච්ඡාවන්ට බඳුන් කිරීම සිදු වී ඇත .
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.