ජේසු නිකාය
රෝමානු කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකාය / From Wikipedia, the free encyclopedia
ජේසු නිකාය (ලතින්: Societas Iesu, S.J., SJ or SI) කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුනුවන් (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුනුවෝ අධ්‍යාපන (පාසල්, ශාස්ත්රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්රයන්හි වැඩ කරති. තවද, ජෙසුනුවෝ ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.
සංක්ෂිප්තය | S.J., ජෙසුනුවෝ, ජෙසුඉට්වරු |
---|---|
ආදර්ශ පාඨය | Ad maiorem Dei gloriam දෙවියන් වහන්සේගේ මහිමය සඳහා |
සංස්ථාපනය | 27 සැප්තැම්බර් 1540 (1540-09-27) (483 year ago) |
වර්ගය | කතෝලික ආගමික නිකාය |
මූලස්ථානය | ජේසුස්ගේ දේව මාලිගාව (මව් පල්ලිය), |
පිහිටුම |
|
ඛණ්ඩාංක | 41°54′4.9″N 12°27′38.2″E |
සුපිරි ජනරාල් | අති උතුම් අඩොල්ෆෝ නිකොලස්, S.J. |
Key people | ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා— සම-නිර්මාතෘ ෆ්‍රැන්සිස් සේවියර්— සම-නිර්මාතෘ පීටර් ෆැබර්— සම-නිර්මාතෘ |
Main organ | සාමාන්‍ය කියුරියාව |
Staff | 16,740 |
වෙබ් අඩවිය | www.sjweb.info |
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස (en:Spiritual Exercises) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්‍රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප්වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප්වහන්සේ විසින් "ආයතනික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු[1] (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),[2] විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්රම දැරීම සඳහා බවය."[3] එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුනුවන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.
ජේසු නිකාය භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමාය.[4][5]
මෙම නිකායේ මූලස්ථානය එනම් එහි සාමාන්‍ය කියුරියාව, රෝමයේ පිහිට ඇත.[6] ශු. ඉග්නාෂියස් තුමාගේ ඓතිහාසික කියුරියාව වර්තමානයේදී ජේසු නිකායේ මව් පල්ලිය වන ජේසුස්ගේ දේව මාලිගාවට බැඳුණු ජේසුස්ගේ විද්‍යාලයට අයත් වේ.
වර්ෂ 2013 දී ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ ලොව ප්‍රථම ජේසු නිකායික පාප්තුමා ලෙස ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නමින් පත්වූහ.