![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/E._coli_Bacteria_%25287316101966%2529.jpg/640px-E._coli_Bacteria_%25287316101966%2529.jpg&w=640&q=50)
ජීවීයා
ජීවියෝ / From Wikipedia, the free encyclopedia
ජීව විද්‍යාවෙහි, ජීවියෙක් යනු ( ග්‍රීක: ὀργανισμός, ඔර්ගනිස්මෝස් වෙතින්) ජීවයෙහි ගුණාංග මූර්තිමත් කරන ඕනෑම තනි ස්ථිතියකි. එය "ජීව රූපයක්" යන්නට පර්යාය පදයකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/E._coli_Bacteria_%287316101966%29.jpg/640px-E._coli_Bacteria_%287316101966%29.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Amoeba_%28Am%C3%B6be%29_01.jpg/640px-Amoeba_%28Am%C3%B6be%29_01.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/Fungi_in_Borneo.jpg/320px-Fungi_in_Borneo.jpg)
වර්ගීකරණයෙහිදී, සත්ත්වයන්, ශාකයන්, සහ දිලීර වැනි බහු සෛලිකයන් ලෙසින් හෝ ප්රෝටිස්ටයන්, බැක්ටීරියා, සහ ආකියා වැනි ඒක සෛලික ක්ෂුද්‍ර ජීවීන් ලෙසින් සමූහයන්ට ජීවීන් වර්ගීකරණය වෙයි.[1] ප්‍රජනනය කිරීමට, වර්ධනයට සහ විකසනයට, පවත්වා ගැනීමට, සහ උත්තේජනයන්ට කිසියම් මට්ටමක ප්‍රතිචාරයක් දැක්වීමට සියළු වර්ගයෙහි ජීවින් හට හැකියාවක් ඇත. විකසනයෙහිදී විශේෂිත පටක සහ ඉන්ද්රියයන් වෙනස් කොට දක්වන බහු සෛලික ජීවින් හට උදාහරණ ලෙසින් මානවයන්, දැල්ලන්, හතු, සහ සනාල ශාකයන් දැක්විය හැකිය.
සෛල වර්ගය අනුව සංවිධාන ඉයු හෝ ප්‍රෝ කැරියෝටාවන් බවට කාණ්ඩ කල හැක. ප්‍රෝකාරියාටාවන්ගේ ප්‍රධාන රාජධානි දෙකකි. බැක්ටීරියා හා ඒකීයා ඉයුකැරියෝටාවන් මෙන් ඉහත රාජධානි සමීප නොවේ.ඉයුකාරිගෝටාවන්ගේ පටල වලින් වට වූ න්‍යෂ්ඨියක් ද, ඉන්ද්‍රයිකාද මයිටොකන්ඩ්‍රියාද , ප්ලාස්ම ද ඇති අතර ඒවා අන්තර් සහජීවනය වූ බැක්ටීරියාවෙන් ලද්දක් විය හැකි බවට සලකයි. වෛරස නම් වූ ඉයුකාරිෙයාටාවන්ගේද ඉහත කියූ අන්න්‍යෝන්‍ය සහජීවනය දැකිය හැක. දිලීර සත්ව ,ශාක , ඉයුකාරිගෝටා විශේෂ වේ. තොමස් කැපලියර්-ස්මිත් විසින් ඒකියාවන් හා ඉයුකේරියාවන් එක්ව කාණ්ඩකරමින් නියොමසුරා නම් ඒකක හඳුන්වා ඇත. ඔහු තවදුරටත් නියෝමසුරා බැක්ටීරියාවන්ගෙන් සම්බවය වූ බවට ඇත්තවශයෙන්ම බැක්ටීරියාවන් හෝ ආබවට පවසයි.