From Wikipedia, the free encyclopedia
ජලය මෘදු කිරීම යනු, කඨින ජලයෙහි ඇති, කැල්සියම්, මැග්නීසියම්, සහ වෙනත් බොහෝ ලෝහ කැටායන ඉවත් කිරීමය. මෙසේ ලැබෙන මෘදු ජලයෙහි සබන් පහසුවෙන් දියවන අතර ඒවා භාවිතා කිරීම නිසා ජලනල වල ආයුකාලය දීර්ඝ වෙයි. ජලය මෘදු කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ අයන හුවමාරු රෙසින භාවිතා කිරීමෙනි.
සමහරක් ලෝහ කැටායන ජලයේ පැවතීම නිසා ගැටළු රාශියක් ඇති වෙයි. සබන් වර්ග වල ක්‍රියාකාරිත්වය හා මෙම අයන මැදිහත් වෙයි. එය විසින්, ජලනල වැඩ අවුල් කරවන හුණුගල් කල්කය සැදීමට සහ, ගැල්වානි විඛාදනය සඳහා හේතුකාරක විය හැක. [1] කර්මාන්ත මට්ටමෙහි ජලය මෘදුකරන යන්ත්රයන්හී පුනර්ජනක ක්රියාවලියෙහි අපවාහ ගලායෑම විසින්, පල්දෝරු පද්ධතීන්හී කල්කය තැන්පත් කිරීමෙන්, ඒවායේ ක්‍රියාකාරිත්වය හා මැදිහත් විය හැක.
Seamless Wikipedia browsing. On steroids.