From Wikipedia, the free encyclopedia
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි.[2] වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වන දින පිහිටුවන ලදී.[3] මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර බහුල බිම් ප්‍රදේශයක් සේ සැළකේ.[1] එසේම මෙම වනෝද්‍යානය අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවතිය යන ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් ලෙසද හදුනාගැනේ.[4] වනෝද්‍යානය කොළඹ සිට කිලෝමීටර 222ක් පමණ ඊසාන දිග දිශාවෙන් පිහිටා ඇත.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II (national park) | |
පිහිටුම | උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | පොළොන්නරුව |
වර්ග ප්‍රමාණය | 17,350 hectares (67.0 sq mi)[1] |
සංස්ථාපනය | 1984 |
පාලක ස්ථිතිය | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.