![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f3/Prince_Yide%2527s_tomb%252C_towers.jpg/640px-Prince_Yide%2527s_tomb%252C_towers.jpg&w=640&q=50)
චං'ආන්
චීනයේ පුරාතන නගරය / From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, චං'ආන් (වක්‍රෝක්තිහරණය) බලන්න.
චං'ආන් ([ʈʂʰǎŋ.án] ( අසන්න); සරල චීන: 长安; සම්ප්‍රදායික චීන: 長安; පින්යින්: Cháng'ān) යනුවෙන් හැඳින්වෙන්නේ චීන ඉතිහාසයේ රාජවංශ දහයකට අධික සංඛ්‍යාවක අගනගරය ලෙස පැවති පුරාතන නගරයකි. මෙය වර්තමානයෙහි ෂි'ආන් ලෙස හඳුන්වනු ලබයි. චංආන් යන්නෙහි අර්ථය සම්භාව්‍ය චීන බසින් "සදාකාලික සාමය" යන්නයි. එය විවිධ නව චීන පාලකයන් විසින් සිය අගනගරය ලෙස තෝරාගන්නා ලදී. කෙටි කාලීන ෂින් රාජවංශ සමයේ දී මෙය "නියත සාමය" (චීන: 常安; පින්යින්: Cháng'ān) යනුවෙන් නම්කෙරුණු අතර පසුකාලීනව පැරණි නාමය යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. මිං රාජවංශ සමයේ දී, අතීත සුයි සහ තාං රාජවංශ නගර භූමියෙහි නව ප්‍රාකාරමය නගරයක් ඉදිකෙරුණු අතර එය "බටහිර සාමය" යන අරුතැති ෂි'ආන් යනුවෙන් නම්කරන ලදී. එම නාමය වර්තමානයේ ද භාවිතා වන නාමයයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f3/Prince_Yide%27s_tomb%2C_towers.jpg/640px-Prince_Yide%27s_tomb%2C_towers.jpg)
Quick Facts චං'ආන්, Simplified Chinese ...
චං'ආන් | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Simplified Chinese | 长安 | ||||||||||||||||||||||||||||
Traditional Chinese | 長安 | ||||||||||||||||||||||||||||
Literal meaning | "සදාකාලික සාමය" | ||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
Close