![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/ba/Gregor_Mendel_2.jpg/640px-Gregor_Mendel_2.jpg&w=640&q=50)
ග්‍රෙගර් මෙන්ඩල්
From Wikipedia, the free encyclopedia
ග්‍රෙගර් ජොහාන් මෙන්ඩෙල් (/ˈmɛndəl/; චෙක්: Řehoř Jan Mendel;[2] 1822 ජූලි 20[3] – 1884 ජනවාරි 6) කාලගුණ විද්‍යාඥයෙක්,[4] ගණිතඥයෙක්, ජීවවිද්‍යාඥයෙක්, අගුස්තීනු නිකායික තාපසයෙක් සහ මොරෝවියාවේ මාග්රේවියට් හි බර්නෝ ශා. තෝමස් ආරාමයෙ හි ආශ්රමාධිපතිවරයෙක් ද විය. ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ (වර්තමාන චෙක් ජනරජයේ) සිලෙසියන් ප්‍රදේශයේ ජර්මානු භාෂාව කතා කරන පවුලක උපන් මෙන්ඩෙල්, නූතන ප්රවේණි විද්‍යාවේ ආරම්භකයා ලෙස ඔහුගේ මරණින් පසු පිළිගැනීමක් හිමිවිය.[5] සතුන් සහ ශාක හරස් අභිජනනය මගින් යම් උචිත ගති ලක්ෂණ වලට ඉස්මතු වීමට ඉඩක් ලැබිය හැකි බව, ගොවීන් වසර දහස් ගණනාවක් තිස්සේ දැන සිටිය ද, 1856 සහ 1863 අතර සිදු කරන ලද මෙන්ඩෙල්ගේ ගෙවතු මෑ පැළෑටි පරීක්ෂණ මගින් අද මෙන්ඩලීය ආවේණිය ලෙස හඳුන්වන ආවේණිය පිළිබඳ නීති බොහෝමයක් මුලින්ම ස්ථාපිත කරන ලදී.[6]
The Right Reverend ග්‍රෙගර් මෙන්ඩල් අගුස්තීනු නිකාය | |
---|---|
![]() | |
උපත | ජොහාන් මෙන්ඩෙල් ජූලි 20, 1822(1822-07-20) Heinzendorf bei Odrau, සිලේසියා, ඔස්ටිර්යානු අධිරාජ්‍යය (වර්තමානයේ හයිනයිස්, චෙක් ජනරජය) |
මියගිය දිනය | January 6, 1884(1884-01-06) (වයස 61) Brünn, මොරෝවියා, ඔස්ට්‍රො-හංගේරියාව (වර්තමාන බර්නෝ, චෙක් ජනරජය) |
ජාතිකත්වය | ඔස්ට්‍රියානු |
උගත් ශාස්ත්‍රාලය | ඔලොමෝට්ශ් විශ්වවිද්‍යලය වියානා විශ්වවිද්‍යලය |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්රවේණි විද්‍යාව ආරම්භ කිරීම |
Scientific career | |
ක්ෂේත්රය | ප්රවේණි විද්‍යාව |
ආයතන | ශා. තෝමස් ආරාමය |
පැවිදි දිවිය | |
ආගම | ක්‍රිස්තියානි ධර්මය |
පල්ලිය | කතෝලික පල්ලිය |
පැවිදිවීම | 1846 දෙසැම්බර් 26[1] |
මෑ පැල වල පහත ලක්ෂණ හත සමඟ මෙන්ඩල් වැඩ කළේ ය: පැලයේ උස, කරල් හැඩය සහ වර්ණය, බීජ හැඩය සහ වර්ණය, සහ මල් පිහිටීම සහ වර්ණය. නිදසුනක් ලෙස බීජ වර්ණය ගත් විට, සත්යාභිජනක කහ මෑ සහ සත්යාභිජනක කොළ මෑ අන්තරාභිජනනය කරන විට ඔවුන්ගේ ජනිතයන් සෑම විටම කහ බීජ නිපදවන බව මෙන්ඩල් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ඊළඟ පරම්පරාවේදී, කොළ මෑ ඇට නැවත කොළ 1 ට කහ 3 අනුපාතයකින් යළි ඉස්මතු විය. මෙම සංසිද්ධිය පැහැදිලි කිරීම සඳහා, මෙන්ඩල් විසින් ඇතැම් ගති ලක්ෂණ ගැන සඳහන් කිරීමේදී "නිලීන" සහ "ප්රමුඛ" යන යෙදුම් භාවිතා කරන ලදී. ඉහත උදාහරණයේ දී, පළමු ජනිත පරම්පරාවේ අතුරුදහන් වී ඇති බව පෙනෙන කොළ ගති ලක්ෂණය, නිලීන වන අතර කහ ප්රමුඛ වේ. 1866 දී ඔහු සිය කෘතිය ප්‍රකාශයට පත් කරමින්, ජීවියෙකුගේ ගති ලක්ෂණ තීරණය කළ හැකි අදෘශ්‍යමාන “සාධක” —වර්තමානයේ ජාන— වල ක්‍රියාව ඉන් ආදර්ශනය කළේය.
20 වන සියවස ලබා (දශක තුනකට පසුව) මෙන්ඩෙල්ගේ මූලධර්ම නැවත සොයා ගන්නා තෙක්ම ඔහුගේ කර්තව්‍යයයේ දැඩි වැදගත්කම හඳුනාගැනීමට ලක් නො වීය. 1900 දී එරික් වොන් ෂ්චර්මාක්, හියුගෝ ඩි ව්රීස් සහ කාල් කොරන්ස් විසින් තනි තනිව මෙන්ඩෙල්ගේ පර්යේෂණාත්මක සොයාගැනීම් කිහිපයක් සත්‍යාපනය කළ අතර එය නූතන ජාන විද්‍යාවේ පූර්වාගමනයට හේතු විය. [7][8]