ක්‍රිව 1412 -1597 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති රාජධානියක් From Wikipedia, the free encyclopedia
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (වර්තමාන කොළඹට මදක් බැහැරින් පිහිටි) කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය (ඉංග්‍රීසි: Kingdom of Kotte) යනු, 15වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ සමෘධිමත්ව වැජඹුනු රාජධානියකි. එහි රජු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජු විය.
කෝට්ටේ රාජධානිය ලංකාව | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1412–1597 | |||||||||||
කොඩිය | |||||||||||
අගනුවර | කෝට්ටේ | ||||||||||
පොදු භාෂාවන් | සිංහල | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
කෝට්ටේ රාජධානිය | |||||||||||
• 1412-1467 | හයවන පරාක්‍රමබාහු රජ (පළමු) | ||||||||||
• 1508-1528 | නවවන ධර්ම පරාක්‍රමබාහු රජ (කැළණියෙහි) | ||||||||||
• 1551-1597 | ධර්මපාල රජ (අවසන්) | ||||||||||
ඉතිහාසය | |||||||||||
• සමස්ත ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම | 1412 | ||||||||||
• අහෝසි කළේ | 1597 | ||||||||||
|
සිංහල භාෂාවෙන් කෝට්ටේ යන පදයෙහි අරුත (බල)කොටුව යන්නයි. එබැවින් මෙයින් හැඳින්වෙන්නේ අලකේශ්වර විසින් තැනුනු බලකොටුව බව පිළිගැනෙයි.
බටහිර වෙරළ තීරය ඔස්සේ එල්ල වුනු උතුරු ආක්රමණකාරීන්ගේ ප්රහාරයන් නිෂ්ක්‍රීය කිරීමට තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙහිදී ගම්පොළ රාජධානියෙහි අමාත්‍ය අලකේශ්වර (1370–1385) විසින් ස්ථාපිත මෙම බලකොටුව, පසුකාලීනව, එනම් 1412දී සයවන පරාක්‍රමබාහු රජු විසින් ඔහුගේ අගනගරය බවට තෝරා ගන්නා ලදි. ප්‍රදේශය වටකොට ඇති මහත් වගුරු බිම නිසාවෙන් එය ඉතා හොඳින් ආරක්ෂිතව පැවතිණි.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.