From Wikipedia, the free encyclopedia
කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි.[3] 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය.[4] 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස තර්ජනයට ලක් වූ ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක[1]
වර්තනය විය හැකි සතෙකු ලෙස (Habitat Generalist) හදුන්වයි. ප්‍රමාණයෙන් ගෘහාශ්‍රිත කුඩා බළලෙකුට සමාන ය. කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි. නිශාචර දඩයක් කරුවෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුළන් ආහාරයට ගනී.
ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි. වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත. කලු ඉංගිරියාව ලා නිල් පාට ය. වර්ධනය ගෘහාශ්‍රිත බළලෙතුට සමාන ය. නිශාචර සතෙකි. ගස් මතත් පදුරු සහිත වන ලැහැප් වලත් දැක ගත හැකි ය. පැටවුන්ගේ ලොම් ලා පැහැති ය. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.
මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත.[5] ඝන වනවැස්මක් සහිත හෝ ගල් සහිත ස්ථානවලට ප්‍රිය කරයි.[6][7]
උපවිශේෂ දෙකක් හඳුනාගෙන ඇත:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.