කොන්ෆියුසියස්
From Wikipedia, the free encyclopedia
කොන්ෆියුසියස් (ප. 551 – ප. ක්‍රිපූයු 479 ) යනු වසන්ත සහ සරත් සමයෙහි විසූ චීන දාර්ශනිකයෙක් සහ දේශපාලනඥයෙක් වූ අතර උතුම් ආදර්ශමත් චීන ප්‍රාඥයෙක් ලෙසින් සැලකෙයි. කොන්ෆියුසියස්ගේ උගැන්වීම් සහ දර්ශනය යටිතහවුරු කරන්නේ නැගෙනහිර ආසියානු සංස්කෘතිය සහ සමාජය වන අතර, අද වන තුරු චීනය සහ නැතෙනහිර ආසියාව තුල බලපවත්වයි. [1]
孔丘 Kong Qiu | |
---|---|
උපත | September 28, 551 B.C.E. Qufu, China |
මියගිය දිනය | 479 B.C.E. Qufu, China |
යුගය | Ancient philosophy |
ප්‍රදේශය | Chinese philosophy |
ගුරුකුලය | Founder of Confucianism |
ප්‍රධාන ලැදිකම් | Moral philosophy, Social philosophy, Ethics |
සංගණ්‍ය අදහස් | Confucianism |
Influences
| |
Influenced
| |
' කොන්ෆියුසියස්වාදය නමින් හැඳින්වෙන ඔහුගේ දාර්ශනික ඉගැන්වීම්, පුද්ගලික සහ රාජ්‍ය සදාචාරය, සමාජ සබඳතාවල නිවැරදි බව, යුක්තිය, කරුණාව සහ අවංකභාවය අවධාරණය කළේය. ටැන්ග් සහ සොං රාජවංශ සමයේදී, කොන්ෆියුසියස්වාදය බටහිර නව කොන්ෆියුසියස්වාදය ලෙසත් පසුව නව කොන්ෆියුසියස්වාදය ලෙසත් හැඳින්වෙන පද්ධතියක් දක්වා වර්ධනය විය. සම්භාව්‍ය පහම ඇතුළුව චීන සම්භාව්‍ය ග්රන්ථ බොහෝමයක් කර්තෘ හෝ සංස්කරණය කිරීම සම්බන්ධයෙන් කොන්ෆියුසියස් සම්ප්‍රදායිකව ගෞරවයට පාත්‍ර වේ.
චීන සම්ප්රදායය සහ විශ්වාසයන් සහ කොන්ෆියුසියස්ගේ මූලධර්ම අතර සමානතාවයක් පැවතිණි.ප්‍රකට මූලධර්මයක්වූ "කිසිවෙක් ඔබට කරන බවට ඔබ අකමැති කිසිවක් අනෙකුන්හට නොකරන්න" යන, ස්වර්ණමය නීතිය ඔහු විසින් අනුමත කෙරිනි.