කුරුස යුද්ධ
From Wikipedia, the free encyclopedia
කුරුස යුද්ධයක් සඳහා එක් තනි අර්ථදැක්වීමක් පිළිබඳ හෝ කුමන විශේෂිත හමුදාමය මෙහෙයුම් එයට අඩංගු කල යුතුද යන්න පිළිබඳ හෝ ඉතිහාසඥයින්ට එකඟ විය නොහැකි මුත්, කුරුස යුද්ධ යන්නෙහි පුළුල්ම අර්ථදැක්වීම වන්නේ ප්රමුඛ ලෙසින් 11වන සහ 15වන සියවස් අතර සිදුවූ හා ලතින් සභාව විසින් මෙහෙයවූ ආගමික යුද්ධ මාලාවක් යන්න දැක්විය හැකිය.
කුරුස යුද්ධ යනු ජෙරුසලෙම තුල හා එය අවට ශුද්ධවූ ස්ථාන වෙත ක්රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, දෙවන අර්බන් පාප් වහන්සේ සහ කතෝලික සභාව විසින් පිරිනැමුණු ආශිංසනය ලත්, ආගමික කාර්ය සාධක යුද්ධ මාලාවකි. යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආබ්‍රහමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලෙම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.[1]
සෙල්ජුක් තුර්කිවරුන් විසින් 1071 දී බයිසැන්ටයින් යුද්ධ හමුදාව තීරණාත්මක ලෙසින් පරාජය කිරීමත් හා සමගම කුරුස යුද්ධ ඇතිවීමේ සිද්ධි මාලාව ඇරඹිණි. සමස්ත සුළු ආසියාව අභිඝාතයකට ලක්වේ යැයි, බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ පළමුවන අලෙක්සිස් බියට පත් විය .
කුරුස යුද්ධ යනු ක්‍රිස්තියානි යුරෝපයේ අභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ග්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.
කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.
කුරුස යුද්ධ සුවිශාල දේශපාලනික ආර්ථික හා සමාජයීය බලපෑමක් ඇතිකල අතර ඇතැම් බලපෑම් වර්තමානය දක්වාම බල පැවැත්වීය. ක්‍රිස්තියානි රාජධානි වල අභ්‍යන්තර ආරවුල් සහ දේශපාලනික බලපෑම් ඇතැම් කුරුස යුද්ධ ඒවායේ මුල් අරමුණින් බැහැර කරවීමට සමත් විය. ක්‍රිස්තියානි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගෙන බයිසැන්තින් අධිරාජ්‍යය වෙනීසිය සහ කුරුස යුධකරුවෝ අතර බෙදාගැනීමෙන් කෙලවර වූ හතරවැනි කුරුස යුද්ධය එබන්දකි. පාප් තුමාගේ නිල ආශිර්වාදය නොමැතිව ආරම්භවූ පළමු කුරුස යුද්ධය හයවැනි කුරුස යුද්ධය වූ අතර එමගින් පාප් වහන්සේ හැර වෙනත් නායකයන්ට ද කුරුස යුද්ධ ආරම්භ කළ හැකි බව තහවුරු විය.