From Wikipedia, the free encyclopedia
කවච් — කාලි ශක්තියොන් සේ (සිංහල: කවචය — අඳුරු බලවේගවලින්, සන්නාහය — අඳුරු බලවේගයන්ට එරෙහිව) හෙවත් පොදුවේ කවච් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ සීමිත සංත්රාසමය රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව කලර්ස් ටීවී නාළිකාවේ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වූ නාගින් නැමැති කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ මෝනා සිං, විවේක් දාහියා සහ සාරා ඛාන් යන නළු නිළි පිරිස විසිනි.[2] 2016 ජූනි මස 11වන දින විකාශය ඇරඹි මෙම කතාමාලාවේ අවසන් කථාංගය 2016 නොවැම්බර් 20 දින විකාශය විය.[3]
මෙලෙසද හැඳින්වේ | කවච් |
---|---|
ප්‍රභේදය | අධිස්වාභාවික ෆැන්ටසි ග්රාසජනක |
තැනුවේ | කලර්ස් ටීවී |
මත පදනම්ව | සාවිත්‍රි සහ සත්යවන්[1] |
අධ්‍යක්ෂණය කලේ | සන්ත්‍රම් වර්මා |
රඟපෑම | මෝනා සිං අර්ජුන් බිජ්ලානි විවේක් දාහියා සාරා ඛාන් ප්‍රීති ගුප්තා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 47 |
නිෂ්පාදක(යෝ) | ශෝභා කපූර් ඒක්තා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව ජෝධ්පූර්, රාජස්ථාන්, ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 44-55 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 11 ජුනි 2016 නොවැම්බර් 2016 | – 20
නිල වෙබ්අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් යන නිෂ්පාදිකාවන් දෙපළ විසිනි. එය ඔවුන්ගේ බාලාජි ටෙලිෆිල්ම්ස් නිෂ්පාදන ආයතනයේ සන්නාමය යටතේ නිපදවූවකි. කවච් නම් වූ මෙම කතාමාලාව දළ වශයෙන් සාවිත්‍රි සහ සත්යවන් නැමැති කථාව පාදක කරගෙන තැනූවකැයි සැලකේ. කථාවාර එකකින් සමන්විත මෙහි කථාංග 47ක් අන්තර්ගත විය.
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කැවුණු මෙම කතාමාලාව 2017 ජනවාරි 14 දින සිට සිරස ටීවී නාළිකාව ඔස්සේ ප්‍රේමායුධ යන නාමයෙන් විකාශය ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාව තුළ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය වීම සිදුවිය.
මෙම කතාමාලාවේ මුල් කථාංග නවය තුළ මහේක් චාහල් විසින් මංජුලිකාගේ චරිතය නිරූපණය කළ අතර,[10] සෙසු කථාංගවල එම චරිතය සාරා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙහි නටාෂා බූන්දේලාගේ චරිතය නිරූපණය කරන ප්‍රීති ගුප්තා විසින් මෙහි කථාංග 31ක චරිතය නිරූපණය සිදුකළා ය. අනතුරුව රේෂා කොන්කාර් විසින් එතැන් සිට එම චරිතය නිරූපණය කරන ලදී.
මෙම කතාමාලාව පාකිස්ථානය තුළ විකාශය ඇරඹියේ සති අන්තයේ දිනවල ප.ව. 9:10ට ය. (පාකිස්ථාන සම්මත වේලාව - PST) එය ෆිල්මේසියා නාළිකාව මගින් විකාශය කරන ලද්දේ[11] කලර්ස් ටීවී නාළිකාව හා සමගාමීව ය. දෙමළ බසින් හඬ කවන ලද මෙම කතාමාලාව මායා මෝහිනී යන නාමයෙන් විකාශය වූයේ ස්ටාර් විජේ නාළිකාව ඔස්සේ ය. මලයාලම් බසින් කවචම් ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව ඒෂියානෙට් නාළිකාවෙන් විකාශය විය. එසේම තෙලිඟු බසින් හඬ කවන ලද මෙම කතාමාලාව කාපාඩේ කවචම් යන නාමයෙන් MAA TV නාළිකාවෙන් විකාශය විය. සිංහල බසින් හඬ කවා ප්‍රේමායුධ ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව සිරස ටීවී නාළිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය ආරම්භ කරන ලද්දේ ජනවාරි 14 දින සිටයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.