ඉන්දියානු නළුවා From Wikipedia, the free encyclopedia
කරන්වීර් බෝහ්රා (උපත මනෝජ් බෝහ්රා, 30 අගෝස්තු 1982) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු, නිෂ්පාදකයකු සහ මෝස්තර නිර්මාණ ශිල්පියෙකි. ඔහු කසෞතී සින්දගී කේ, දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා?, කුබූල් හේ සහ නාගින් 2 වැනි රූපවාහිනී කතාමාලාවල ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. එසේ ම කිස්මත් කොනෙක්ෂන් සහ මුම්බායි 125 KM යන චිත්‍රපට සඳහා රංගන දායකත්වය සපයා ඇත. ඔහු ජලක් දිඛ්ලා ජා 6, ඛාත්‍රොන් කේ ඛිලාඩි දාර් කා බ්ලොක්බස්ටර් වැනි රියැලිටි වැඩසටහන් සඳහා ද සහභාගී වී තිබේ. මීට අමතරව බෝහ්රාහට පෙගාසස් නැමැති පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් ද වේ.
බෝහ්රා උපත ලැබූයේ 1982 අගෝස්තු 28 දින ඉන්දියාවේ ජෝධ්පූර්හි මාර්වාරි පවුලක ය.[1][8] ඔහු චිත්‍රපට නිෂ්පාදක මහේන්ද්‍ර බෝහ්රාගේ පුත්‍රයා වන අතර, නළුවකු සහ නිෂ්පාදකයකු වූ රාම්කුමාර් බෝහ්රාගේ මුණුපුරා ද වේ.[9][10] නිෂ්පාදක සුනිල් බෝහ්රා ඔහුගේ ඥාති සොහොයුරා වේ.[11] ඔහුට මීනාක්ෂි නැමැති සොයුරියක ද සිටියි.[12] ඔහු කෆ් පැරඩ්හි ජී. ඩී. සෝමානි අනුස්මරණ පාඨශාලාවට ඇතුළත් විය.[13] ඔහු චර්ච්ගේට්හි සිඩ්න්හැම් විද්‍යාලයේ ද සිසුවකු වේ.[14] බෝහ්රා, පණ්ඩිත් වීරු ක්‍රිෂ්ණන් යටතේ වසර දෙකක් කථක් නර්තන ශෛලිය හදාරා ඇත.[15][16]
2006දී බෙංගලූරුහි ශ්‍රී ශ්‍රී රවිෂංකර් ආශ්රමයේ දී[17][18] බෝහ්රා නිරූපිකාවක වූ තීජේ සිධු සමග විවාහ විය. ඇය ඔහුට වඩා වසර තුන හමාරක් පමණ වැඩිමහල් තැනැත්තියකි.[19] 2007දී, බෝහ්රා සිය නාමය මනෝජ් සිට කරන්වීර් ලෙස වෙනස් කළේ ය.[20] මුල්කාලීනව බෝහ්රා සහ ඔහුගේ බිරිඳ මුම්බායේ ආන්ධේරිහි ලෝඛාන්ඩ්වාලාහි වාසය කළහ.[21] 2014දී ඔහු මුම්බායි නගරබද දිස්ත්‍රික්කයේ පිහිටි ගොරේගාඔන් ප්‍රදේශය වෙත සංක්‍රමණය විය.[22] බෝහ්රා පරිසිදුකරීමේ සහ භාවනා වැඩසටහන් සඳහා දායක වී ඇත.[23][24]
2016 ජූනි මස බෝහ්රා සහ සිධු නිවේදනය කළේ තමන් සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි.[25] 2016 ඔක්තෝබර් 19 දින, බෝහ්රා සහ සිධු නිවුන් දියණියන් දෙපළකගේ මව්පියන් බවට පත්වූහ.[26]
බෝහ්රාගේ පළමු රංගන දායකත්වය වූයේ තෙජා (1990) චිත්‍රපටයේ නිරූපණය කළ ළමා චරිතයයි.[27] ඩීජේ’ස් ක්‍රියේටිව් යුනිට්හි නිර්මාණයක් වන ජස්ට් මොහබ්බත් කතාමාලාවේ කබීර්ගේ චරිතය ද නිරූපණය කළේ ඔහු විසිනි.[13][28] පසුව ඔහු බී. පී. සිංගේ සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරමින් රහස් පරීක්ෂක කතාමාලාවක් වූ C.I.D සඳහාත්, පසුව අචනක් 37 සාල් බාඩ් සඳහාත් සිය දායකත්වය සැපයී ය.[13] ඔහුගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය වූයේ රොනී ස්කෘවාලාගේ ෂරාරත් කතාමාලාවයි.[29] මෙහි දී ඔහු විසින් ධෲව් නම් චරිතය නිරූපණය කරන ලදී.[29] මීට අමතරව බෝහ්රා ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (2007) සහ කුසුම් (2008) යන කතාමාලාවල සුළු චරිත නිරූපණය කොට ඇත.[30] 2003දී, බෝහ්රා කසෞතී සින්දගී කේ කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණයට එකතු විය.[31] එහි දී ඔහු විසින් ප්‍රේම් බජාජ් නැමැති කිපෙනසුලු තරුණයාගේ චරිතය නිරූපණය කරන ලදී.[32] පසුව ඔහු සිය බොලිවුඩ් වෘත්තියෙන් ඉවත් විය.[33][34] 2008දී, බෝහ්රා විසින් ඒක් සේ බාධ්කාර් ඒත් වැඩසටහන මෙහෙයවන ලද්දේ ටීනා පරේඛ් සමගයි.[35] එම වර්ෂයේදී ම, බෝහ්රා සිය බිරිය වූ තීජේ සිධු සමග නාච් බාලියේ 4[36] වැඩසටහනටත්, සිය බිරිය හා ටීනා පරේඛ් සමග කභි කභී ප්යාර් කභි කභී යාර් වැනි රියැලිටි වැඩසටහන් සඳහාත් සහභාගී විය.[37]
2009දී, බෝහ්රා අසිස් මිර්සාගේ චිත්‍රපටයක් වූ කිස්මත් කොනෙක්ෂන්හි පසුබිම් චරිතයක් නිරූපණය කළේ ය. මෙහි දී ඔහු නිරූපණය කළේ දේව් කටාරියා නැමැති කෝපවනසුලු ව්‍යාපාරිකයකුගේ චරිතයකි.[38] බොලිවුඩ් හුංගාමා රසවින්දන ද්වාරයේ තරන් ආදර්ශ් ඔහුගේ රංගන ප්‍රතිභාව අගය කරමින් ලියා ඇත්තේ "බෝහ්රා හොඳින් රංගනයේ යෙදෙයි" යනුවෙනි.[39] 2011දී, බෝහ්රා රූපවාහිනී ක්ෂේත්රය වෙත සිය නැවත ආගමනය සනිටුහන් කරමින් දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා?[40] කතාමාලාවේ විරාජ් දොබ්‍රියාල් නැමැති මනෝව්‍යාධික පෙම්වතකුගේ චරිතය නිරූපණය කළේ ය.[41][42] මේ සඳහා ඔහු ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය[43] සහ ඍණාත්මක චරිතයක හොඳස නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම හිමි කරගත්තේ ය.[44] මෙම කතාමාලාව 2013 ජනවාරි 18 දින අවසන් විය.[45] දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? සමග සම්බන්ධව සිටි කාලයේම ඔහු, තරගකරුවකු ලෙස වෙල්කම් – බාසි මෙහ්මාන් නවාසි කි[46][47] නැමැති සූපවේදී රියැලිටි වැඩසටහන සහ ජලක් දිඛ්ලා ජා 6[48] නැමැති නර්තන රියැලිටි වැඩසටහන සඳහා සහභාගී විය. කෙසේනමුත්, ඔහු ජලක් දිඛ්ලා ජා තරගාවලියෙන් ඉවත් විය.[49]
සෞභාග්‍යවතී කතාමාලාව හා සම්බන්ධව සිටි කාලයේම බෝහ්රා සිය ප්‍රථම ප්‍රාදේශික පන්ජාබි චිත්‍රපටය වූ ලව් යූ සෝනියේ තුළ පෙනී සිටියේ සිය බිරිඳ වූ තීජේ සිධු සමගයි.[50] බෝහ්රා සහ සිධු යන දෙදෙනා විසින්ම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී.[51] 2013දී, ඔහු තෙලිඟු අධ්‍යක්ෂක හේමන්ත් මධුකාර්ගේ මුම්බායි 125 KM චිත්‍රපටයට රංගනයෙන් දායක වූයේ, වීණා මලික් සහ වේදිතා ප්‍රතාප් සිං සමගයි.[52] මෙම චිත්‍රපටය දේශීයව ඉන්දියානු රුපියල් කෝටි 1.65ක (ඇ.ඩො.260,000) ආදායමක් හිමි කරගත්තේ ය.[53] 2012 ජූනි මස, මෝස්තර නිර්මාණ ශිල්පී ඇමී බිල්මෝරියා සමග සහයෝගයෙන් පෙගාසස් නැමැති තමන්ගේම පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.[54] 2014 මාර්තු මස බෝහ්රා සහ ඔහුගේ බිරිඳ කාතොන් කේ ඛිලාඩි දාර් කා බ්ලොක්බස්ටර් සඳහා තරගකරුවන් ලෙස සහභාගී වූහ.[55][56][57] කෙසේනමුත්, මෙම රියැලිටි වැඩසටහනේ අවසානය තෙක් රැඳී සිටීමට ඔහු අසමත් විය.[58][59] 2014දී, බාලාජි ටෙලිෆිල්ම්ස්හි වාර්තා වැඩසටහනක් වූ ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් 4 වාරයේ දී නිවේදකයා ලෙසින් අභේ දියොල් විස්ථාපනය කරමින් බෝහ්රා සම්බන්ධ විය.[60][61] කෙසේනමුත්, 2015 මැයි මස බෝහ්රා මෙම වැඩසටහනෙන් ඉවත් වූයේ නිෂ්පාදකයින් විසින් වැඩසටහනේ වියදම් අඩු කිරීම සඳහා ඔහුගේ ගාස්තුව අඩු කරන්නට තීරණය කළ නිසායි.[62]
2014 අප්‍රේල් මස, බෝහ්රා සී ටීවී නාළිකාවේ කුබූල් හේ කතාමාලාවට දායක විය.[63][64] මෙහි දී ඔහු නිරූපණය කළේ ආහිල් රාසා ඊබ්‍රහිම් නැමැති උඩඟු, චංචල, පෙරළිකාර යතුරුපැදි ධාවකයකුගේ චරිතයකි.[65] 2015 මාර්තු මස, ඔහු කතාමාලාවෙන් ඉවත් වීමට තීරණය කළේ මෙම චරිතය දිගට ඇදී යන බව පවසමිනි.[66] නමුත්, පසුව ඔහු කතාමාලාවට යළි එක් වීමට තීරණය කළේ ය.[67] 2015 සී ස්වර්ණ සම්මාන උළෙලේ දී බෝහ්රා සහ සූර්බි ජ්‍යෝති හට තිරයේ හොඳම යුවළ සම්මානය පිරිනැමිණි.[68] පසුව 2015 ජූලි මස බෝහ්රාට කතාමාලාවෙන් ඉවත් වීමට සිදුවූයේ නිෂ්පාදන නිවස විසින් වසර 20ක් ඉදිරියට කථාපුවත නිරූපණයට තීරණය කළ නිසායි.[69] 2016 ජනවාරියේ දී කුබූල් හේ කතාමාලාව ද අවසන් විය.[70]
2016දී, ඔහු හමේ තුම්සේ ප්යාර් කිත්නා චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දායක විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ඔහු සමග ප්‍රියා බැනර්ජී සහ සමීර් කොඡාර් විසිනි. ලලිත් මෝහන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිෂ්පාදනය කළේ ඔහුගේ පියා වූ මහේන්ද්‍ර බෝහ්රා විසිනි.[71] 2016 ඔක්තෝබර් මස ඔහු නාගින් රූපවාහිනී කතාමාලාවේ රොකී නිකුංජ් චරිතය නිරූපණය කළේ ය. මෙහි ඔහු සමග සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළේ මෞනි රෝයි සහ අදා ඛාන් ය.[72]
මගින් මෙතෙක් මුදාහැර නොමැති චිත්‍රපට නිරූපණය වේ. |
මගින් මෙතෙක් විකාශය නොවූ රූපවාහිනී වැඩසටහන් සංකේතවත් කෙරේ. |
වර්ෂය | තේමාව | චරිතය | ආශ්‍රේ. |
---|---|---|---|
1999–2000 | ජස්ට් මොහබ්බත් | කබීර් | [77] |
2000 | C.I.D. | සහකාර අධ්යක්ෂ | [28] |
2000 | අචනක් 37 දාල් බාඩ් | සහකාර අධ්‍යක්ෂක | [28] |
2001 | ක්‍යුන්කි සාස් භි කභි බාහු ති | තුෂාර් රාකේශ් මෙහ්තා | [28] |
2004-2006 | ෂරාරත් | ධෲව් | [78] |
2004-2007 | කසෞතී සින්දගී කේ | ප්‍රේම් බාසු/යුදි | [79] |
2006-2007 | කුසුම් | නකුල් ඔබරෝයි | [28] |
2006 | පියා කේ ඝාර් ජානා හේ | අල්තාෆ් | [30] |
2011-2013 | දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? | විරාජ් දොබ්‍රියාල් | [80] |
2014 | යේ හේ ආෂිකි (කථාංගය - 30 'උමාර්ගේ දැනීම') | රොහාන් | [81] |
2014-2015 | කුබූල් හේ | අහිල් රාසා ඊබ්‍රහීම් | [82] |
2016-වර්තමානය | නාගින් 2 | රොකී නිකුංජ් | [72] |
වර්ෂය | තේමාව | චරිතය/දායකත්වය | ආශ්‍රේ. |
---|---|---|---|
2006 | ඒක් සේ බාඩ්කාර් ඒක් | නිවේදක | [35] |
2008 | නාච් බාලියේ 4 | තරගකරු | [36] |
2008 | Mr. & Ms. TV | තරගකරු | [83] |
2008 | කභි කභී ප්යාර් කභි කභී යාර් | තරගකරු | [37] |
2013 | ජලක් දිඛ්ලා ජා 6 | තරගකරු | [84] |
2013 | වෙල්කම් – බාසි මෙහ්මාන් නවාසි කි | තරගකරු | [85] |
2014 | ඛාත්‍රොන් කා ඛිලාඩි දාර් කා බ්ලොක්බස්ටර් | තරගකරු | [86] |
2014 | ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් 4 | නිවේදක | [87] |
2015 | නාච් බාලියේ 7 | ආරාධිත තරගකරු | [88] |
2016 | බිග් බොස් 10 | ඔහු ලෙසම |
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය | ආශ්‍රේය(යන්) |
---|---|---|---|---|---|
2006 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නළුවා | කසෞතී සින්දගී කේ | නිර්දේශිත | [89] |
2012 | ඍණාත්මක චරිතයක හොඳම නළුවා | දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? | දිනාගති | [90] | |
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නළුවා | [91] | |||
2015 | සී ස්වර්ණ සම්මාන | හොඳම තිරයේ යුවළ (සූර්භි ජ්‍යෝති සමග) | කුබූල් හේ | දිනාගති | [68] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.