පාකිස්තානයේ පෙෂාවර් කෞතුකාගාරයේ ඇති බෞද්ධ කරඬුව From Wikipedia, the free encyclopedia
කණිෂ්ක කරඬුව හෙවත් කණිෂ්ක ධාතු කරඬුව යනුවෙන් හැඳින්වෙන්නේ රන් ආලේපිත තඹවලින් නිර්මාණය කරන ලද බෞද්ධ ධාතු කරඬුවකි. මෙය ක්‍රි.ව. 127ට එනම්, කුෂාණ අධිරාජ කණිෂ්කගේ පළමු රාජ්‍ය වර්ෂයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. වර්තමානයේ මෙය පාකිස්ථානයේ පෙෂාවර් ඓතිහාසික නගරයේ පෙෂාවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
මෙය අනාවරණය කරගැනුණේ 1908-1909 අතර කාලයේ අනුස්මරණීය කණිෂ්ක ස්තූපයේ (7වන සියවසේ චීන බැතිමතුන්ට අනුව මෙය ඉන්දියාවේ පැවති උසින් වැඩිම ස්තූපය විය) ධාතු ගර්භයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් කටයුතු වලිනි. මෙම ස්තූපය පෙෂාවර් අසල ෂා-ජි-ධේරී නම් ප්‍රදේශයේ පිහිටා තිබිණි. මෙහි තිබී බුදුන් වහන්සේගේ ධාතූන් කොටස් තුනක් හමු විය.[1] මෙම කැනීම්වලින් පසුව බ්‍රිතාන්‍ය රජය විසින් එම ධාතූන් බුරුමය වෙත ප්රදානය කරන ලදී.[2] එම ධාතූන් තවමත් බුරුමයේ දැකගත හැක.
වර්තමානයේ මෙම කරඬුව පෙෂාවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එහි අනුරුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ද තබා ඇත. මෙම කරඬුව කැපකොට ඇත්තේ ඛරෝෂ්ඨි බසිනි. එහි ඇති අභිලේඛනය පහත පරිදි වේ:
මුලින් විශ්වාස කෙරුණේ මෙහි පාඨය එය නිර්මාණය කළ තැනැත්තා විසින් සටහන් කරන්නට ඇති බවයි. එම තැනැත්තා ඒජිසිලස් නම් ග්‍රීක කලාකරුවකු බවත් ඔහු විසින් කණිෂ්කගේ ස්තූප නිර්මාණය අධීක්ෂණය කළ බවත්, එමගින් බෞද්ධ උපලබ්ධියක් සහිත ග්‍රීකයන් පසුකාලීන විසූ බවටත් ඍජු සාධක ලබාදෙතැයි පැවසිණි: "කණිෂ්කගේ මහාසේනා ආරාමයේ විහාර ඉදිකිරීම් අධ්‍යක්ෂක සේවක (දාස) ඒජිසලාඕස්" ("දාස අගිසල නව-කර්මි අන*කණිස්කස විහාර මහාසේනාස සංඝාරාමේ") ලෙස එය පැහැදිළි කෙරිණි. කෙසේනමුත් මෑතකාලීනව කරඬුවේ සිදුකළ පිරිසිදු කිරීම්වල දී පෙනීගොස් ඇත්තේ එම කියැවීම් නිරවද්‍ය නොවන බවයි. ඒ වෙනුවට එම නාම අග්නිසාලා ලෙස කියැවිය යුතු බව සනාථ විය. එහි අර්ථය විහාරයේ දානශාලාව යන්නයි.[4]
කරඬුවේ පියනෙහි පද්මාසනයක් මත වැඩ හිඳින බුදුන්ට බ්‍රහ්ම සහ ඉන්ද්‍ර දෙවිවරුන් වන්දනාමාන කරන අයුරු නිරූපිත ය.
පියනේ දාරය පියාඹන පාත්තයින් හෝ හංස රූ වලින් විසිතුරු කොට ඇත. එමගින් ආත්මය හැර දැමීම සහ සංසාරයෙන් මිදීම සංකේතවත් කෙරේ. ඇතැම් හංසයින්ගේ හොටවල්වල විජයග්‍රහණය සංකේතව්ත කෙරෙන මල් දම් කැටයම් කොට ඇත.
කරඬුවේ බඳෙහි කණිෂ්ක යැයි සිතිය හැකි කුෂාණ රජකුගේ රුවක් සහ ඔහුට දෙපසින් ඉරානියානු හිරු දෙවියන් සහ සඳ දෙවියන්ගේ රූ දැකගත හැක. පැතිවල හිඳගත් බුද්ධ රූප දෙකක් සහ ඒවාට වන්දනාමාන කරන රාජකීය රූ දැකගත හැක. මෙම රාජකීය රූ බොහෝවිට බෝධිසත්ත්ව රූ විය හැක.
මෙම දර්ශනය වටා දර්ශීය හෙලනිස්තික ශෛලියෙන් යුත් දේවතා රූ ආධාර කරගත් මාලා දාමයක් දැකගත හැක.
බ්‍රිතාන්‍ය රජය විසින් කරඬුව තුළ වූ ධාතූන් ඒවායේ ආරක්ෂාව පිණිස බුරුමය වෙත ප්රදානය කරන ලදී. වර්තමානයේ මෙම ධාතූන් වහ්නසේලා මණ්ඩලේ නුවර තැන්පත් කොට ඇත. මෙම අස්ථි කොටස් ත්‍රිත්වය ගෞතම බුදුන් වහන්සේගේ සැබෑ ධාතූන් යැයි විශ්වාස කෙරේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.