From Wikipedia, the free encyclopedia
කණිකා මහේෂ්වරී (උපත 24 අප්‍රේල් 1981) යනුවෙන් හඳන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී රංගන ශිල්පිණියකි. ඇය ප්‍රසිද්ධියට පත්වූයේ කහානි ඝාර් ඝාර් කී, රාජා කි ආයේගි බරාත්, කභි ආයේ නා ජුදායි, විරාසත්, ගීත් - හුයි සබ්සේ පරායි සහ දියා ඕර් බාති හම් වැනි රූපවාහිනී කතාමාලාවල චරිත නිරූපණය කිරීමෙනි. දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂිගේ චරිතය නිරූපණය වෙනුවෙන් කණිකා 2012 සහ 2013 වර්ෂවල සී ස්වර්ණ සම්මාන උළෙලවල දී සහ 2012 ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ දී ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා හිමි සම්මානය දිනාගත්තා ය.
කණිකා මහේෂ්වරී | |
---|---|
උපත | 24 අප්‍රේල් 1981 අලිගාර්[1] |
ජාතිකත්වය | ඉන්දියානු |
උගත් ශාස්ත්‍රාලය | චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ ආසියානු ඇකඩමිය |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2001-වර්තමානය |
කලත්‍රයා(යන්) | අංකුර් ඝායි (2012-වර්තමානය)[2][3] |
දරුවන් | 1 |
වෙබ් අඩවිය | kanikamaheshwari.com/ |
දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂි රාතිගේ චරිතය නිරූපණය හේතුවෙන් කණිකා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූවා ය.මීට අමතරව ඇය ඉන්ඩියා කෝලිං, සෞර්යා ඕර් සුහානි, ශ්‍රී ආදි මානව්, දිල් මිල් ගයියේ, රේත්, කාව්‍යාංජලි, ඒක් ලඩ්කි අන්ජානි සි, පියා කා ඝාර් වැනි රූපවාහිනී කතාමාලා සඳහා දායක වී ඇත. එසේම ඇය සාන්ජ් සවේරා නම් ටෙලිචිත්රපටයට ද සිය රංගන දායකත්වය ලබා දී ඇත.
ඉන්දියානු රූපවාහිනියේ නිළියක වන කණිකා වසර කිහිපයක් තුළ විවිධත්වයකින් යුත් චරිත ගණනාවක් නිරූපණය කරමින් ප්‍රසිද්ධියට පත්වූවා ය. ඇය උපත ලැබූයේ අලිගාර්[1] ප්‍රදේශයේ ය. පසුව ඇගේ දෙමාපියන් ඇය සමග නව දිල්ලියේ වාසයට පැමිණ තිබේ. කණිකා ඇගේ දෙමාපියන්ගේ එකම දරුවා ද වේ. කණිකා හැමවිටම ඇගේ පවුල සමගින් දිවි ගෙවන්නට වූවා ය. සිය උපාධිය ලබා ගුනීමෙන් පසුව, රංගන ක්ෂේත්රයට පිවිසීමට ප්‍රථම ඇය වාස්තු ශාස්ත්‍රය සහ වර්ණ චිකිත්සාව හැදෑරුවා ය. ඇකඩමියේ දී ඇය අභිවාහ්‍ය කලා උගත් අතර, සිය දක්ෂතා හඳුනා ගැනීමට සමත් වූවා ය. මුම්බායිහි ඇගේමා නාමයක් ගොඩනගා ගැනීමට ඇගේ ගුරුවරුන් සහ උපදේශකයින් විසින් ඇයව ධෛර්යමත් කරවන ලදී. ඇය රංගන ක්ෂේත්රය තුළ ඇගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට සමත් වූවා ය. කණිකාගේ වසර කිහිපයක රංගන දිවිය සම්මාන හිමි කරගැනීමට සමත් වූ චරිත කිහිපයකින් වර්ණවත් විය. ඇය ඇගේ දැඩි කැපවීම සහ කාලයට අනුව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රකට වූවා ය. ඇගේ විජයග්‍රාහී ස්වභාවය ඇගේ දිවියට නව මානයන් රැගෙන එන ලදී.[1]
2012 ජනවාරි මස කණිකා ව්‍යාපාරිකයකු වූ අංකුර් ඝායි සමග විවාහ වූවා ය. 2013 නාච් බාලියේ 6 රියැලිටි වැඩසටහන සඳහා ඇය සිය සැමියා වූ අංකුර් ඝායි සමග තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය.
වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2011–2016 | දියා ඕර් බාති හම් | මීනාක්ෂි රාති | |
රාජා කි ආයේගි බරාත් | භූමි කුමරිය | ||
කහානි ඝාර් ඝාර් කී | නීලිමා ගාර්ග් | [4] | |
විරාසත් | ජුහි ලම්බා | [4] | |
India Calling | ආමි | [5] | |
ෂෞර්යා ඕර් සුහානි | මල්ලිකා කුමරිය | [6] | |
ගීත් | සාෂා | ||
සාන්ජ් සවේරා | ටෙලිචිත්රපටයකි | ||
ශ්‍රී ආදි මානව් | |||
2007 | දිල් මිල් ගයියේ | මායා | |
රේත් | [4] | ||
කාව්‍යාංජලි | |||
ඒක් ලඩ්කි අන්ජානි සි | |||
පියා කා ඝාර් | මන්ත්රයින් | [4] | |
Lipstick | [5] | ||
හේයි...යෙහී තෝ හේ වෝ! | ෂහානා | [5] | |
F.I.R. | [5] | ||
සාත් සාත් | [5] | ||
කභි ආයේ නා ජුදායි | ආරම්භක චරිතයයි.[5] | ||
2013 | නාච් බලියේ 6 | අංකුර් ඝායි සමග තරගකාරිණියක ලෙස | |
දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ මීනාක්ෂි රාතිගේ චරිතය නිරූපණය වෙනුවෙන් මහේෂ්වරී පහත සම්මාන හිමි කරගත්තා ය.
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|
2013 | සී ස්වර්ණ සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති |
2012 | සී ස්වර්ණ සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති |
2012 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | දිනාගති |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.