From Wikipedia, the free encyclopedia
ඔගතා කෙන්සන් (尾形 乾山, 1663–1743) හෙවත් මුලින් ඔගතා ෂින්සෙයි (尾形 深省) ලෙස හඳුන්වන ලද්දේ ජපන් කුඹල් ශිල්පියකු සහ චිත්‍ර ශිල්පියෙකි.[1] ඔහුව ෂිසුයි යන ව්‍යාජ නාමයෙන් ද හැඳින්වේ.
ඔගතා කෙන්සන් උපත ලැබූයේ කියෝතෝවේ ධනවත් වෙළඳ පවුලක ය.[2] ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූයේ ප්‍රකට චිත්‍ර ශිල්පියකු වන ඔගතා කෝරින් (1658–1716) ය. කෙන්සන් නොනොමුරා නින්සෙයි නම් කුඹල් ශිල්පියා සමග අධ්‍යයන කටයුතු සිදුකළ අතර, තමන්ගේම මැටි බඳුන් නිෂ්පාදනාගාරයක් තනා ගැනීමට සමත් විය. 1712දී වංශවත් පුද්ගලයකු විසින් මෙම මැටි බඳුන් නිෂ්පාදනාගාරයට අනුග්‍රහ දැක්වූ අතර, ඔහු එය කියෝතෝවේ නැගෙනහිර ප්‍රදේශය වෙත රැගන ගියේ ය. මොහු ටොකුගාවා යුගයේ විසූ විශිෂ්ඨතම සිරිමැටි කලා ශිල්පීන්ගෙන් අයකු සේ සැලකේ. 1713දී ඔහු එදෝ ප්‍රදේශයේ පදිංචියට පැමිණි අතර, ඉන් අනතුරුව සිය දිවියේ සෙසු කාලය ද ගත කරන ලද්දේ එම ප්‍රදේශයේ ය.[2]
ඔගතා කෙන්සන් විසින් නිදහස් ලින්සල් පහරින් මෝස්තර යෙදූ තමන්ගේම මැටි බඳුන් නිර්මාණ සම්ප්රදායයක් ගොඩනගා ගත්තේ ය.[3] මෙහි දී තණකොළ, මල් කැකුළු සහ පක්ෂීන් වැනි රූප මෙම මැටි බඳුන් අලංකාරය සඳහා මෝස්තර ලෙස භාවිතා කරන ලදී. ඔහුගේ කලා කෘති ඒවායේ සැලසුම සහ හැඩය අතර ඇති මනා සබඳතාව හේතුවෙන් ඇගයුමට පත්ව ඇත. ඔහු නිතරම සිය සොහොයුරා වූ ඔගතා කෝරින් සමග සහයෝගයෙන් යුතුව කුඹල් ශිල්පයේ නියැළී ඇත. රින්පා කලා සම්ප්රදායයට එම නම හිමිවූයේ ද ඔහුගේ සොහොයුරාගේ නම ආශ්රයෙනි.
සිය වෘත්තිය ආරම්භයේ දී නරුතකිහි දී, ඔහු සතරැස් හැඩැති බඳුන් නිර්මාණයෙහි නියැළුණේ ය. එසේම පිටත සහ ඇතුළත වර්ණ ගන්වන ලද පියන් සහිත මංජුසා ද නිපදවී ය. කෙන්සන්ගේ ඒකවර්ණ සෙරමික් නිෂ්පාදන නිතරම පාහේ චාරුලේඛනවලින් සමන්විත අතර, ඒවා චීන තීන්ත සේදුම් චිත්‍ර කලාව සිහි ගන්වයි.[2]
1712 සිට ඔත්තාකි සිට නැවත පැමිණීමෙන් පසුව, ඔගතා කෙන්සන් ආහාර සඳහා භාවිත වූ බඳුන් නිමැවීම කෙරෙහි අවධානය යොසුකළේ ය. මෙහි දී ප්‍රධාන වශයෙන්ම කයිසෙකි සහ ජපන් තේ මංගල්යයතේ මංගල්‍යය සඳහා භාවිතා වන බඳුන් නිර්මාණය විය. මේ නිසා සෙරමික් බඳුන් විශාල වශයෙන් නිර්මාණය වූ අතර, ඉල්ලුම අනුව ඒවා නිර්මාණය කෙරිණි.[3] මැටි බඳුන් නිර්මාණයට අමතරව ඔගතා කෙන්සන් සිතුවම්කරණයේ ද නියැළී ඇති අතර, ඔහුගේ සිතුවම්වලින් බොහෝමයක් නිර්මාණය වූයේ ඔහුගේ අවසන් අවුරුදු පහ තුළ වීම විශේෂත්වයකි.[1]
බ්‍රිතාන්‍ය කලාගාර මැටි බඳුන් නිර්මාණ ශිල්පියකු වූ බර්නාඩ් ලීච් 1966දී ඔගතා කෙන්සන් පිළිබඳ ග්රන්ථයක් රචනා කළ අතර, එය Kenzan and his Tradition ලෙස නම්කෙරිණි. මෙය ප්‍රකාශයට පත් කරවන ලද්දේ ලන්ඩනයේ ෆේබර් ඇන්ඩ් ෆේබර් සමාගම විසිනි.
ඔගතා කෙන්සන්ගේ තෝරාගත් නිර්මාණ | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.