![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Emma_Watson_2013.jpg/640px-Emma_Watson_2013.jpg&w=640&q=50)
එමා වොට්සන්
එමා වොට්සන් හැරී පොටර් කතා මාලාවේ හමයිනිගේ චරිතය රඟපෑ නිලියයි / From Wikipedia, the free encyclopedia
ඉංග්‍රිසි ජාතික නිළියක් හා නිරූපණ ශිල්පිණියක් වන එමා චාලට් ඩුරේ වොට්සන් ( උපන් දිනය 1990 අප්‍රේල් 15) හැරිපොටර් චිත්‍රපට මාලාවේ (Harry Potter Film Series) හමායනි ග්‍රේන්ජර් (Hermione Granger) නම් චරිතයට පණපොවමින් ප්‍රසිද්ධියට පත් වූවාය. වයස අවුරුදු නවයේදී හමායනි චරිතයට පණපොවන වොට්සන් ඒ වන විටත් රගපා තිබුණේ පාසලේ නාට්‍යය වල පමණි. වසර 2001 සිට 2011 දක්වා ඇය හැරිපොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපට අටකට නිරූපණ දායකත්වය සැපයූවේ ඩැනියල් රැඩ්ක්ලිෆ් (Daniel Radcliffe) සහ රුපර්ට් ග්රින්ට් (Rupert Grint) සමගය. හැරිපොටර් චිත්‍රපට මාලාව තුල වොට්සන් දැක්වූ කෞෂල්‍යය ඇයට සම්මාන කිහිපයක් මෙන්ම පවුම් මිලියන 10 කට වඩා මුදලක් උපයා ගැනීමටද සමත් විය. ඇය සිය නිරූපණ දිවියේ මංගල දැක්ම ඉදිරිපත් කලේ 2009 වසරේ පැවැති බ්බරිගේ (Burberry) සරත්/ ශීත ව්‍යාපාරයේදීය.
එමා වොට්සන් | |
---|---|
![]() එමා වොට්සන්, 2013 කෑන් චිත්‍රපට උළලේදී | |
උපත | එමා චාලට් ඩුරේ වොට්සන්[1] 15 අප්‍රේල් 1990 (1990-04-15) (වයස 34) පැරිසිය, ප්‍රංශය |
රැකියාව | නිළිය , නිරූපණ ශිල්පය |
සක්‍රීය වසර | 2001–present |
වෙබ් අඩවිය | emmawatson.com/ |
වසර 2007 දි වොට්සන් තම දායකත්වය සැපයෙන නිශ්පාදන දෙකක් පිළිබද ප්‍රකාශයට පත්කළාය. ඒවා නම් බැලට් ෂූස් නවකථාව (Ballet Shoes(novel)) පදනම් කරගත් රූපවාහිනී නිර්මාණය හා ද ටේල් ඔෆ් ඩෙස්පරයස් නම් වු සජීවීකරණ චිත්‍රපටයයි. වසර 2007 දෙසැම්බර් මස 26 වන දින බැලට් ෂූස් චිත්‍රපටය (Ballet Shoes(film)) මිලියන 5.2 තරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ විකාශනය කරණ ලදී. කේට් ඩිකැමිලෝ (Kate DiCamillo) ගේ නවකථාවක් (novel) ඇසුරෙන් නිර්මාණය වූ ද ටේල් ඔෆ් ඩෙස්පරයස් (The Tale of Despereaux) වසර 2008 දී නිකුත් කල අතර එය ලොවපුරා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 86 ක් ඉක්මවාගිය විකුණුම් ප්‍රමාණයක් වාර්තා කරණ ලදී.