ඊජිප්තුවේ දහනවවන රාජවංශය
From Wikipedia, the free encyclopedia
පුරාතන ඊජිප්තුවේ දහනවවන රාජවංශය (රාජවංශය XIX)[1] යනු ඊජිප්තු නව රාජධානියේ එක් යුගයකි. පාරාවෝ හොරෙම්හෙබ් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කළ අමාත්‍ය Iවන රැම්සෙස් මෙම රාජවංශයේ ආදිකර්තෘ ලෙස සැලකේ. මෙම රාජවංශය වඩාත් ප්‍රචලිත වූයේ කනාන්හි මෙම රාජවංශය ලද යුධ ජයග්‍රහණ හේතුවෙනි.
මුල්කාලීන 18වන රාජවංශයේ රණකාමී රජවරුනට අසල්වැසි රාජධානිවලින් එල්ලවූයේ සුළු ප්‍රතිරෝධයකි මේ නිසා සිය ආධිපත්‍යය පහසුවෙන් පැතිරවීමට ඔවුනට හැකි විය. 18වන රාජවංශයේ අවසානය වන විට මෙම තත්ත්වය බෙහෙවින් වෙනස් විය. හිටයිට්වරුන් ක්‍රමිකව සිරියාව සහ කනාන් වෙත සිය ආධිපත්‍යය පතුරුවාලූයේ අන්තර්ජාතික දේශපාලනයේ බලවතකු බවට පත්වීමටයි. Iවන සෙටි සහ ඔහුගේ පුත් IIවන රැම්සෙස්ට මේ සඳහා මුහුණදීමට සිදු විය.