ඉන්දු-ආර්ය භාෂා
ඉන්දියානු උපමහාද්වීපයේ ආර්ය භාෂා පිළිබඳව / From Wikipedia, the free encyclopedia
ඉන්දු-ආර්ය හෙවත් ඉන්දු භාෂා යනු ඉන්දීය අර්ධද්වීපයේ ප්රමුඛ ම භාෂා පවුල යි. මේවා ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ඉන්දු-ඉරානීය භාෂාවල ශාඛාවකි. බිලියන 3ක් පමණ වූ ඉන්දු-යුරෝපීය බස් වහරන්නන්ගෙන් බිලියන 1.5ක් ම පමණ ඉන්දු-ආර්ය කථිකයෝ ය. මෙබස් ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ වැහැරුණ ද යුරෝපයේ සහ මැද පෙරදිග ද සුළු වශයෙන් සොයාගත හැක.
Quick Facts ඉන්දු-ආර්ය, භූගෝලීය පැතිරීම: ...
ඉන්දු-ආර්ය | |
---|---|
ඉන්දීය | |
භූගෝලීය පැතිරීම: | දකුණු ආසියාව |
භාෂාමය වර්ගීකරණය: | ඉන්දු-යුරෝපීය
|
මූල-භාෂාව: | ප්රාග්-ඉන්දු-ආර්ය |
අතුරු බෙදීම්: |
දර්දික
උතුරු කලාපය
වයඹදිග කලාපය
බටහිර කලාපය
මධ්‍යම කලාපය
නැගෙනහිර කලාපය
දකුණු කලාපය
(the W, C, and E zones all include languages traditionally counted as dialects of Hindi)
|
ISO 639-2 සහ 639-5: | inc |
මෙම 1978 සිතියමින් ඉන්දු-ආර්ය භාෂාවල භූගෝලීය පැතිරීම පෙන්වයි. (උර්දු හින්දි යටතේ දක්වා ඇත. රෝමානි, දොමාරි, හා ලොමාව්‍රෙන් මෙම සිතියමේ අන්තර්ගත නැත.) තිත්/ඉරි ප්‍රදේශ බහුභාෂිකත්වය සාමාන්‍ය වන පෙදෙස් ය.
මධ්‍යම
දර්දික
නැගෙනහිර
උතුරු
වයඹදිග
දකුණු
බටහිර |
Close
කථික සංඛ්‍යාවෙන් විශාලතම බස් පිළිවෙලින් හින්දුස්ථානී (හින්දි-උර්දු, මිලියන 329ක් පමණ),[1] බෙංගාලි (මිලියන 242),[2] පංජාබි (මිලියන 100ක් පමණ),[3] ඉන්පසු අනෙක් බස්, 2005 ඇස්තමේන්තුවට අනුව මුලු දේශීය කථික ප්‍රජාව මිලියන 900ට ආසන්න වෙයි.[4]