ආලෝක-වර්ෂය
From Wikipedia, the free encyclopedia
ආලෝක-වර්ෂයක් (හෝ ආලෝක වර්ෂයක්, කෙටි යෙදුම: ly[1]) යනු, අවිධිමත් ලෙසින් තාරකාවිද්‍යාත්මක දුරවල් දැක්වීමට භාවිතා කෙරෙන දිග මැනීමේ ඒකකයකි. එය දළ වශයෙන් පෙටාමීටර 9 ක් හෝ, 9 කිලෝමීටර ට්‍රිලියනයක් (හෝ සැතපුම් ට්‍රිලියන 6ක් පමණ) වෙයි.[note 1] ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය (IAU) විසින් අර්ථ දක්වා ඇති පරිදී, අලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වසරක් (දින 365.25) තුලදී රික්තයක් තුල අලෝකය ගමන් කරන දුර වෙයි .[2] එය සඳහා වර්ෂය, යන පදය ඇතුලත් නිසා ඇලෝක-වර්ෂය සමහරවිට කාලයෙහි ඒකකයක් ලෙස වරදවා අර්ථකථනය කෙරෙයි.