අලවි මවුලානා
From Wikipedia, the free encyclopedia
සෙයිඩ් අහමඩ් සෙයිඩ් අලවි මවුලානා (1932 ජනවාරි 1- 2016 ජූනි 15) [1] ශ්‍රී ලාංකේය දේශපාලනඥයෙකි, ඔහු 1948 දී වෘත්තීය සමිතිවාදියෙකු ලෙස දේශපාලනයට පිවිසියේය. 2002 පෙබරවාරි 01 දින වැඩ භාරගත් ඔහු බස්නාහිර පළාතේ 5 වැනි ආණ්ඩුකාරවරයා විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්, කම්කරු කැබිනට් අමාත්‍යවරයෙක් සහ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වූ අතර සමාජ හා ආගමික සේවකයෙකු ද විය. ඔහු 2009 දී සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.[2] [3]
Quick Facts 5th Governor of Western Province, පූර්වප්‍රාප්තිකයා ...
5th Governor of Western Province | |
---|---|
තනතුර දරමින් 1 February 2002 – 23 January 2015 | |
පූර්වප්‍රාප්තිකයා | Pathmanathan Ramanathan |
අනුප්‍රාප්තිකයා | K. C. Logeswaran |
Acting Governor of Sabaragamuwa | |
තනතුර දරමින් 12 May 2009 – 5 July 2009 | |
පූර්වප්‍රාප්තිකයා | Mohan Ellawala |
අනුප්‍රාප්තිකයා | Janaka Bandara |
Minister of Labour | |
තනතුර දරමින් 2001–2002 | |
ජනාධිපතිවරයා | Chandrika Kumaratunga |
පුද්ගලික තොරතුරු | |
උපත | Seyed Ahmed Seyed Alavi Mowlana 1 ජනවාරි 1932(1932-01-01) Sri Lanka |
විපත | 15 June 2016(2016-06-15) (වයස 84) Colombo, Sri Lanka |
දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
වාසස්ථාන | Dehiwela |
උගත් ශාස්ත්‍රාලය | St Peter's College Zahira College |
වෘත්තිය | Trade Unionist |
Close