From Wikipedia, the free encyclopedia
අම්මා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු සංත්‍රාස, අපරාධ නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2016 ජූනි 25 දින වන අතර, සී ටීවී නාළිකාව ඔස්සේ එය විකාශය කෙරේ. මෙම රූපවාහිනී කතාමාලාව නිර්මාණය කරන ලද්දේ ෆර්හාන් පී. සම්මා විසිනි.[1] සිකුරාදා සිට ඉරිදා දක්වා විකාශය වන මෙම කතාමාලාව පුරා පැයක් විකාශය වේ.[2] මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ මුම්බායි පාතාල නායිකාවක ලෙස ප්‍රකට ජෙනාබායි දරුවාලිගේ දිවිය යැයි විශ්වාස කෙරේ.[3] මෙම කතාමාලාවේ කථා පුවත රචනා කරන ලද්දේ ආලෝක් උපධ්‍යාය විසිනි. මෙහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ද ෆර්හාන් පී. සම්මා ය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ අසීෆ් ෂෙයික් සමග ෆර්හාන් පී. සම්මා විසින් සෝල්ට් මීඩියා LLP යන සන්නාමය යටතේ ය. සෝල්ට් මීඩියා LLP සමාගමේ නිෂ්පාදනයක් වුව ද, මෙය බෙදාහරිනු ලබන්නේ සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් ආයතනය විසිනි. මෙය සඳහා පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයයි.
ප්‍රභේදය | අපරාධ සංත්‍රාස නාට්‍ය |
---|---|
තැනුවේ | ෆර්හාන් පී. සම්මා |
රචනය කලේ | ආලෝක් උපධ්‍යාය |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | ෆර්හාන් පී. සම්මා |
රඟපෑම | පහළ බලන්න |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 01 |
කථාංග ගණන | 28 (2016 සැප්තැම්බර් 25 වන විට) |
නිෂ්පාදක(යෝ) | සෝල්ට් මීඩියා LLP (අසීෆ් ෂෙයික්, ෆර්හාන් පී. සම්මා) |
ස්ථානය(න්) | මුම්බායි, ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
නිෂ්පාදන සමාගම | සෝල්ට් මීඩියා LLP |
බෙදාහරින්නා | සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් |
මුල් නාලිකාව | සී ටීවී |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 25 ජුනි 2016 | – වර්තමානය
වෙබ් අඩවිය |
මෙම රූපවාහිනී කතාමාලාවේ එක් පරම්පරාවක ඉදිරියට මෙම කථාව ගලා යන තෙක් මෙම කතාමාලාවේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය සඳහා ඌර්වෂි ෂර්මා නම් නිළිය යොදා ගැනිණි. වර්තමානය වන විට එහි ප්‍රධාන නායිකා චරිතය නිරූපණය කරනු ලබන්නේ ෂබානා අස්මි විසිනි.[4] මෙම කතාමාලාවේ ෆයිසාල් කුරේෂිගේ චරිතය නිරූපණය කරන්නේ අෂ්මිත් පටෙල් විසින් වන අතර, යුවිකා චෞධරි විසින් ප්‍රධාන කථා නායිකාවගේ දියණිය වන රෙහානා ෂෙයික්ගේ චරිතය නිරූපණය කරනු ලබයි.
මෙම රූපවාහිනී කතාමාලාව මගින් දිග හැරෙන්නේ දශක පහක කාලයක් පුරා මුම්බායි නගරයේ පාතාල රැජිනියක ලෙස කටයුතු කළ ජෙනාබායි දරුවාලි නැමැති තැනැත්තියගේ ජීවන පුවතයි.[2] මීට අමතරව මෙමගින් අම්මාගේ දියණිය වන රෙහානා සහ අම්මාගේ විශ්වාසවන්ත මිනිසකු වන ෆයිසාල් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාව ද නිරූපණය වේ. ඔවුනට විවිධ බාධා සහ පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදුවන අතර, එමගින් අම්මා ඔවුන්ගේ සම්බන්ධයට ඉඩ ලබාදෙන්නී ය. කෙසේ හෝ ඔවුනට විවාහ වීමට අවස්ථාව හිමි වේ. මීට අමතරව මෙම කතාමාලාව තුළින් තවත් අතුරු පෙම් පුවතක් ද දිග හැරෙයි. එනම් රෙහානාගේ සොයුරිය වන සරස්වතී සහ ඇගේ පාසල් සගයකු වන අතුල් අතර ඇති වන පෙම් සබඳතාවයයි. ඔවුන්ගේ මෙම සම්බන්ධතාව පිළිබඳ දැන ගැනීමෙන් පසු අම්මා ක්‍රියා කරන ආකාරය ප්‍රධාන වශයෙන්ම කථාවේ ඉතිරි කොටස මගින් දිග හැරේ.!!!!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.