අභ්‍යාවකාශගාමියා
From Wikipedia, the free encyclopedia
අභ්‍යාවකාශගාමියෙකු (හෝ ගගනගාමියෙකු) යනු, අභ්‍යාවකාශ යානයකට අණදීමට, නියැමුවීමට හෝ, පිරිස් සාමාජීකයෙකු ලෙසින් සේවය කිරීමට, මිනිසුන් සහිත අභ්‍යාවකාශ පියාසැරි වැඩසටහනක් විසින් පුහුණුකරනු ලැබූ අයෙකි. වෘත්තීමය අභ්‍යාවකාශ සංචාරකයන් හැඳින්වීමට, මෙම පද සාමාන්‍යයෙන් වෙන් කර ඇතත්, විද්‍යාඥයින්, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සංචාරකයින් ඇතුළු, අභ්‍යාවකාශයට අවතීර්ණ වන ඕනෑම අයෙකු හැඳින්වීමට මෙම පද සමහර විටෙක භාවිතා වෙයි.[1][2]
1950 ගණන් වලදී ඇරඹී එකල සිට 2002 වසර දක්වා, අභ්‍යාවකාශගාමීන් වෙත අනුග්‍රාහකත්වය සැපයීම සහ පුහුණුව සැලසීම අනන්‍ය වශයෙන් සිදු කෙරුනේ, හමුදා හෝ සිවිල් අභ්‍යාවකාශ කාර්යාංශයන් හරහා රජයයන් විසිනි. 2004 වසරෙහිදී, පෞද්ගලික අරමුදල් සැපයුනු ස්පේෂ්ෂිප්වන් වෙතට අයත් උපකාක්ෂික පියාසැරි ඇරඹෙත්ම, නව වර්ගයක අභ්‍යාවකාශගාමීන් නිමැවිණි: එනම් වාණිජ අභ්‍යාවකාශගාමීන් වෙති.