ඉන්දියානු රූපවාහිනී නිළිය සහ නිරූපිකාව From Wikipedia, the free encyclopedia
අදා ඛාන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියක සහ නිරූපිකාවකි.[2][3][4][5] ඇයව ජනයා විසින් හඳුනාගන්නා ලද්දේ විවිධ වැඩසටහන්වල ඇය නිරූපණය කළ චරිත නිසාවෙනි. මේ අතරට බෙහෙනෙයින්හි ආකාශි, අම්රිත් මන්තන්හි රාජ්කුමාරී අම්රිත්,[6][7][8] පියා බසන්ති රේහි පියා, නාගින්හි ශේෂා[9][10] සහ පර්දේස් මේන් හේ මේරා දිල්හි ආහනා යන චරිත ප්රධාන වේ.
ඇය සිය රංගන දායකත්වය සැපයූ රූපවාහිනී කතාමාලා ලෙස පලම්පූර් එක්ස්ප්රස්, බෙහෙනෙයින්, අම්රිත් මන්තන්, යේ හේ ආෂිකි, සාව්ධාන් ඉන්ඩියා @ 11, ක්රයිම් පෙට්රල්, පියා බසන්ති රේ, Code Red, මෙරි ආෂිකි තුම් සේ හි, පර්දේස් මේන් හේ මේරා දිල් සහ නාගින් යන කතාමාලා ප්රධාන වේ. මීට අමතරව, ඇය වෙල්කම් 2 – බාසි මෙහ්මාන් නවාසි කි, ද ග්රේට් ඉන්ඩියන් ෆැමිලි ඩ්රාමා, කොමඩි නයිට්ස් විත් කපිල්, කොමඩි නයිට්ස් බචාඕ, ජලක් දිඛ්ලා ජා රීලෝඩඩ් සහ කොමඩි ක්ලාසස් වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.
ඛාන් සිය ජීවිකාව ආරම්භ කළේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ය.[11] අනතුරුව ඇය වෙළඳ දැන්වීම් කිහිපයක් සඳහා පෙනී සිටියා ය.[12][13][14] ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ සෝනි ඉන්ඩියා නාළිකාවේ පාලම්පූර් එක්ස්ප්රස් නැමැති රූපවාහිනී වැඩසටහන ඔස්සේ ය.[15] 2010දී, ඛාන් විසින් ස්ටාර් ප්ලස් නාළිකාවේ විකාශය වූ බෙහෙනෙයින් රූපවාහිනී කතාමාලාවේ ආකාශි නැමැති සහාය චරිතයක් නිරූපණය කළා ය.[16][17] මීට අමතරව ඇය විසින් යේ හේ ආෂිකි,[18][19] Crime Patrol, Code Red සහ සාව්ධාන් ඉන්ඩියා @ 11 යන කතාමාලාවල කථාංගීය චරිත නිරූපණයෙන් දායක වී තිබේ.[20] ලයිෆ් ඕකේ රූපවාහිනී නාළිකාවේ විකාශය වූ අම්රිත් මන්තන් නැමැති රූපවාහිනී කතාමාලාවේ එන රාජකුමාරී අම්රිත් කොවුර් නැමැති වීරවරියගේ චරිතයට ද ඇයව තෝරාගැනිණි.[21][22] මීට අමතරව ඇය වෙල්කම් 2 – බාසි මෙහ්මාන් නවාසි කි නැමැති රියැලිටි වැඩසටහන සඳහා ද සහභාගී වී තිබේ.[23] 2014දී, ඇය විසින් සෝනි පැල් රූපවාහිනී නාළිකාවේ විකාශය වූ පියා බසන්ති රේ කතාමාලාවේ පියා නැමැති චරිතය නිරූපණය කරන ලදී. කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනය විසින් නිෂ්පාදිත සුප්රකට නාගින් රූපවාහිනී කතාමාලාවේ ප්රධාන චරිතයක් වූ ශේෂා නාගිනියගේ චරිතය ද නිරූපණය කළේ ඛාන් විසිනි. එසේම ඇය කලර්ස් ටීවී නාළිකාවේ කොමඩි නයිට්ස් බචාඕ සඳහා ද දායක වූවා ය. 2016දී බොක්ස් ක්රිකට් ලීගය - 2වන වාරය සඳහා ඇය ජායිපූර් රාජ් ජෝෂිලේ කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කළා ය.
වර්ෂය | සම්මානය | ප්රවර්ගය | චරිතය | වැඩසටහන | ප්රතිඵලය |
---|---|---|---|---|---|
2011 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්රියතම බෙහෙන් | ආකාශි | බෙහෙනෙයින් | නිර්දේශිත |
2013 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය (ජූරියේ) | අම්රිත් | අම්රිත් මන්තන් | දිනාගති[28] |
2013 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය (ජනප්රිය) | අම්රිත් | අම්රිත් මන්තන් | නිර්දේශිත[29] |
2016 | ලයන්ස් ස්වර්ණ සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | ශේෂා | නාගින් | දිනාගති |
2016 | සී ස්වර්ණ සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | ශේෂා | නාගින් | දිනාගති |
2016 | සී ස්වර්ණ සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය (ජනප්රිය) | ශේෂා | නාගින් | නිර්දේශිත |
2016 | ඉන්ඩියා නිව්ස් සම්මාන | වසරේ ගැළපෙනම තරුව | ශේෂා/අදා ඛාන් | නාගින් | දිනාගති |
2017 | ඉන්දියානු කලාකාර් සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | ශේෂා | නාගින් | දිනාගති |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.